රුසියානු විප්ලවය – 1

රුසියානු විප්ලවය – ආරම්භය

රුසියානු විප්ලවය යනු ලොව අසිරිමත්ව සිදුවු විප්ලවයකි. ලෙනින් පැවසු පරිදි දේශපාලනය යනු විය නොහැකි දෙයහි කලාව බව පසක් කරමින් සමාජවාදි විප්ලවයක් මඟින් බලය අල්ලා ගැනීමට ඔහු සමත් විය. ඉතාලි ජාතික දාර්ශනිකයකු වු අන්තෝනියෝ ග්‍රාම්ස්චි පැවසුවේ රුසියානු විප්ලවය යනු කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියට එරෙහිව කල විප්ලවයක් බවයි. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව රුසියාව යනු විප්ලවයක් සිදු විය හැකි යැයි සිතිය හැකි රටක් නොවීය. කාල් මාක්ස් පවා සිතුවේ ජර්මනිය තුල සමාජවාදි විප්ලවයක් ඇති විය හැකි බවයි. එසේ වුවද 1917 ලෙනින් රැසියාව තුල සමාජවාදි විප්ලවයක් දියත් කර පාලන බලය අල්ලා ගන්නා ලදි. රුසියාවටම සුවිශේෂි වු කාරණා අනුව රුසියාව තුල විප්ලවයක් දියත් කිරීමට ලෙනින් සමත් විය. වසර ගණනාවක් පුරා සාර් ආණ්ඩුවේ දැඩි පීඩාකාරි බවින් මිදී ජීවත් විමට අවස්ථාවක් රුසියානුවිප්ලවය නිසා හැකි විය.

ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් සන්ධිස්ථානවලින් එකක් ලෙස රුසියානු විප්ලවය හඳුන්වා දිය හැක. 1917 රුසියානු විප්ලවය ගැන කතා කිරීමට පෙර අවුරුදු 370 පුරා රුසියාවේ පැවති සාර් රජවරුන්ගේ බලය ගැන කතා කළ යුතුය.එක්තරා අවදියක දී රුසියාව ගොඩබිමට කොටු වූ මුහුදට පිවිසීමට මාර්ගයක් නොමැති රාජ්‍යයක් ලෙස පැවතුණා. මහා පීටර් සහ කැතරින් රැජින ඉටු කරන ලද සේවය හේතු කොටගෙන මුහුදට පිවිසීමට තිබූ බාධාව ඉවත් කර ගැනීමට හැකි වුණා. ඔවුන්ට රුසියාවේ දේශ සීමාව වයඹ දෙසින් බෝල්ටික් කලාපය දෙසටත් , දකුණු දෙසින් කළු මුහුද දක්වාත් ව්‍යාප්ත කර ගැනීමට හැකි වූහ. ඊට අමතරව රුසියානු ගවේෂකයෝ නැගෙනහිරින් සයිබීරියාව දක්වා ළඟා වූ අතර එමගින් උතුරු ආසියාවේ විශාල භූමි ප‍්‍රමාණයක් ලබා ගැනීමටත් , නැගෙනහිර දේශ සීමාව පැසිපික් සාගරය දක්වා පුළුල් කර ගැනීමටත් ඔවුන්ට හැකි විය.

මෙම රාජ්‍යයේ විවිධ ජන කොටස් හා විවිධ ආගම් අදහන්නෝ ජීවත් වූහ. විෂමතාවලින් යුක්ත මේ ජන කොටස් පාලනය කර ගත හැකි වූයේ සාර්වරුන්ගේ ඒකාධිපති පාලනය නිසාය .බටහිර යුරෝපා රටවල් හා සසදද්දී රුසියාවේ ජීවන මට්ටම හොඳ තත්ත්වයක නොතිබුණි. ඔවුන්ගේ ජීවන මට්ටම ගොඩනගා ගැනීමට ආධාරවීමට සාර් පාලකයන්ගේ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණවත් වූයේ නැත. එයට හේතු වූයේ රුසියානුවන්ගේ නූගත්කමත් , බුද්ධිහීන බව සහ අන්ත දිළිඳු බවත්ය . දේශපාලන ක‍්‍රමයේ බලපෑම් නිසා රුසියානු ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවත් නරක අතට හැරුණා පමණි. මෙයින් ගොඩ ඒමට නොහැකි වූයේ ප‍්‍රධානියා වූ සාර්වරයා ඒකාධිපතියකු වූ අතර පීඩිත තත්ත්වයෙන් ගොඩඒමට කිසිදු කි‍්‍රයා මාර්ගයක් අනුගමනය නොකිරීමයි. සාර්වරයාගේ ඒකාධිපතිපාලනයට රටේ රදල ප‍්‍රභූවරුන් සහ පල්ලියද සහයෝගය දැක්වූහ. සාර්වරයාගේ පාලනය යටතේ පැවති ඕතඩොක්ස් පල්ලිය එහි පූජකවරුන් කි‍්‍රයා කළේ ඔහුගේ නියෝජිතයකු වශයෙන්ය. පළමු ඇලෙක්සැන්ඩර් සාර් (1801 – 1825 )  ලිබරල් වාදියකු ලෙස කටයුතු ආරම්භ කළ නමුත් පසුව උග‍්‍ර ප‍්‍රතිගාමියකු වූ මෙටර්නික්ගේ බලපෑමට යටත් විය. පළමු වන නිකලස් සාර් ( 1825 – 55 ) දරුණු පාලකයකු විය. ඔහු පුවත් පත් තහනම් කිරීම සහ පොලිසිය ලවා දරුණු වධ හිංසා පැමිණවිය. පෝලන්තයේ පවා ලිබරල්වාදි කැරලි ඇති වූ විට ඒවා දරුණු ලෙස මැඩලීය. එපමණක් නොව පෝලන්තයේ තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉවත්කොට එහි පාලනය සඳහා දරුණූ රුසියානු පාලකයෙක් යෙදවිය .

දෙවැනි ඇලෙක්සැන්ඩර් සාර් ( 1855 – 1881 )පළමු වන නිකලස් සාර්ගේ පුතා වන මොහු ප‍්‍රතිසංස්කාරක සාර් ලෙස හඳුන්වනු ලැබීය. කි‍්‍රමියන් යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අත්සන් කළ මොහු රුසියාවට ලිබරල්වාදී ප‍්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය. ඔහු පෝලන්ත ජනතාවට ස්වයං පාලන බලතල ලබාදී ප‍්‍රවේණි දාසයන් නිදහස් කළේය. ඔවුන්ට කෘෂි කාර්මික ඉඩම් ලබා දී එම ඉඩම් වල අයිතිය ලබා දීමේ සැලැස්මක් සකස් කළේය. මෙම ප‍්‍රතිසංස්කරණ නිසා අහිතකර ප‍්‍රතිඵල උද්ගත වන බව රදල ප‍්‍රභූවරු ඔහුට අනතුරු ඇඟවූහ. ඔහුගේ සිය පාලනය අවසන් කාලයේ කැරැල්ලක් ඇති වී එය මැඩලීමට ඔහුට සිදුවිය. දෙවන ඇලෙක්සැන්ඩර් සාර් 1881 දී මරා දමනු ලැබීය.

තුන් වන ඇලෙක්සැන්ඩර් සාර්රුසියානුකරණය නම් නව වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කළ මොහු දෙවැනි ඇලෙක්සැන්ඩර් සාර්ගේ පුතාය. පුවත්පත් තහනම දැඩිකළ ඔහු සිය පාලනයට විරුද්ධ වන අයව අත්අඩංගුවට ගැනීමට අණ කළේය. සාර් පාලනය විවේචනය කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණූවන ලදී. සාර් අඥාදායක පාලනය ක‍්‍රමයට විරුද්ධව නැගී සිටිය නොහැකි නිසා තරුණ පිරිස් රැඩිකල් පක්ෂ කරා ගමන් කළේය. බෝල්කන් රටවල ජීවත් වූ ස්ලාව් ජනතාව තුළ ජාතිවාදය වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ වූ ‘සර්ව ස්ලාව්වාදය ‘ නම් ව්‍යාපාරයට තුන් වන ඇලෙක්සැන්ඩර්ගෙන් ද දිරිමත් කිරීමක් සිදු විය.දෙවන නිකලස් සාර් (1894 – 1917 )සුළු වශයෙන් කාර්මිකරණය වූ රුසියාව 20 වන සියවස වන විටත්් පැවතියේ වැඩවසම් රාජ්‍යයක තත්ත්වයෙනි. සාර් සහ ඔහුගේ අපකීර්තිමත් ඇමතිවරයා වූ රස්පුටින් කුමාරයා ද පොදු ජනයාගේ මහත් අප‍්‍රසාදයට ලක්විය. 1904 – 1905 දක්වා පැවති ජපන් රුසියානු යුද්ධයෙන්ද රුසියාවට පරාජය හිමි විය. මේ නිසා සිදු වූයේ අප කීර්තියක් ගෙන දුන් ගිවිසුමක් ජපානය සමඟ අත්සන් කිරීමට සිදු වීමයි. මේ අතර තුළ දී රහස් විප්ලවකාරී සංවිධාන රැසක් බිහි විය. මෙයින් රැඩිකල් මුහුණුවරක් ගත්තේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයයි. එම පක්ෂය අනුගමනය කළ අධ්‍යාත්මික දාර්ශනිකයා වූයේ කාල්මාක්ස්ය .

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *