දවසට රු40 ට වැඩ කරලා අද Access Engineering PLC හි අධිපති ගේ කතාව . . .

“බලයයි ආදරයයි තිබ්බොත් මම තෝරාගන්නේ ආදරය”

දවසට රු40 ට වැඩ කරලා අද Access Engineering PLC හි අධිපති ගේ කතාව . . .
– දියුණුව ගැන හිතනවානම් අනිවාර්යයෙන්ම කියවන්න .

ධම්මික පෙරේරා

ලංකාවේ අංක එකේ කෝටිපතියාගේ ජීවිත කතාව.. පසුගියදා ලොව ප්‍රකට ෆෝර්බ්ස් ස`ගරාව හෙළිකර තිබුනේ ලංකාවේ මේවනවිට සිටින ධනවත්ම පුද්ගලයා ධම්මික පෙරේරා බවය. හේලීස් සමාගම,සම්පත් බැංකුව,පෑන් ඒෂියා බැංකුව,රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක වැඩිම කොටස් හිමිකරුවී සිටින ධම්මික නිසි කලට නිසි පරිදි ආයෝජනය කිරීමේ දක්ෂතාවය නිසා මහා පොහොසතෙකුවූ පුද්ගලයෙකි. ධම්මික පෙරේරා ධනවතකු බවට පත් වූයේ වාසනා මහිමය නිසාම […]

වසර හයදාහකට පෙර ගුවනින් බැබිලෝනියාවට ගිය හෙළයෝ

21 වැනි සියවසේ තාක්ෂණය (අනුන්ගේ) ගැන අද අපි උදම් අනමු. පොළොවෙන් යකඩ හාරා වානේ නිපදවා ඉදිකට්ටක් හෝ අල්පෙනෙත්තක් පවා නිපදවීමට අපගේ මෙම විද්‍යාඥයන්ට හා විශාරදයන්ට නොහැකි වී ඇත. එදා මී හරක් බාන හා නගුල ඇසුරින් බත නිපදවූ ගොවියා අද ඇමෙරිකන් (FAO) තාක්ෂණයට ගොස් රජරට වකුගඩු රෝගයක් සාදාගෙන 38,000 ක් මියගොස් 4 ලක්ෂයකට රෝගය වැළඳී ඇත. […]

ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි. දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ රසවත් කතා

සිරිලක අවසාන සිංහල නරපතියා වූයේ ක්‍රි ව 1707-1739 දක්වා කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය.මොහු දෙවන විමලධර්මසූරිය රජුගේ හා වත්තේගම වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කුමරියගේත් පුත්‍රයාය. මහනුවරින් පිටත කුණ්ඩසාලේහි රජවාසල පිහිටුවා ගත් බැවින් කුණ්ඩසාලේ රජ යන නමද ව්‍යවහාර විය. රජු සුරාව , ස්ත්‍රී ඇසුර ,විනෝදය අගය කළ කෙළිලොල් රජෙකු විය. ඒ නිසාම පොදු ජනයා […]

අන්දරේගේ සොහොන

කාෂ්ඨක අව්ව සුළං රැලි හා මුසුව හමා යන්නේ, ගත දවන උණුසුම් සුළඟක් ලෙසට ය. එනමුදු, අපි ඒ සුළං රැලි කපාගෙන, මහ ලේවාය පහුකරමින්, හම්බන්තොට සිට තිස්‌සමහාරාම පාරේ ඉදිරියට ගමන් ගතිමු. ඒ, උඩමලල ප්‍රදේශය සොයාගෙන ය. ඒ, මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවේ කවටයා විදිහටත්, ඔහුගේ අධිකාරම්වරයකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස […]

ලොව කැළඹු හමුදා අංශ

මේ දවස් වල ලෝකය දිහා බැලුවාම, ලෝකයේ රටවල් වැඩියෙන් ම බලාපොරොත්තු වෙන දෙයක් කියලා හිතෙනවා රටේ ආරක්ෂාව කියන දේ. න්‍යෂ්ටික අවි, ඩ්‍රෝන ප්‍රහාරක යානා, සාගරයේ ඇති ප්‍රබල යුධ නෞවකා, අධිවේගි යුධ ගුවන් යානා, සන්නද්ධ රථ වැනි දේවල් ගැන අද බොහො රටවල් අවධානය යොමු කරන්න පටන් අරන්. ඒත් මේ කිසිම දෙයකට කළ නොහැකි දේවල් තිබෙනව. ඇත්තටම කිව්වොත් මිනිසාගේ තියුනු මොළයෙන් කළ යුතු වන මෙහෙයුම්. හරියටම රහසිගත මෙහෙයුම් කිසිවෙකුටත් නොදැනි සතුරාගේ ප්‍රධාන කදවුරු වලට පහර දී සතුරා සම්පුර්ණයෙන් ම විනාශ කොට නැවත ආ හැකි තරමේ එවා. ඉතින් ලෝකයේ සෑම රටක්ම ඒ ගැන අවධානය පසුවෙනවා. ඒ නිසා තමයි පාබල,ගුවන් හා නාවික කියන හමුදා 3 ඇරුනාම ඉතා සුවිශේෂි පුහුණවක් යටතේ පුහුණ කළ හමුදා අංශයන් නිර්මාණය කරනු ලබන්නේ.

ඉතින් මේ ලිපියෙන් උත්සහ කරන්නේ එවන් හමුදා අංශ කිහිපයක් ඔබට හදුන්වා දීමටයි.

කැවුම් ගැන අතීත රස කතා

කැවුම් යනු සියවස් ගණනක අතීතයක් ඇති කෑමකි. මෙහි නාමයේ මුල සෙවීමේ දී, ‘කන දේ කැවුම්’ බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇත.වත්මනේ දී කැවුමේ වැදගත්කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේදී ය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ සඳහන්ව තිබේ. මේ එම කැවුම් ගැන ඇති අතීත රස කතා එක් කල ලිපියයි. Read more about කැවුම් ගැන අතීත රස කතා

මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාව

යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ […]

චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා

ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා‍ තමය‍ි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැ‍ටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා.

error: Content is protected !!