උබාර් – අතුරුදන් නගරය

අවුරුදු දහස් ගණනකට පෙර දකුණු අරාබි කාන්තාර මායිමේ රුබි අල් කාලි (හිස් කාර්තුව) හි උබාර් නමින් ධනයෙන් ආඪ්‍යවූ නගරයක් පැවතුණු බවට ජනප්‍රවාද තිබිණී. මුළු අර්ධ ද්වීපයේම නොතිබුණු පරිදි කුලුණු රැසකින් සමන්විතවූ අයිරම් නම් කුරාන් ග්‍රන්ථයේ සඳහන් නගරය උබාර් යයි විශ්වාස කෙරිණි. එහි මහා නපුරුකම්, ගොඩනැගුණෙන්, අල්ලා දෙවියන්, දඬුවමක් වශයෙන් එම නගරය දැවෙන වැල්ලට ගිලා බැස්සවූයේ යැයි සමහර පවසති. එහි නටබුන් වලට නපුරු භූතයෙක් අරක්ගෙන සිටින හෙයින් ගමන් මග නොපෙනී තිබේ.

ද ඇරෙබියන් නයිට්ස් (අරාබි නිසොල්ලාසයේ) කථා පොතේ, උබාර් නගරයේ භයානක විනාශය ගැන පවසන්නේ, “අල්ලා දෙවියන් නගරයට යන මාවත මකා දැමීය” යනුවෙනි. බෙඩුයින්වරු එය උල්කාපාතයක් පතිතවූ ස්ථානයක් යයි කියති. “වාලුකා ඇට්ලැන්ටික් යනුවෙන් මෙය හැඳින්වූ අරාබියේ ලෝරන්ස් නම් සංචාරකයාද මෙම ජනප්‍රවාද ගත නගරය ගැන සඳහන් කර තිබේ.

අවසානයේ උබාර් නගරය හමු විය

අරාබි අර්ධද්වීපයේ, දකුණු වෙරළේ පිහිටා ඇති ඕමාන් සුල්තාන් රාජ්‍යයේ 1981දී සංචාරය කළ එකල 59හැවිරිදි නිදහස් වාර් තා චිත්‍රපට නිපදවන්නකු වූ නික් ක්ලැප්ටද මෙම අතුරුදහන්වූ උබාර් නගරය පිළිබඳ ප්‍රවාදය අසන්නට ලැබිණ. ගොඩබිමේ කාන්තාරය, අරාබි මුහුදේ අලංකාරය, පලාවන් ජලය, දිළිසෙන වෙරළ සහිත මෙම ප්‍රදේශයට ඔහු වශී වූයේය. අමෙරිකා එක්සත් ජනපදයට ආපසු ගිය වහාම මෙම ලෝක මායිම ගැන තොරතුරු රැස්කිරීම ආරම්භ කළේය.

බ’ ට්‍රම් තෝමස් 1932 දී ලියන ලද ඇරේබියා ෆීලික්ස් නම් ග්‍රන්ථය ඔහුට ලැබිණ. 1927 සිට 1930 දක්වා අරාබියේ සංචාරය කළ බ්‍රිතාන්‍ය ගවේෂකයෙකුගේ ගමන් විස්තරයත් එහි ඇත. එහි එක් ඡේදයක් ක්ලැප්ගේ අවධානයට යොමු විය.” අනපේක්ෂිත ලෙස, මට අවශ්‍යයයි සිතන කවර දෙයක් පෙන්වීමට තරම් ළාමකවූ අරාබිවරු, දිනක් බිම් පෙදෙසක් පෙන්වා මෙසේ කෑගැසුහ. සහීබ් (මහත්මයා) බලන්න අන්න උබාර්වලට යන පාර.”

”උබාර්” නික් මතුළේය. මේ ජනප්‍රවාද වල සත්‍යයක් තිබේද? උබාර් පිහිටි තැන අද සොයාගත හැකිද? ඔහු විස්මයට පත්විය. බිරිඳ කේට අතුරුදහන් වූ උබාර් නගරය සොයායාම මගේ අලුත්ම චිත්‍රපටියයි. ඔහු පැවසුවේය.

මෙයට කලින් කරන ලද ගවේෂණයන් සියල්ලම නගරය තිබු තැන හඳුනාගැනීමට නොහැකිවීමෙන් අසාර්ථක වූ බව නික් දැනගත්තේය. නිර්මාණාත්මක කාර්යයකි. ප්‍රබෝධයට පත්වන ආධුනිකයෙකුට විශේෂඥයන්ට නොහැකිවූ දේ කළ හැකිද? නික්ගේ පරිකල්පනය ගිනි ගෙන ඇවිලුනි.

කේ තම සැමියා විස්මිත දේ මඟ නොහරින බව අවබෝධ කරගෙන සිටියාය. ලොස් ඇන්ජලිස් හි දෙදෙනාගේ නිවස උමාර් පිළිබඳ පුස්තකාලයක් බවට පත්වීමට ගතවූයේ දින ගණනකි. ඉතිහාසය, භූගෝල විද්‍යාව පොත්පත් ලබාගෙන ඒවායින් අවශ්‍ය තොරතුරු ගෙන මතක සටහන් පොත් 52ක් පිරවූයේය. රහස් පරීක්ෂකයෙකුවත් මේ තරම් අනුකම්පා විරහිත නොවනු ඇත.

ළදරු ජේසුස් දැක්මට ගිය, ඥානවන්තයන් තිදෙනා ගෙන ගිය වටිනා සුගන්ධයක්වූ සාම්බ්‍රාණි වෙළෙඳාම උබාර් නගරයේ ප්‍රවාදය සමඟ සම්බන්ධ බව නික් හඳුනාගත්තේය. ඈත කාලයේ දී මෙහිදී එම සුගන්ධය මිළදී ගෙන රෝමයේ සිට චීනය දක්වා වූ වෙළෙඳ පළවල විකුණා ඇත. දකුණු ඕමානයේ චෝෆර් කඳුකරයේ කාන්තාර පැත්තේ වැඩෙන ගසකින් නිකුත්වන ශාකශාරය වියලීමෙන්, මෙය ලබාගෙන තිබුණි.

උබාර් නගරයේ සිතියම

ඈත දුරු රටවලට මෙම සාම්බ්‍රාණි වෙළඳාම පැතිරුණේ කෙසේද? නික් විමතියට පත්විය. කාන්තාරය හරහා මේ සුවඳ ධූපය ප්‍රවාහනයට මාර්ග තිබිය යුතුය. වෙළෙඳ මධ්‍යස්ථානයක්? ලැබුනු ධනය තැන්පත් වෙන තැනක්? ඒ උබාර් නගරයද? 1983 වසන්තයේදී, නික් පැරණි සයන්ස් සඟරාවේ ලිපියක් කියවීය. අභ්‍යවකාශ ෂටලයක් මඟින් නිකුත් කරන රේඩාර් තරංග ඇසුරින් මැද පෙරදිග කාන්තාවරල අභාවයට පත් ගංගා පත්ල සෙවීමට විද්‍යාඥයන්ට හැකිවූ බව එහි සඳහන් විය. ගංපතුල් සෙවීමට හැකිනම් නැති වු පාරවල් සෙවීමට මෙම් ක්‍රමයෙන් නොහැකිද?

එම ලිපියේ සම කර්තෘවරයෙකු වූ, නාසාහි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ සේවය කළ රොක් බ්ලොම්ට නික් ඇමතුමක් දී ලිපියේ සඳහන් ක්‍රමයෙන් අතුරුදහන්වූ පාරවල් හඳුනාගත හැකිදැයි විමසීය. ඒ ගැන වැඩිපුර සාකච්ඡා කරන්නට කැල්ෆෝනියා හි පැසඩෙනාහි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයට බ්ර්‍ථඹ් පැමිණීමට නික් ට ඇරයුම් කරන ලදී. අතුරුදහන්වූ නගරය සෙවීමේ අදහස, නික්ට මෙන්ම බ්ර්‍ථඹ් හි විද්‍යාඥයන්ටත් උනන්දුවක් ඇති කළේය. 1984 ඔක්තෝබරයේ අභ්‍යවකාශ ගත කිරීමට නියමිත චැලෙන්ජර් යානය මගින් එම සෙවීම් කිරීමට වැඩසටහනක් සකස් කැරිණි. නික් ද එය අනුමත කරමින් බලා සිටියේය.

’චැලෙන්ජර් පොළොවට ආපසු පැමිණි පසු ඡායාවන් පරීක්ෂා කිරීමට පුළුවනි.” බ්ලොම්ට සුභ පණිවුඩය ලබා දුන්නේය. විද්‍යාඥයෝ ඡායාවක් සකස්කර මතුපිට තොරතුරු සොයන, ආලෝක හා රේඩියෝ තරංගවල සමහර සංඛ්‍යාතයන් භාවිත කරන ලෑන්ඩ්සැට් චන්ද්‍රිකාවලින් ලැබෙන තොරතුරු සමඟ සම්බන්ධ කළහ. බ්ර්‍ථර්‍ථ මගින් බ්ලොම් දකුණු ඕමානයේ පැරණි ස්වරූපය පෙන්වීය . “වැලිකඳු වලින් වැසුණු මාර්ගයන් තිබෙනු නොඅනුමානයි.” ඔහු පැවසුවේය.

බ්ලාම්ගේ සගයෙකු වූ රොබට් ක්‍රිපන් මෙම ඡායාවන් සකස් කරද්දී නික් ඒ දෙස බලා සිටියේය. පරිගණක තීරය මත පැරණි විල් පතුලක් පැහැදිලිව පෙනේ. එහි දිගට හරහට රේඛා. පැරණි හා මෑත කාලයේ මාර්ගයන්, දැකිය හැකිවිය. තවත් ඩිජිටල් මායාවකින් එකක් හැරුණු විට අනික්වා ඉවත් කරන ලදී. එය ඩොෆර් කඳුකරයේ සිට වයඹට “හිස් කාර්තුව“ වැලි කඳු දෙපසට යන්නකි. හරියටම තෝමස් කියා තිබුණා මෙනි. මේ අතර නික් ක්ලැප් තමන්ගේ ගවේෂණය සඳහා අවශ්‍ය විශේෂඥයන් එකතුකිරීම ඇරඹීය. ශ්‍රීමත් රනුල්ෆ් ෆයිනස් කලින් උබාර් ගැන ගවේෂණය කළ වසර ගණනක් ඕමානයේ ගතකළ බ්‍රිතාන්‍ය ගවේෂකයෙකි. ජෝර්ජ් හෙජස් පුරා විද්‍යාව ගැන උනන්දු වූ නීතීඥයෙකි. අරාබි ඉතිහාසය හා මෑත පෙරදිග පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ ජුරිස් සරින්ස් තෙවැන්නා වූ අතර, අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට තවත් වසර තුනක් ගත විණ.

1990 ජූලි වලදී, මූලික පරික්ෂණයන් සඳහා නික් හා කේ ෆයිනස්, හෙජස්, සාරින්ස් හා බ්ලොම් සමගින් ඕමානයට ගුවනින් ගියහ. ඕමානයේ සංචාරක පුරයක් වූ ෂලාලාහ් නගරයේ සිට ඕමානයේ සුල්තාන්ගේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයෙන් ඉතිරි ගමන සිදුවිය. එම නගරයේ සිට හැ. 30ඈතින් වූ කඳුකරය පසු කරද්දී කාන්තාරයෙන් බියකරු වෙනස අත්විඳින්නට ලැබිණි. ඇඟ හා වේලීමෙන්, විජලනයෙන් බේරීමට නිතරම ජලය පානය කිරීමට සිදුවූයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48ටත් වැඩි වූ හෙයිනි. “හිස් කාර්තුව “ තුළ වූ ස්ථානයේ කිහිප යක් නිරීක්ෂණය කළත් වටිනා දෙයක් හමු නොවීය.

ඇවිස්සු සාරින්ස්ට ඔප දැමූ පිඟන් කටු කැබැල්ලක් හමුවිය. එහි ගැටියේ පැහැදිලි වෘත්තාකාරව පිහිටි තිත් සමූහයක් දකින්නට ලැබිණ. එය මෙතෙක් එකතුකරගත් කැබිලිතිවලට වඩා වෙනස් එකකි. අපේ උත්සාහයට ලැබුණේ මෙපමණද? කැබිලිති මල්ලක්! නික් කණගාටුවට පත්විය. දේශගුණය තවදුරටත් යහපත් නොවූයෙන් ආපසු ආවේ, උබාර් ගැන ක්ෂේත්‍ර චාරිකාව පසුබෑමක් ලෙස සලකමිණි.

එසේ වුවත්, සම්පූර්ණ ගවේෂණයක් සැලසුම් කර තිබිණ. අගෝස්තු වන විට සදාම් හුසේන්ගේ හමුදා කුවේටය ආක්‍රමණය කළෙන් ගවේෂණ සංචාරය නතර කිරීමට සිදුවිය. තවද ආපසු පැමිණීමට ලැබේද? නික් දුර්මුඛව සිතීය. නිරිතදිග මිසුරි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ලට්ටලොට්ට පිරුණු තම කාමරයේදී සාරින්ස් එකතුකරන ලද පිඟන් කටු කැබලි ගැන යළිත් අවධානය යොමු කළේය. සිස් ආ ක්ෂේම භූමියෙන් ලැබුණු රවුමට තිත් වැටුණු පිඟන් කැබැල්ල ගැන කුතුහලයෙන් බැලීය.

මේ අමුතු කැබලිත්ත ඇත්තෙන්ම අවුුදු 2000ක් පමණ පැරණි එකක් බවට හඳුනාගැන්මට හැකිවිය. ඒවා ඩෝෆර් කඳු වැටිය දෙපසින්ම තිබී හමුවීම කලකදී පැතිරුණු සංස්කෘතියන් එම පෙදෙසේ පැවති බවට ලකුණකි.“ හිස් කාර්තුව තුළ වැලිකඳු වලින් යමක් හමුනොවීම ප්‍රශ්නයක් නොවේ. පෙදෙසේ හිස් බව උබාර් තවත් ඈතක බවට ලකුණකි. හමුවූ මාර්ගය නම් නිවැරදියි. නමුත් ගමන වැරදි දිශාවටයි.

පැසඩෙනාවල බ්ලොම්ටද මේ සඳහා සාක්ෂි ලැබිණ. ගවේෂණය සිදු වූයේ වයඹට, කාන්තාරය දෙසටයි. දැන් ඔහු අනික් පැත්තට සාම්බ්‍රාණි තිබෙන කඳුකරයෙන් මඳක් උතුරු දෙසට අවධානය යොමු කළේය. අලුත් යමක් දකින බලාපොරොත්තු වූයෙන් බ්ලොම් නව චන්ද්‍රිකා ඡායාරූපවල, මාර්ගයේ නැගෙනහිර අවසාණයේ තැනකට එකතුවන කුඩා මාවත් රැසක් දුටුවේය. ඒ වැලිකුණාටුවේදී නැවතුණු සිස්ආ ක්ෂේම භූමිය වෙතටයි. උබාර් පිහිටා ඇත්තේ මේ අසලටයි.

1991 නොවැම්බරයේදී කණ්ඩායම නැවතත් ඕමානයට ආවේය. ලෑන්ඩ්රෝවරයකින් යමින් ස්ථාන කිහිපයකට කැණීම් කරන ලදී. අවසානයේදී ක්ෂේම භූමියටම පැමිණියහ. ගාරින්ස්ට, හොඳින් පරීක්ෂා කරනවිට, ක්ෂේමභූමිය පිඟන් කැබිලිතිවලින් පිරී ඇති බව අවබෝධ විය. මෙහි යම් යම් දේ එකතු වෙන්නට ඇත. නමුත් මෙම ස්ථානය සාම්බ්‍රාණි ව්‍යාපාරයට සම්බන්ධ බවට සාධකයක්? නිවැරිදිව හඳුනාගැනීමට නම් එහි රෝම ශ්‍රීක භාණ්ඩවල කැබිලිති තිබිය යුතුය. සිරියාවෙන්, චීනයෙන් හෝ ඉන්දියාවෙන් ලැබුණු ආදර්ශද (පිඟන් බඩු හෝ වීදුරු) තිබිය යුතුයි. ගාරින්ස් නික්ට කීවේය. “අනුමාන කිරීමෙන් වැඩක් නැහැ. කැණීම් කර බලමු.”

ගාරින්ස් විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා ශිෂ්‍යයන්, ඕමාන්වලින් ස්වේච්ඡා සේවකයන් මේ සඳහා සහභාගි කරගත්තේය. ප්‍රදේශයේ මීටර්3ක් සමචතුරශු කොටුවලට බෙදා වෙන් කරන ලදී. වරකට එක් පස් පනිට්ුව බැගින් ගෙන පරීක්ෂා කළහ. හුණුගල් කුට්ටිවලින් කරන ලද බිත්තියක් මතුවිය. ඊළඟ සති කිහිපයකදී දෙපසට යනවිට අශ්වලාඩම හැඩැති නිර්මාණයක්, කුලුනක පදනමක් හමු විය. මේ ගැන සිතන්න” ශාරින්ස් ඉතාම සතුටින් කීවේය.” නිකරුණේ කුලුණු හදන්නේ නැහැනේ? එහෙම හදනවාද?” නික්ගෙන් විමසීය.

නොවටින තැනක බලකොටුවක් කුමටද? නික් කල්පනා කළේය. ඊළඟ සතිවලදී, කාන්තාර වැල්ලෙන්, බිත්ති, කුලුනු රැසක් (පදනම්) දක්නට ලැබිණි. දිනක් ශාරින්ස්ගේ මේසන් හැන්දට කැඩෙන සුළු සුමට වස්තුවක් හමුවිය. එය වටා තිබුණු වියලි පස් සියල්ලම සුමට බුරුසුවකින් ඉවත් කරන ලදී. එය දම්පාටින් හා කොළපාටින් දිළිසෙයි.

වීීදුරු! “ශාරින්ස් මේවා රෝමයෙන් හෝ පර්සියාවෙන් ගෙනැවිත් ඇත. දුරබැහැර සංස්කෘතින් සමඟ සම්බන්ධතාව පෙන්නුම් කරයි. ඉක්මනින්ම වසර 2000ක් පමණ පැරණි පිඟන්භාණ්ඩ කැබලි ද හමුවිය. ශාරින්ස් මේ ගැන නික්ට පැවසූ විට ඔහු එම සුබ පණිවුඩයට සිනහ විය. උබාර් සොයාගැනීම ගැන සාක්ෂි ලැබිණ. නික්ගේ දහ අවුරුදු සෝදිසිය අවසාන විය. බාර් නගරයේ ස්වභාවය ගැන නික් නිතරම කල්පනා කළේය. එහි පිළිවෙළ පිළිබඳ උපකල්පනයක යෙදුණි.

කණ්ඩායමට කුලුණු අටක පදනම් හමුවිය. ඒවා අඩි 30 තරම් උස කුලුණු වෙන්නට ඇත. එසේනම් උස බලකොටුවකි. රජකෙනෙකුත් රජ කරන්ට ඇත. අෂ්ඨාකාර කොටුව, පළලැති ශාලාව, මැද ළිඳක් තිබෙන්නට ඇත. ඒ අසලට වෙළඳපලක් කොටුවෙන් පිටත වෙළෙඳුන්ගේ ගබඩා විය. එලිමහනේ කූඩාරම්වල ඔටුවන්ගේ තවලම්, ලෝකයේ හතර දිග් භාගයටම වෙළෙඳාමේ යන්නට ඇත.

දුරගමනට නගරය මැදින් වූ ළිඳ ජලය සැපයුවේය. නමුත් එම ජීවිතයේ සැපයීමම, නගරයේ විනාශයත් ගෙන එන්නට ඇත. යම්කිසි නොදන්නා හේතුවක් නිසා භූගත ජලය හිඳිණි. නගරය වැල්ලට යටවිය . භූමිකම්පාවකින්ද? උබාර් හි බියකරු අවසානය, නික් ගේ සෙවීමේ පදනමට මුල පිරීය. 1992 පෙබරවාරි 4 දා නික් ඇතුළු කණ්ඩායම පුවත්පත් රූපවාහිනිය ඇතුළු ජනමාධ්‍යයන් හමුවේ අතුරුදහන් වූ උබාර් නගරය සොයාගැනීම පිළිබඳ ලෝකයට ප්‍රකාශ කළහ. පසුවදාම “වාලුකා ඇට්ලැන්ටිස්” නම් මේ ප්‍රවෘත්තිය ජනමාධ්‍ය වලින් ප්‍රචාරයට පත්විය. බොහෝ විශේෂඥයන්ට සොයාගැනීමට අසමත්වූ ප්‍රබෝධමත් තීරණාත්මක කාර්යයකට අතගැසූ ආධුනිකයකුගේ මේ හපන්කම බොහෝ දෙනෙකු මවිතයට පත් කළේය.

රීඩර්ස් ඩයජස්ට් ඇසුරිනි

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *