මහා ගංගා දෙකකට මැදි වූ දේශය : මෙසපොටේමියානු ශිෂ්ටාචාරය

ජාර්මෝ කන්දේ සිට දකුණට ඇත්තේ උෂ්ණාධික කාන්තාරමය නිසරු බිම් පෙදෙසක්. නිසරු වුනත් මේ භූමි ප‍්‍රදේශය හරහා ගංගා දෙකක් ගලා බසින්න වුණා. නයිල් ගංගාව වගේම මේ ගංගා දෙකත් වසරකට වරක් පිටාර ගලා යනවා. නයිල් ගංගා නිම්නයේ පස සාරවත් වී ජනාවාස බිහිවුණා සේම මේ ගංගා නිම්නයේත් ජනාවාස බිහි වීම ඇරඹුණේ මේ හේතුව හින්දයි. ග‍්‍රීකයන් මේ සාරවත් භූමිය […]

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කැකිරාව වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක කැකිරාව වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කැකිරාව වැව

ඉන්දු ගංගාව ආශි‍්‍රතව බිහිවූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

මීට වසර පන්දහසකට පමණ පෙර ආසියාවේ පැවති ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් පිළිබඳ තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු. මේ ශිෂ්ටාචාරය හැඳින්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියායි. මෙය ටිබෙට් දේශයේ සිට කාෂ්මීරය ඔස්සේ පාකිස්තානය හරහා අරාබි මුහුදට ගලන ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහි වූවකි. කි‍්‍ර.පූ. 2700 සහ 1750 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය […]

හෙළ කලාවේ නිපුනත්වය පෙන්නුම් කරන අවුකන බුදු පිළිමය

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීම ආරම්භ වූයේ කවරදාකද යන්න ඉතිහාසය තවමත් ගෙනහැර දක්වන්නේ නැත. නමුත් වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වේ. කෙසේ වුවද ඒ පිළිබදව තවමත් වැඩිදුර සාක්ෂි සොයාගන්නට ඉතිහාසඥයන් අසමත්ව ඇත. Read more about හෙළ කලාවේ නිපුනත්වය පෙන්නුම් කරන අවුකන බුදු පිළිමය

අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්ය ගවේෂණ ඉතිහාසය

සූර්ය ගවේෂණ ඉතිහාසය

සූර්ය ගවේෂණ සඳහා නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකා වනුයේ 1959 දී හා 1968 දී අජටාකාශගත කළ පයනියර් 5,6,7,8 සහ 9 වේ. මෙම චන්ද්‍රිකාවන් සූර්යාගේ සිට පෘථිවියට ඇති දුරට ආසන්න දුරකින් කක්ෂගතව පැවතුන අතර ඒවා මගින් සූර්ය සුළගේ සහ සූර්යා චුම්භක කේෂ්ත්‍රයේ ප්‍රථම සවිස්තරාත්මක මිනුම් ලබා ගැනුණි. “පයනියර් 9” ඉතා දිගු කාලයක් ක්‍රියාත්මක වූ අතර එය 1987 වන තෙක් දත්ත සම්ප්‍රේෂණය සිදු කළේය.

Read more about අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්ය ගවේෂණ ඉතිහාසය

ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයෙන් පියාසර කරන යානාව

පසුගිය ජුනි 7 වැනිදා Lockheed Martin සමාගමේ අධිතාක්ෂණික යානා නිර්මාණ අංශය වන Advanced Development Program (Skunk Works) වැදගත් තොරතුරක් හෙලිකලා.එනම් බොහෝ කාලයක සිට වාර්තා වෙමින් පැවති අධිවේගී SR – 71 බ්ලැක්බර්ඩ් ඔත්තු බැලීමේ යානාවේ අනුප්‍රාප්තික SR -72 යානාව සැබැවින්ම නිර්මාණය කරමින් තිබෙන බවයි. ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක් ( 7400 Km/h) තරම් සිතාගත නොහැකි වේගයෙන් […]

අතීතයේ වෙළඳ නාවික ලොව අණසක පැතිරවූ ෆීනීෂියානුවන්

අතීතයේ වෙළඳ නාවික ලොව අණසක පැතිරවූ ෆීනීෂියානුවන්

පුරාණ ලෝකයේ නාවික හා වෙළඳ කටයුතු අතින් දක්ෂතමයන් ලෙස සැලකෙන්නේ ඔවුන්ය. සුළං බලය යොදා ගෙන තරු රටා අනුව මඟ සොයා ගනිමින් මහා සාගරය තරණය කළ ඔවුන් අති දක්ෂ නාවිකයෝ වූහ. අද ලෝකයේ වඩාත් ප‍්‍රචලිත භාෂාවක් වූ ඉංග‍්‍රීසි භාෂාවට හෝඩිය ලැබුණේ ඔවුන්ගෙනි. ඔවුන් අයත් වන්නේ වසර 4000කට පෙර පැවති ඉතා දියුණු ශිෂ්ටාචාරයකටය. ඔවුන් හැඳින්වෙන්නේ ෆීනීෂියානුවන් ලෙසයි. මේ ඔවුන්ගේ කතාවයි.

ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස්

1400-1500 කාලය වන විට යුරෝපය තුළ බොහෝ දාර්ශනිකයන් මෙන්ම ගණිතඥයන්ද බිහිව තිබිණි. ඔවුන් විසින් ලෝකය පිළිබද නොයෙකුත් අදහස් හා මතවාද ඉදිරිපත් කළහ. ඒ වන විට යුරෝපීයෝ ආසියාවට පිවිසීමට නොහැකිව එක් අතකට අතරමං වී සිටි බව කිවහොත් වරදක් නැත. මේ නිසාම ඔවුන් ආසියාවට පිවිසීමට හා නව යටත් විජිත සොයා යෑමට පුරුදුව සිටියහ. මෙකල ලෝකය පිළිබදව දාර්ශනිකයන් විවිධ මත පළ කළ නිසාම සාගරය තරණය කොට මේ ලෝකයේ ඇත්ත කුමක්ද සෙවීමට මිනිසුන් යොමු කළා කිවහොත් නිවැරදිය. මේ සදහා රාජ්‍ය අනුග්‍රහය පවා හිමිවූ අතර, එහිදී පෘතුගාලය හා ස්පාඤ්ඤය යන රටවල් පෙරමුණ ගත්හ.

Read more about ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස්

වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – මින්නේරිය වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක මින්නේරිය වැව පිළිබඳ ලිපියයි. Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – මින්නේරිය වැව

තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් තිබූ මායා ශිෂ්ටාචාරය

තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් සතුවූ මායා ශිෂ්ටාචාරය

මධ්‍යම ඇමෙරිකාවේ මායා ශිෂ්ටාචාරය ඇරඹුණේ මීට වසර 2000 පෙරයි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාශයකි. තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් ඔවුන් සතුවිය. ඔවුහු දක්ෂ ගණිතඥයින් වූහ. ලේඛන කලාව ද ඔවුන් විසින් ප‍්‍රගුණ කර තිබුණි. මායාවරු පැලෙන්ක් සහ ටිකාල් වැනි මහා නගර ඉදි කළහ. මේ නගරවල නටබුන් හා ඒවායේ ඉදිකළ දැවැන්ත දේවාල අද පවා දකින්න ලැබේ. මායාවරුන් මධ්‍යම ඇමෙරිකාවට අයත් ප‍්‍රදේශවල විසූ ජනයා සමඟ වෙළඳ ගනුදෙනු පවා කර ඇති බව සඳහන්ය. දෙවි දේවතාවුන් ගණනාවකටම පුද පූජා කරන්නට ඔවුහූ එකල පෙලඹී සිටියහ. ඔවුන් ඒ ආගමික වත් පිළිවෙත් සිදු කළේ ඔවුන්ගේ දින දර්ශනයට අනුවය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 700 කට වඩා කාලයක් පැවතිණි. ඔවුන්ගේ සංස්කෘතිය පරිහානියට ලක්වුණේ ස්පාඤ්ඤවරුන්ගේ පැමිණීමත් සමඟය. ඒ කි‍්‍ර.ව. 1500 මුල් කාගයේදීය.

error: Content is protected !!