අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්යයා

සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු ‍අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියයි. ‍එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කැරෙයි.

සූර්යයා ගේ මතු පිට සංයුතිය හයිඩ්‍රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ.

සුර්යයාට ඇත්තේ G2V ලෙස හැදින්‍වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි.

එහි වර්ණාවලිය සතුව අයනීකරණය වු සහ උදාසීන ලෝහ රේඛා මෙන්ම ඉතා දුර්වල හයිඩ්‍රජන් රේඛාද වේ. වර්ණාවලි පන්තියේ V යන්නෙන් අදහස් වන්නේ බොහෝ තාරකා මෙන්ම සුර්යයාද ප්‍රධාන අනුක්‍රමයේ තරුවක් බවයි. එනම්, එමගින් ශක්තිය නිපදවන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි හා හීලියම් න්‍යෂ්ටි විලයනයෙනි. අපගේ ගැලැක්සියේ G2 පන්තියේ තාරකා මිලියන 100 කට අධික සංඛ්‍යාවක් තිබේ. කුඩා සහ සාපේක්ෂව වැදගත් නොවන තරුවක් ලෙස සැලකණු සූර්යයා ගැලැක්සියේ ඇති තාරකා 85% කටත් වඩා දීප්තිමත් බවක්පෙන්වයි.

ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයා‍ට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක් ආලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්ථාව ඇත.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනිටය වැඩිම තාරකාව සූර්යයා වේ.

භ්‍රමණය

සූර්යයා සමන්විත වන්නේ ප්ලාස්මාවකින් වන අතර එය ඝන වස්තුවක් නොවන බැවින්, එහි ධ්‍රැවයන්හිදීට වඩා වේගයෙන් එය එහි නිරක්ෂයේදී භ්‍රමණය වෙයි. මෙම ආචරණය හැඳින්වෙන්නේ ආන්තර භ්‍රමණය ලෙසින් වන අතර, එය එසේ වන්නේ සූර්යයා තුල ඇති වන සංවහනය නිසා සහ එහි ගර්භයෙහි සිට ඉවතට පවතින තියුණු උෂ්ණත්ව අනුක්‍රමණයන් නිසාවෙන් ඇති වන ස්කන්ධ ගමනය හේතුවෙනි. ක්‍රාන්තිවලමය උත්තර ධ්‍රැවයෙහි සිට බලන කල්හී සූර්යයාගේ වාමාවර්ත කෝණික ගම්‍යතාවයෙහි කොටසක බැර මෙම ස්කන්ධය විසින් දැරෙන අතර, එනයින් කෝණික ප්‍රවේගයෙහි විබෙදුම යළි සිදුකෙරෙයි. මෙම සත්‍ය භ්‍රමණයෙහි කාලාවර්තය දළ වශයෙන් නිරක්ෂයෙහිදී දින 25.6 ක් හා ධ්‍රැවයන්හී දින 33.5 පමණ වෙයි. කෙසේවෙතත්, සූර්යයා වටා පරිභ්‍රමණය නිසාවෙන් අප විසින් පෘථිවියෙහි සිට සූර්යයා නැරඹුම් ලක්ෂ්‍යය නිරන්තරයෙන් වෙනස් වන බැවින්, එහි නිරක්ෂයෙහිදී තාරකාවෙහි දෘශ්‍ය භ්‍රමණය දින 28 ක් පමණ වෙයි. මෙම ලැසි භ්‍රමණයෙහි කේන්ද්‍රාභිසාරී ආචරණය සූර්යයාගේ නිරක්ෂයෙහිදී පෘෂ්ඨික ගුරුත්වයට වඩා 18 මිලියන ගුණයක් දුර්වල වෙයි. ග්‍රහ ලෝකයන්හී උදම් ආචරණය මෙයටත් වඩා දුර්වල වන අතර, සූර්යයාගේ හැඩය සැලකිය යුතු තරම් වෙනස් නොකරයි.

රසායනික සංයුතිය

සූර්යයා සෑදී ඇත්තේ රසායනික මූලද්‍රව්‍ය වලිනි. ඒවා කොතරම් සුලබ ද, ග්‍රහලෝකවල ඇති මුල ද්‍රව්‍ය වලට ඒවායේ ඇති සබඳතාවය සහ සුර්යයාගේ අභ්‍යන්තරය තුල ඒවායේ විසරණය කෙබඳුද යන්න සොයා බැලීමට නොයෙකුත් විද්‍යාඥයින් විසින් මෙම මුලද්‍රව්‍ය විශ්ලේෂණය කරනලදි.

නිරීක්ෂණය සහ ඇසට සිදුවන හානිය

සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සුර්යයා දෙස කෙටි වේලාවක් කෙලින්ම බලා සිටීම වේදනාකාරී විය හැකිය. නමුත් එය සාමාන්‍ය, කණිනිකාව විශාල නොවූ ඇස්වලට එතරම් ගැටලුවක් ‍ඇති නොකරයි. කෙලින්ම සූර්යයා දෙස බැලීමෙන් Phosphene දෘෂ්ටි මායාවන් සහ තාවකාලිකව අර්ධ වශයෙන් අන්ධවීම සිදුවිය හැකිය. එමඟින් මිලිවොට් 4 ක පමණ සූර්යාලෝකයක් දෘෂ්ටි විතානය මතට පතිත වන අතර එමඟින් දෘෂ්ටි විතානය මද වශයෙන් උණුසුම් වී ආලෝකයට අනුව නිසි පරිදි ප්‍රතිචාර දැක්විය නොහැකියාවක් ඇති අක්ෂිවලට හානි ඇති කරයි. UV කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක ගන්නා අතර, ඇසේ සුද (Cataracts) ඇති වීමට මෙය දායකවන බව විශ්වාස කරයි. නමුත් මෙසේ සිදුවන්නේ සූර්ය UV කිරණවලට සාමාන්‍ය ලෙසට නිරාවරණය වීම නිසා මිසක සූර්යයා දෙස කෙලින්ම බලා සිටීම නිසා ‍නොවේ. සූර්යයා දෙස ‍බොහෝ වේලාවක් කෙලින් බලා සිටීම නිසා UV කිරණ මඟින් ඇති කරන පිළිස්සීම් වැනි දෑ තප්පර 100 ක පමණ පසු දෘෂ්ටි විතානය මත ඇති විය හැකිය. විශේෂයෙන් ම සූර්යයාගෙන් පැමිණෙන UV කිරණ තීව්‍ර හා හොඳින් නාභිගත ‍වී ඇති අවස්ථාවල මෙම තත්ත්වය ඇති වේ. කුඩා දරුවන්ගේ ඇස් හෝ අලුතින් කාච තැන්පත් කරන ලද ඇස් (වයස්ගත වන සාමාන්‍ය ඇස් වලට වඩා වැඩි UV කිරණ ප්‍රමාණයක් මෙම ඇස් වලට ඇතුළු වේ) Zenith අසල සූර්ය කෝණ, සහ උස් අක්ෂාංශ වල සිට නිරීක්ෂණ කිරිම වැනි හේතු නිසා තත්වය වඩා බරපතල විය හැකිය.

අඩවියෙන් ඔබ වෙත ගෙන එන “සූර්ය ගවේෂණ ඉතිහාසය” පිළිබඳ මීලඟ ලිපියෙන් හමුවෙමු.

උපුටාගැනීම : විකිපීඩියා

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *