අපේ සෞරග්‍රහ මණ්ඩලය – 01

ඔබ අප මේ ජීවත් වන පෘථිවිය අයත්වන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමට අප සිතුවා. ලිපි කිහිපයකින් සමන්විත වන එම ලිපි පෙළෙහි පළමු ලිපියෙන් සෞරග්‍රහ මණ්ඩලයපිළිබඳ හැඳින්වීමක් සිදෙ කෙරෙනවා.

සෞරග්‍රහ මණ්ඩලය

සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් පද්ධතියයි. ප්‍රධාන ග්‍රහයන් අට සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 165, වාමන ග්‍රහයන් පහකින් හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් සිව් දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ.

සෞරග්‍රහ මණ්ඩලයේ පසුබිම හා ව්‍යුහය

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන වස්තුව වන්නේ හිරුය. තරුවක් වන එහි සමස්ථ සෞරග්‍රහ මණ්ඩල ස්කන්ධයෙන් 99.8% අඩංගු වේ. පද්ධතියේ ඉතිරි ස්කන්ධයෙන් 90% ක් පමණ අයත් කර ගන්නේ හිරුගේ විශාලතම කක්ෂීය වස්තූන් වන බ්‍රහස්පති හා සෙනසුරුය. ග්‍රහලෝක සියල්ල හා අනෙකුත් බොහොමයක් වස්තු හිරුගේ භ්‍රමණය සමග කක්ෂවල චලනය වෙයි. හේලිගේ වල්ගා තරුව වැනි මෙයින් වෙනස් වු ඒවාද ඇත. ග්‍රහවස්තු හිරු වටා චලනය වන්නේ කෙප්ලර්ගේ ග්‍රහ වස්තු චලන මුලධර්මයට අනුවය. සියලු වස්තු ඉලිප්සයේ එක් නාභියක් ලෙස සුර්යයා තබා ගෙන දළ ඉලිප්සයක් දිගේ චලනය වේ. සුර්යයාට වඩා ආසන්නයෙන් ඇති වස්තු වඩාත් වේගයෙන් ගමන් කරයි.

නිර්මාණය වීම හා පරිණාමය

සූර්යයා

නිහාරිකා කල්පිතයට අනුව සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වී ඇත්තේ වසර බිලියන 4.6කට පෙර සුවිසල් “වායු – ධූලි” වළාකුලක් ගුරුත්වාකර්ෂණ බිඳ වැටීමකට ලක් වීමෙනි. එම වළාව ආලෝක වර්ෂ කිහිපයක් විශාල විය යුතු අතර තාරකා ගණනකට ජීවය ලබා දි තිබිය යුතුය. පැරණි උල්කා අධ්‍යයනයේ දී පිපිරෙන අති විශාල තරුවක මධ්‍යයේ පමණක් නිර්මාණය කළ හැකි මූලද්‍රව්‍ය පිළිබඳ ඉඟි හමුවී ඇත. එයින් සූර්යයා තාරකා පොකුරක් තුළ නිර්මාණය වූ බව හැඟවේ. එසේම එම ප්‍රදේශය අසල සුපර්නෝවා පිපිරීම් කිහිපයක් ද සිදු වී ඇත. මෙම සුපර්නෝවා මඟින් ඇතිවන කම්පන තරංගය අසල ඇති නිහාරිකාවේ අධි ඝනත්ව කලාප ඇති කර ගුරුත්වජ බලවලට අභ්‍යන්තර වායු පීඩනය මැඩ පැවැත්වීමට ඉඩ සලස්වා බිඳ වැටීම සිදු කරවයි. එලෙස සූර්යයා නිර්මාණය වූ බව සැලකේ.

ග්‍රහලෝක නිර්මාණය

ඉතිරිව පවතින වායු වළාකුළු හා දූවිලි මඟින් විවිධ ග්‍රහලෝක නිර්මාණය විය. මධ්‍ය ප්‍රාථමික තාරකාව වටා කක්ෂවල දූවිලි අංශු ලෙස ග්‍රහලෝක ආරම්භ විය. ඉන්පසු ඒවා සෘජු ගැටීම් හරහා ප්‍රමාණයෙන් විශාල වස්තු බවට පත්වේ. ඒ අයුරින් නැවත නැවත ගැටීම්වලට ලක්වීම හේතුවෙන් දළ වශයෙන් වසරකට 15cm බැඟින් ඊළඟ වසර මිලියන ගණන පුරාවට විශාල වීම සිදුවේ. ඒවා සිලිකේට හා ලෝහ වැනි ඉහළ ද්‍රවාංක සහිත සංයෝගවලින් විශාල ලෙස සමන්විත වේ. මෙම දෘඩ වස්තු කාලයත් සමඟම භෞමික ග්‍රහලෝක බවට පත්වේ.

සූර්යයාගේ මියයාම

සුර්යයා ප්‍රධාන අනුක්‍රමණයෙන් ඉවත් වනතෙක් සෞරග්‍රහ මණ්ඩලය පවතින බව විශ්වාස කෙරේ. හයිඩ්‍රජන් ඉන්ධන දහනය හරහා සූර්යයා දහනය වන විට එය ඉතිරි ඉන්ධන දහනය කිරීම සඳහා තවත් උණුසුම් වේ. එම නිසා එහි තවත් වේගයෙන් දහනය සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සෑම වසර බිලියන 1.1 ටම දළ වශයෙන් 10% කින් සුර්යයාගේ දීප්තිය වැඩිවේ.එතැන් සිට වසර බිලියන 7.6 ගතවු කළ, හයිඩ්‍රජන් විලයනය අඩු ඝනත්ව උඩ වියන්වල සිදුවීමට තරම් සූර්ය හරය උණුසුම් වනු ඇත. එය සුර්යයා දැන් පවතින පරිධිය මෙන් 260 වාරයක් පමණ දක්වා විශාල වීමට හේතු වේ. සුර්යයා රතු දැවැන්තයා බවට පත් වන්නේ ඒ අයුරිනි. එම අවස්ථාවේ දී එහි විශාලම ලෙස වැඩි වූ පෘෂ්ටික වර්ගඵලය නිසා සූර්යයා සීතල වීමට පටන් ගනී. එවිට ක්‍රම ක්‍රමයෙන් සූර්යයාගේ බාහිර ස්ථර සුදු පැහැති කුඩා වස්තුවක් ඉතිරි කරමින් නැතිවී යනු ඇත. අසාමාන්‍ය ඝනත්වයකින් යුත් මෙම වස්තුව එහි මුල් ස්කන්ධයෙන් භාගයක් වන අතර ප්‍රමාණයෙන් පෘථිවිය තරම් වේ.

සෞර ග්‍රහ මණ්ඩලය

සෞර ග්‍රහ මණ්ඩලය

සූර්යයා

සූර්යයා අප සෞර ග්‍රහ මණ්ඩලයේ එකම තාරකාව වේ. ඉන් පිටවන ආලෝකය මිනිත්තු අටක් තුළ පෘථිවියට ළඟා වේ. විෂ්කම්භය කි.මී.1,391,400 (මිලියන 1.3) ක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති මෙන් දස ගුණයක් විශාලය. සෞර ග්‍රහ මණ්ඩලයේ සියලුම ග්‍රහලෝකවල බර මෙන් 743 ගුණයක් වන මෙය සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම වස්තුව වේ.

සූර්යයා මතුපිට ලප විශේෂයක් දකිනට ලැබෙන අතර එය සෑම දිනකම එකම ස්ථානයක දක්නට නොලැබේ. ඒ අනුව සූර්යයා ද තමා වටා භ්‍රමණය wana bawa sithiya hAka. එම එක් වටයක් සම්පූර්ණ වීමට දින 25ක් ගත වේ. සූර්යයා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000 ක් වේ. එවැනි අධික උෂ්ණත්වයක් යටතේ කිසිඳු ඝන ද්‍රව්‍යවක් හෝ ද්‍රවයක් තිබිය නොහැකි නිසා සූර්යයා නිර්මාණය වී ඇත්තේ වායුවලිනි.

බුධ

ග්‍රීකයෝ මීට අවුරුදු 5000කට පෙර සුමේරියන් යුගයේ දී බුධ ග්‍රහයා හදුනා ගනි. මෙහි විෂ්කම්භය කි.මී.4,878කි. සූර්යයා ආසන්නයේම පිහිටා ඇති ග්‍රහලෝකය බුධ වේ. මෙහි විශාලත්වය පෘථිවියෙන් 40% ක් වන අතර චන්ද්‍රයාට වඩා 40%ක් පමණ විශාලය. බුධ ග්‍රහයා තම අක්ෂය වටා කැරකීම ඉතාම සෙමින් සිදුවන්නකී. නිරන්තරයෙන් අධික උෂ්ණත්වයකින් හෙබි ගල්, පර්වත, කඳුවලින් ගහණ වූ බුධ තුළ වායුගෝලයක් හෝ ජලය නොමැත. එබැවින් ජීවීන් ද නැත. බුධට තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 59ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 89ක් ගත වේ.

සිකුරු

සෞර ග්‍රහ මණ්ඩලයේ අලංකාරවත්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය “පහන් තරුව”, “ඉරබටු තරුව” හා “උදාන තරුව” ලෙසින් ද හඳුන්වයි. මෙහි විෂ්කම්භය කි.මී.12,104කි. එය පෘථිවියේ විෂ්කම්භයෙන් 95%කි. එසේම සිකුරු ග්‍රහයා පෘථිවියේ බරින් 82% වේ. එය පෘථිවියට ඉතා ළඟින් පිහිටි ග්‍රහයා ද වෙයි. සූර්යා වටා ගමන් කිරීමට දින 262 ක කාලයක් ගතවේ සුර්යයා සිට දුර කීලෝ මීටර් මිලියන 108 කී. සිකුරු ග්‍රහයා ආවරණය වී ඇත්තේ වළාකුළු, ජලවාෂ්ප , සල්ෆියූර්ක් ඇසිඩ් වලිනි. සාමාන්‍ය දුරේක්ෂයකින් බලා ගත නොහැක. බුධ වැනි ග්‍රහයින් තම අක්ෂයේ භ්‍රමණය වන්නේ බස්නාහිර සිට නැගෙනහිරට වන අතර සිකුරු නැගෙනහිර සිට බස්නාහිරට භ්‍රමණය වේ.

පෘථිවිය

ග්‍රහලෝක අතරින් ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය වේ. විෂ්කම්භය කි.මී.12,756කි. එය මතුපිටින් 2/3ක් ඇත්තේ ජලයයි. ජීවීන් දක්නට ලැබෙන අතර එක් චන්ද්‍රයෙක් ඇත. පෘථිවිය තම අක්ෂය වටා සෑම පැය 24කටම වරක් බස්නාහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ. මෙය “පෘථිවි දිනක්” නමින් හැඳින්වේ. පෘථිවියට සූර්යයා වටා යාමට දින 365.25ක් ගත වේ. මෙම දින 0.25 වසර 4ක් පුරා එකතු කිරීම නිසා වමර 4නට පසු එළ‍ඹෙන වසර අධි වසරක් ලෙස සැල‍කේ. පෘථිවිය ස්ථර කිහිපයකින් නිර්මාණය වී ඇත. එහි ඇතුළතින්ම ඇත්තේ අභ්‍යන්තර මදය වේ. ඊට පිටතින් ඇත්තේ පිටත මදයයි. ඊට පිටතින් වැස්ම නම් කොටසක් ඇත. ඊට පිටතින් බාහිර වැස්ම නම් කොටසක් ඇත. පිටතින්ම ඇත්තේ පිට කුෂ්ටලයයි. පෘථිවියට එක් චන්ද්‍රයෙක් සිටින අතර එය පෘථිවියට කි.මී. 3,80,000ක් දුරින් පිහිටා ඇත. මෙය පෘථිවියට ආසන්නම ග්‍රහ වස්තුව වේ. එමගින් බල පවත්නා ආකර්ෂණ බලය නිසා පෘථිවියේ ඇති මුහුදු හා සාගරවල වඩදිය හා බාදිය ඇති කරනු ලබයි.

අඟහරු

සෞර ග්‍රහ මණ්ඩලයේ රතු පැහැයෙන් දිස්වන එකම ග්‍රහලෝකය අඟහරුය. එබැවින් මෙය රතු ග්‍රහයා ලෙස ද හැඳින්වේ. පෘථිවියට සිකුරු හැර ළඟින්ම පිහිටා ඇති ග්‍රහලෝකය අඟහරුය. මෙහි විෂ්කම්භය කි.මී.6794කි. අඟහරු ග්‍රහයාගේ ඍතු ඇති වීම් සොයා ගෙන ඇති අතර ඒවායේ කාලය පෘථිවියේ ඍතුවලට වඩා දෙගුණයකි. අඟහරුට ඉතාමත් තුනී වායුගෝලයක් පවතින අතර එහි ඇත්තේ භූමි කම්පා නිසා එකතු වූ කාබන් ඩයොක්සයිඩ්ය. මෙහි රාත්‍රී කාලයේ උෂ්ණත්වය කෙල්වින් 187ක් වන අතර දිවා කාලයේ දී කෙල්වින් 244කි. දැනට සෞර ග්‍රහ මණ්ඩලයේ සුවිශාලම ගිනි කන්ද සොයා ගෙන ඇත්තේ අඟහරු මතිනි. එය සොයා ගෙන ඇත්තේ 1971 දී අඟහරු කරා ගිය මැරිනර් නම් අභ්‍යවකාශ යානයෙනි. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනෙකු සිටින අතර එය හඳුනා ගනු ලැබුවේ ඇමරිකානු ජාතික එසාප් හෝල් විසිනි. අඟහරු ආසන්නයේම ඇති චන්ද්‍රයා “‍පොබෝස්” (Phobos)ලෙස ද එයට පිටතින් ඇති චන්ද්‍රයා ඩයිමෝස් (Deimos) ලෙස ද නම් කර ඇත. මේ වන විට අඟහරු මත ජලය සහ ජීවීන් පවතීද යන්න පිළිබඳ පර්යේෂණවල නිරත වේ.

බ්‍රහස්පති

සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහයා බ්‍රහස්පති වේ. සෙසු ග්‍රහලෝකවල මුළු බරෙන් 71%ක ස්කන්ධයකින් යුක්ත මෙය සියලුම ග්‍රහලෝකවල පරිමා එක් කළ විට ඒවා මෙන් 2.5ක ගුණයකින් යුක්ත වේ. බ්‍රහස්පතිගේ විෂ්කම්භය පෘථිවියේ විෂ්කම්භය මෙන් 10 ගුණයකට ආසන්නය.එය කි.මී.1,42,984කි. බ්‍රහස්පති මත තද පැහැති පටි (Belt) වැනි ප්‍රදේශ ද දීප්තිමත් ප්‍රදේශ ද දැක ගත හැක. ඒවා පෘථිවියට ද වඩා විශාල ව්‍යුහයන් වේ. එම පටිවල වර්ණ කොළ, රතු හෝ දුඹුරු වේ. මෙහි දක්ෂිණ ධ්‍රැවයේ ආසන්නයේ තද රතු පැහැ ලප දක්නට ලැබේ. ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලය ඇත්තේ බ්‍රහස්පතිටය. බ්‍රහස්පති සතුව චන්ද්‍රයින් 67ක් පවතී. බ්‍රහස්පති සතුව වළලු පවතින අතර ඒවා ඉතා දුර්වල ලෙස බ්‍රහස්පති අසළ පවතී.

සෙනසුරු

සෞර ග්‍රහ මණ්ඩලයේ දර්ශනීයම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නේ සෙනසුරුය. සෙනසුරු වටා දර්ශනීය වළලු පද්ධතියක් පිහිටා තිබීම නිසා මෙම විරුදාවලිය ලබා ඇත. ගල්, පර්වත හා අයිස්වලින් නිර්මාණය වූ වළලු තුනක් මේ වටා පවතී. එහි වර්ණ ප්‍රධාන ලෙස කළු හා දුඹුරු වේ. මේවා විවිධාකාර දුරවලින් එකම තලයක පිහිටමින් සෙනසුරු වටා භ්‍රමණය වේ. විෂ්කම්භය කි.මී. 1,20,660ක් වන මෙය දෙවන විශාලතම ග්‍රහයා වේ. සෙනසුරුගේ මධ්‍යයේ ඇති පාෂාණ ඝනත්වය ඉතා අඩු බැවින් මෙය ඝනත්වය අඩුම ග්‍රහයා ලෙස සැලකේ. මෙයට චන්ද්‍රයන් 62ක් සිටි

යුරේනස්

මෙය 1781 දී විලියම් හර්ෂල් (William Herschel) විසින් සොයා ගෙන ඇත. යුරේනස් සෞර ග්‍රහ මණ්ඩලයේ ඇති තුන්වන විශාලතම ග්‍රහයා වේ. මෙහි විෂ්කම්භය කි.මී.50,800කි. යුරේනස් වටා වර්ණ වළලු 10ක් පවතින අතර ඒවා සෙනසුරු හා බ්‍රහස්පතිගේ වළලුවලට වඩා පටුය. සූර්යයා වටා යුරේනස් ගමන් කරනුයේ ද සිකුරු මෙන් වාමාවර්තවය. සූර්යයා වටා වසරක් යාමට යුරේනස්ට පෘථිවි වසර 84ක් ගත වේ. සූර්යයා වටා යුරේනස් ගමන් කිරීමේ දී ඇති වන අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා ඍතු ඇති වේ. යුරේනස් සතුව චන්ද්‍රයන් 15ක් පවතී.

නෙප්චූන්

ප්‍රංශ ජාතික ලැවේරියල් හා ඇඩම්ස් විසින් සොයා ගෙන ඇත. මෙහි විෂ්කම්භය කි.මී.48,600කි. නිල් පැහැතිය. නෙප්චූන්හි ආරුක්කු හැඩැති වළලු දෙකක් දැක ගත හැක. සෙසු ග්‍රහලෝක වටා ඇති ඒවා වෘත්තාකාර අතර මෙහි වළලු ආරුක්කු හැඩැති(U)ය. ඒවා සෙනසුරු වටා ඇති වළලුවලට වඩා පටුය. නෙප්චූන් සතුව චන්ද්‍රයන් 8ක් පවතින අතර සෞර ග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයන්ගෙන්විශාලතම චන්ද්‍රයෙක් වන ටයිට්‍රන් එය සතුය.

Source : wikipedia

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *