සයිබීරියානු අභිරහස

මානව ඉතිහාසයේ සිදු වූ විශාල පිපිරීම් ගැන ඔබ අසා ඇති. ජීවිතහා දේපොළ හානි බෙහෙවින් වාර්ථා වන එවන් සිද්ධි සොබාදහමින්ම හෝ මිනිසාගේ ක්‍රියාවලීන් හේතුවෙන් සිදු වනු ඇත. ඉතිහාසයේ, අදින් වසර සියයකට ඉහතදී එවකට සෝවියට් රුසියාවේ කොටසක්ව පැවැති සයිබීරියාවේ සිදු වූ එවන් මහා පිපිරීමක් ගැන මේ ලිපියෙන් කතා කෙරෙනුඇත.

සයිබීරියානු අභිරහස: වැඩුනු ශාක මිලියනයක් පමණ බිමට සමතලා කළ, 1908 වසරේ සිදුවූ මානව සංහිතියේ විශාලම පිපිරීම

1908 වසරේ ජුනි 30 වැනිදා රුසියාවේ ටයිගස් නම් වූ හිමෙන් වැසී ගිය ඝන වනාන්තර සහිත වූ පෙදෙසට හිරු උදාව, තවත් එක් දිනයක ඇරඹුමක් වුවද දිනය අවසානයේදී ඉතා විශාල කළ-බැගෑනියක් සිදු කරමින් අවසන් කරවූයේ ගිණිගෙන දැවෙමින් පැවැති වස්තුවක් පතිත වීමත් සමගිනි. ඇසින් දුටුවන් පවසන පරිදි, මෙම වස්තුව පොළොවට පතිත වූයේ විශාල ආලෝකයක් විහිදුවමිනි. එය වත්මන් රුසියාවේ “Krasnoyarsk Krai” ලෙස හඳුන්වන, එකළ Podkamennaya Tunguska නම් වූ තුන්ගුස්කා නදිය දෙපස එක් ක්ශණයකින් සුනු විසුනු කර දැමීය.

කාලය ඇවෑමෙන්, ශත වර්ශයක් ගතවීමෙන් පසුවද, ගවේශකයන් හට මෙම අති දැවැන්ත පිපිරීම ප්‍රහේලිකාවක්ව පවතී. තාක්ශනය දියුණු අදටද මෙය අභිරහසකි. හෙට දිනයේදිද සැබැවින්ම තුන්ගුස්කා නදිය දෙපස සිදුවූයේ කුමක්දැයි ගැටළුවක් පවතිනු නිසැකය. සයිබීරියානු තුන්ගුස්කා නදිය දෙපස කැලයට ඉහළින් පුපුරා ගිය මෙම ගිනි පුළිඟුව අඩි 160ත් අඩි 300ත් අතර ප්‍රමාණයක වස්තුවක් බව බව පරීක්ෂණ වලින් පසු පෙනී ගියේ ය. සැතපුම් ගණනක් දුරට මෙම විනාශය පැතිරුණු අතර, හොඳින් වැඩුණු ගස් මිලියනයක් පමණ විනාශ වී ගියේය. එපමණක් ද නො ව පිනිමුවන් සිය ගණනකගේ ජීවිතද මෙමගින් අහිමි විණි.

වර්ෂ 1908 දී තුන්ගුස්කා විනාශය මෙම සිතියම මගින් දැක්වේ. Author: Denys CC BY-SA 3.0

ඝට්ටන සිදුවූ තැන සිට කිලෝමීටර් කිලෝමීටර 35ක් එපිටින් පිහිටි ආසන්නම නගරයේ ජනේල වීදුරු පවා මෙමගින් සුනු විසුනු විය. නිවසියන්ට අනුව ඝට්ටනයෙන් ඇති වූ උණුසුම හොඳින් දැනුණු අතර, දෙපතුල්වලට විශාල ප වලට විශාල රස්නයක් දැනිණි

තුන්ගුස්කා විනාශයෙන් කඩා වැටුණු ගස්. චායාරූප : රුසියානු විද්‍යා ඇකඩමියේ 1927 දී Leonid Kulik විසින් සිදු කළ පරීක්ශන

 

ඇතැම් විට මෙය එම ප්‍රදේශයේ පදිංචි කරුවන් විසින් සිතා මතා කරන ලද්දක් වීමට, බොහෝ සෙයින් අඩු සම්භාවිතාවයක් පවතී. බලධාරීන්ට අනුව එඬේරෙකු හැරෙන්නට වෙනත් කිසිම මනුෂ්‍යයකුට මෙමගින් ජීවිත හානි සිදු වී නැත. එලෙස එඬේරා ද මියගොස් ඇත්තේ ගසක් පතිත වීමෙනි . සිතා බලන්න මේ ජනාකීර්ණ නගරයක සිදුවිණි නම් කුමක් සිදුවේදැයි කියා, මෙය මොස්කව් හෝ හෝ ලන්ඩන් හෝ නිව්යෝර්ක් නගරයේ සිදුවිණි නම් කුමක් සිදුවේවිද ? එය තවත් එක් ප්‍රබන්ධ චිත්‍රපටයක් මෙන් නො වනු ඇත.

තුන්ගුස්කා විනාශයෙන් කඩා වැටුණු ගස්.

 

දශකයන් කිහිපයක් යන තෙක් සිද්ධිය වූ ස්ථානයේ කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් සිදු නො වී ය. 1921 දී ශාන්ත පීටර්ස් බර්ග් කෞතුකාගාරයේ පාලකයා සහ ආකාශ වස්තු එකරැස් කල “Leonid Kulik” තුන්ගුස්කා ප්‍රදේශය අවට පරීක්ෂණයක් සිදු කළේය. මුල් කාලයේදී සයිබීරියාව අවට කාලගුණ තත්වයන් තත්වයන් හේතුවෙන් ඔහුගේ කණ්ඩායමට සිදුවීම පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට නො හැකි විය.

වසර 6 කට පසු “Leonid Kulik” තුන්ගුස්කා සිද්ධිය පිළිබඳව සිදු කරන වෙනත් ගවේෂණයකට සම්බන්ධ විය. ඔහුගේ පලමු උත්සාහය වූයේ, සිද්ධියට මුහුන දුන් හා ඇසින් දුටුවන්ගෙන් සිද්ධිය පිළිබඳව කරුණු එක්‍ රැස් කර ගැනීමය. එහෙත් පදිංචි කරුවන්ගෙන් තොරතුරු එක් රැස් කිරීම මදක් අපහසු කටයුත්තක් විය.

තුන්ගුස්කාවට වැටුණු වස්තුවේ ප්‍රක්ශේපණය හා, අවට ගම් පහක පිහිටීම.

නමුත් සිද්ධිය වූ ස්ථානය, සිදුවූ විනාශයේ ස්වභ්හාවය මොනවටබ පැහැදිලි කරන්නට විය. වර්ග සැතැපුම් 800 ක් පමණ පුරාවට ගස් ඇඹරී ගොස්, විනාශ වී තිබිණ. එපමණක්ද නොව මෙම ශාක එකම අකාරයකරයකට මුලින් ඉදිරී ගොස් තිබුණි. මෙකී ගැලැවුනු ශාක සියල්ලම ඝට්ඨනය සිදුවූ ස්ථානයෙන් එළියට යන ලෙස ගැලෑවී තිබිනි. නමුත්, ඔවුනට කිසිඳු උල්කාපාතයක කොටසක් හෝ අඩුම තරමේ උල්කාශ්මයක චායාවක් හෝ දක්නට නොලැබුනි.

දුවීමෙන් වසර ගණනක් ගියද, විද්‍යාඥයන් හෝ කිසිඳු පුද්ගලයෙකුට සිදුවීමන්පිළිබඳ පැහැදිලි අර්ථ කථනයක් දීමට නොහැකි විය. එලෙසින්ම හතු පිපෙන්නා සේ දසදෙසින් විවිධ මත ගලා එන්නට විය. ඇතැමෙකු ප්‍රකාශකොට තිබුනේ, එය උල්කාශ්මයක් බවත්, ඝට්ඨනයෙන් පසු ශේශ වූ කොටස් පෘථිවිය අභ්‍යන්තරයට ඇදී ගියබවත්‍ ය.

 Leonid Kulik, තුන්ගුස්කවේ පරීක්ෂණ අතර
Leonid Kulik, තුන්ගුස්කවේ පරීක්ෂණ අතර.

කෙසේ වෙතත්, සැබැවින්ම සිදු වූ දේ විද්‍යාත්මකව විස්තර කළ හැකි අතර, ඒ සඳහා සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර වූ සිද්ධීන් ඉවත් කළ යුතු වේ.ඇතැම්විට 1908 ජුනි මස තිස් වෙනිදා තුන්ගුස්කා පිපිරීමට හේතුව වූයේ ඉතා ශීතල ඝණ උල්කාපාතයක් හෝ හෝ පාෂාණමය උල්කාපාතයක් මිහිතලය මත ගැටීම විය හැක. පිපිරීම සිදුවී සිදුවී ශත වර්ෂයක් ගත වී අවසානයේදී අපට සිදු කළ හැක්කේ, එම වස්තුවේ විශාලත්වය හෝ ගමන් කළ වේගය පිළිබඳ අනුමාන කිරීම පමණි.

කෙසේ වෙතත්, සාක්ශි මද කම නිසාවෙන් ලොව පුරා විද්‍යාඥයින් එක්ව මතයක් ගොඩනගා ගන්නා ලදී. ඒ, පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන ලද ග්‍රහකයක්, පෘථවි ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ඇදී ආ අතර කැළඹිලි සහිත පුපුරා යෑමක් නිසා දූවිලි බවට පත් විය යන්නයි. නමුත් මෙය සිදුවිය යුත්තේ පෘථිවි පෘෂ්ඨයෙන් සැතපුම් දහයක් වත් ඉහත දී හෝ ඒ ආසන්න මට්ටමේ දී ය. පෘථිවිය සමග වස්තුවක් ගැටීමේදී වීමේ දී ක්ෂණිකව තාපය හා කම්පන තරංග ඇතිවේ. එය සැතැපුම් ගණනක් දුරුන්න් සිටින අයකුට වුවද දැනෙනු ඇත. ක්ශණිකව සිදුවන පිපිරීමක් නිසා, භූමියේ පිහිටි ශාක එළෙසින් බිමටසමතලා වී ඇත.

තුන්ගුන්සාව ආශ්‍රිතව සිදු වූ මෙම සිද්ධිය නැවත, ජනාකීර්ණ පරිසරයක සිදු වේදැයි අප සැළකිලිමත්විය යුතුය ! ඇත්තෙන්ම නවීන තාරකා විද්‍යාඥයින් හට අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ දැනුමක් සහ අවබෝධයක් ඇත. නවීන තාක්ශනය බසහ විද්‍යාවේ දියුණුව නිසාවෙන් එවැනි වස්තුවක ආගමනයක් සිදි වුව හොත්, ගතයුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් එදාට වඩා අද මිනිසාට ඇත.

මේ අතර, තුන්ගුස්කා සිද්ධිය ඉතිහාසය පුරා එවන් සිද්ධීන් අතර ප්‍රමුඛ ස්ථානයක පවතී. එහි බලපෑම කෙතෙක්ද යත්, හිරෝශිමා හා නාගසාකි පරමාණු බෝම්බ පිපිරීමෙන් සිදු වූ විනාශය මෙන් 185 ගුණයක විනාශයක් මින් සිදු වී ඇත. එය සාපේක්ශ අගයකි. තුන්ගුස්කා සිද්ධියේදී සැතැපුම්දහස් ගණනක් පවා ඈතින් පිහිටි එක්සත් රාජධාණියේ භූ කම්පන දැනුනු බව ඉතිහාසයේ සඳහන් වෙයි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *