රුසියානු විප්ලවය – 3

සාර් පාලනය බිඳ වැටීම හා 1917 ඔක්තෝබර් විප්ලවය.

විසිවන සියවස මුල් දශකය වන විට රුසියාවේ පැවතියේ හැම අංශයකින්ම දුර්වල වු අස්ථාවර පාලනයකි.රටේ වර්ධනය වෙමින් පවතින අර්බුදවලට විසඳුම් ලබා දීමට සාර් පාලනයට නොහැකි බව ගොවි කම්කරු හා මධ්‍යම පන්තියේ විශ්වාසය විය.1914 පළවන ලෝක යුද්ධය ආරම්භ වීම මෙම තත්වය තව දුරටත් තීව්‍ර කිරීමට හේතු විය.1916 වන විට මෙම තත්වය තව දුරටත් අයහපත් වු අතර ආහාර හිඟය,පාන් මිල වැඩිවීම,සෑම අත්‍යවශ්‍ය භණ්ඩයකම මිල විශාල ලෙස ඉහල යාම නිසා සාමාන්‍ය ජනතාව පමණක් නොව හමුදා භටයන්ද කැරලි ගැසීමට පටන් ගත්හ.

සාර් පාලනය බිඳ දැමීම සඳහා 1917 ඔක්තෝබර් විප්ලවය ආරම්භ වන්නේ මේ අවධියේය. 1917 මාර්තු 9 වනදා තීරණාත්මක ලෙස ජනතාව වීදි බසිමින් පාන් ඉල්ලමින් උද්ඝෝෂණය කරන ලදි.මෙම උද්ඝෝෂණවලට සාර් අණ නොතකා හමුදා පිරිස්ද එකතු විය.මෙය රුසියාව පුරාම ව්‍යප්ත විය. බොල්ශෙවික්වරු මෙම ගැටුමට නායකත්වය දෙමින් ප්‍රධාන නගරවල සෝවියට් සභා නම් පාලන සංවිධාන පිහිටුවා පාලන කටයුතු පවරා ගත්හ.සාර් පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර රොමනොව් රාජ වංශයේ රාජ්‍ය පාලනය 1917 මාර්තු 15වන දින අවසාන විය.

 

1917 මාර්තු විප්ලවයෙන් පසුව ගොඩ නැඟෙන පාලනයේ ප්‍රධාන ලක්ෂණය වූයේ රටේ පාලනය පිළිබද කේන්ද්‍රීය වගකීම මධ්‍යම පන්තියෙන් පැමිණි සාමාජිකයන් ගෙන් යුක්ත වු තාවකාලික ආණ්ඩුවක් යටතට පත් කිරීමයි.සෝවියට් සභා විශේෂ පාලන ඒකකවලට මේවා පැවරිණි. රුසියාව සම්බන්ධවී සිටි පළමුවන ලෝක යුද්ධය නිසා රුසියාව මේ වන විට බෙහෙවින්ම පීඩාවට පත්වී සිටි අතර ලක්ෂ ගණනාවක් සොල්දාදුවන් අහිමි වී සිටි අතර තවත් විශාල පිරිසක් සිර කඳවුරුවල සිටියහ.ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ යුද්ධය නවතා සාමය ලගා කර ගැනීමයි.ගොවීන්ගේ අපේක්ෂාව වූයේ වගාවට ඉඩම් ලබා ගැනීම වු අතර කම්කරුවන් පැය අටේ වැඩ දිනය හා වේතන ඉහල දමා ගැනීමත් ආහාර සුලබ කර ගැනීම, සුබ සාධන පහසුකම් ලබා ගැනීම බලාපොරොත්තු විය.සෝවියට් සභා මේ සඳහා යම් යම් පියවර ගනු ලැබුවද ඒවා අසාර්ථක කිරීමට රාජ්‍ය පාලකයන් ක්‍රියා කලහ.මේ හේතුව නිසා තාවකාලික ආණ්ඩුවෙන් බලාපොරොත්තු වු කිසිවක් ලබා ගත නොහැකි වු නිසා සමාජ කොටස් අතර කලකිරීම හා නොසන්සුන්තාව වර්ධනය විය. මෙම අවධියේදී බොල්ශෙවික්වරු තීරණාත්මකව සංවිධානය වෙමින් ලෙනින් වටා සියළු පිරිස් ඒකරාශි කර ගැනීමට කටයුතු කලහ.මාර්තු විප්ලවය ධනේශ්වර විප්ලවයක් බවත් එතැනින් නොනැවති සමාජවාදි විප්ලවයක් ගොඩ නැඟීම දක්වා විප්ලවය ගෙන යායුතු බව ලෙනින් අවධාරණය කලහ. මොහු තම අදහස් “අප්‍රේල් න්‍යය”නම් ලියවිල්ලෙන් ඉදිරිපත් කලහ.තාවකාලික ආණ්ඩුව අස්ථාවර වෙමින් පැවති අතර විශාල පිරිසක් බොල්ශෙවික්වරු සමඟ එකතු විය.ලෙනින් හා ට්‍රොට්ස්කි අත්අඩංගුවට ගැනීමට උත්සහා කල අතර ලෙනින් රටින් පලා ගොස් සංවිධානගත කරන ලදි. මේ අතර වර්ධනය වෙමින් පැවති විප්ලව ප්‍රවාහයට සියළු දෙනාම එකතු වී සිටි අතර සැඟවී සිටි ස්ථානයක සිට ප්‍රකාශයක් කරමින් ලෙනින් කියා සිටියේ “දැන් අප බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට අනුකම්පාවක් නොදක්වනු ඇති බවයි”ආපසු රුසියාවට පැමිණ ලෙනින් ඔක්තෝබර් 24, 25 විප්ලව දින ලෙස ප්‍රකාශ කොට සාර්වලට පහර දී බලය ලබා ගත්හ.

එදිනම සෝවියට් ජාතික කොන්ග්‍රසය රැස් වී ලෙනින්ගේ නායකත්වයෙන් යුත් මහජන කොමසාරිස්වරුන්ගේ සභාවට සෝවියට් දේශයේ බලය පැවරීය. එක් මධ්‍යස්ථානයක සිට මෙහෙයවන කුඩා සන්නද්ධ කල්ලියක් සටනකින් තොරව විප්ලවය සාර්ථක කර ගත්තේය.මෙසේ නව සමාජවාදි රාජ්‍යයක් ලෝකය තුල ස්ථාපිත විය.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *