අපේ සෞරග්‍රහ මණ්ඩලය – සූර්ය ගවේෂණ ඉතිහාසය

සූර්ය ගවේෂණ ඉතිහාසය

සූර්ය ගවේෂණ සඳහා නිර්මාණය කරන ලද පළමු චන්ද්‍රිකා වනුයේ 1959 දී හා 1968 දී අජටාකාශගත කළ පයනියර් 5,6,7,8 සහ 9 වේ. මෙම චන්ද්‍රිකාවන් සූර්යාගේ සිට පෘථිවියට ඇති දුරට ආසන්න දුරකින් කක්ෂගතව පැවතුන අතර ඒවා මගින් සූර්ය සුළගේ සහ සූර්යා චුම්භක කේෂ්ත්‍රයේ ප්‍රථම සවිස්තරාත්මක මිනුම් ලබා ගැනුණි. “පයනියර් 9” ඉතා දිගු කාලයක් ක්‍රියාත්මක වූ අතර එය 1987 වන තෙක් දත්ත සම්ප්‍රේෂණය සිදු කළේය.

1970 දී “හේලියස් 1” චන්ද්‍රිකාව මගින් සහ “ස්කයිලැබ්” අභ්‍යාවකාශ නැවතුම්පලේ “ඇපලෝ” දුරේක්ෂය මගින් සූර්ය සුළග සහ සූර්ය ‍කොරෝනාව පිළිබඳ ඉතා වැදගත් දත්ත විද්‍යාඥයින්ට සපයන ලදී. හේලික්ස් – 1 චන්ද්‍රිකාව ඇමරිකාව එක්සත් ජනපදයේ සහ ජර්මනියේ ඒකාබද්ධ ව්‍යාපෘතියකි. එය බුදගේ කක්ෂයේ සූර්යාට සමීප ස්ථානයක රැදී සිටිමින් සූර්යා සුළග පිළිබදව අධ්‍යයනයක නිරත විය. “ස්කයි ලැබ්” අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 1973 දී “නාසා” ආයතනය මගින් අජටාකාශ ගත කරන ලද අතර එහි වූ සූර්යා‍ ගවේෂණ මොඩියුලය “ඇපලෝ දුරේක්ෂ නැංවුම” ලෙස නම් කරනු ලැබූ අතර එය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ නවාතැන්ගත් ගගනගාමීන් විසින් ක්‍රියා කරවනු ලැබීය. සූර්ය රැස්වළලු මගින් නිපදවෙන සූර්ය සංක්‍රාන්ති මණ්ඩලය පිළිබඳ ප්‍රථම කාල නිර්ණය කළ නිරීක්ෂණය සිදු කරන ලදී. ඒ හැර පාරජම්බුල විමෝචනයේදී නිරීක්ෂණය කරන ලදී. “රැස් වළලු සංක්‍රාමණය” ලෙස පසුව හඳුන්වනු ලැබූ රැස් වළලු ස්කන්ධ විසර්ජනය පිළිබඳ ප්‍රථම නිරීක්ෂණය සහ සූර්ය සුළඟ සමග තදින් බැඳී පවතින රැස් වළලු සිදුරු පිළිබඳ නිරීක්ෂණ ඇතුළු ‍බොහෝ සොයාගැනීම් මෙම පරීක්ෂණාගාරය මගින් සිදුවිය.

හේලියස් 1 චන්ද්‍රිකාව

1980 දී නාසා ආයතනය මගින් Solar Maximum ව්‍යාපෘතිය දියත් කරන ලදී. සූර්ය ක්‍රියාකාරිත්වයන් අධික වූ කාල සීමාවක් තුළ සූර්ය ගිනිදැල් මගින් නිකුත්වන ගැමා කිරණ , X – කිරණ , සහ පාරජම්බුල කිරණ නිරීක්ෂණය කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව සැලසුම් කරන ලදී. දියත් කිරීමෙන් මාස කිහිපයකට පසු පරිපථ දෝෂයක් නිසා යානය හදිසි අවස්ථාවන් සඳහා සූදානමින් පසුවන මට්ටමට පත් වූ අතර යානය ඉදිරි වසර තුනක කාලය තුළ මෙම අක්‍රීය අවස්ථාවේ පසු වුණි.

1984 දී චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටලයේ මෙහෙයුම් අංක STS – 41C මෙහෙයුම යටතේ දී චන්ද්‍රිකාවේ වැරදි නිවැරදි කරන ලද අතර නැවත මුදා හැරීමට පෙර එහි පරිපථ අළුත්වැඩියා කරන ලදී. පසුව මෙම චන්ද්‍රිකාව විසින් 1989 ජුනි මස පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වීමට ප්‍රථමයෙන් සූර්යා රැස් වළලුවල ජායාරූප දහස්ගණනක් ලබා ගැණුනි.

සුර්යා ගිනිදැල් X – කිරණ තරංග ආයාමය යට‍තේ ජායාරූපගත කිරීම සදහා ජපානය 1991 දී යෝකොහෝ (සූර්යකිරණය) චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී. මෙහෙයුම් දත්ත මගින් විද්‍යාඥයින්ට එකිනෙකට වෙනස් විවිධ සූර්ය ගිනිදැල් වර්ග හදුනාගැනීමට හැකිවිය. තවද සූර්යා රැස්වළලු කලින් සදහන් කළ පරිදි උපරිම ක්‍රියාකාරී කලාපයේ ඇති නොවී ඉන් මදක් බැහැරින් වූ ප්‍රදේශවල හට ගන්නා බව මෙමගින් ආදර්ශනය කළේය. යොකොහෝ චන්ද්‍රිකාව පූර්ණ සූර්ය වටයක් නිරීක්ෂණය කිරීමට සමත් වුවද 2001 දී ඇති වූ වලයාකාර ග්‍රහණය නිසා එහි සූර්ය නිරීක්ෂණ පද්ධතිය නැතිවී ගිය අතර එය හදිසි අවස්ථාවන් සදහා සූදානම් මට්ටමට පත් වුණු අතර 2005 වසරේදී පෘථිවි වායු ගෝලයට නැවත ඇතුල්වීමේ දී එය විනාශ වී ගියේය.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහ නාසා ආයතනයේ ඒකාබද්ධතාවයෙන් ගොඩනංවන 1995 දෙසැම්බර් 02 දින දියත් කරන ලද “සූර්ය සහ සූර්යා දර්ශක පරීක්ෂණාගාරය තවත එක් වැදගත් සූර්ය නිරීක්ෂක ව්‍යාපෘතියකි. මෙය සත්‍ය වශයෙන්ම වසර දෙකක් සඳහා නිර්මාණය කරන ලද්දක් වුවද , එය දැනට වසර දහයකටත් වඩා ක්‍රියාකාරී මට්ටමේ පවතී. (2007 දක්වා) මෙම ව්‍යාපෘතිය ඊට පසුව ගෙන එන ලද “සූර්ය ගතික පරීක්ෂණාගාර” ව්‍යාපෘතියට ‍බොහෝ සේ ප්‍රයෝජනවත් විය. මෙම චන්ද්‍රිකාව 2008 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කෙරිණි. සූර්යයා හා පෘථිවිය අතර වන ගුරුත්ව උදාසීන ලක්ෂ්‍යයේ (සූර්යාගේ හා පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයන් සමාන වන තැන) මෙය ස්ථානගත කොට ඇත. දියත් කරන ලද දිනයේ සිට විවිධ තරංග ආයාමවලින් සූර්යාගේ ස්ථායී ජායාරූප බොහෝමයක් ලබා ගැනීමට SOHO චන්ද්‍රිකාව සමත් විය.

පුහුණු වන ගගනගාමීන්

SOHO හි සෘජු සූර්ය නිරීක්ෂණය හැරුණු විට එමගින් බොහෝ ධූම කේතූන් ද සොයාගැනීමට හැකිවිය. මේවායින් බොහොමයක් සූර්යාට ළංවන විට පිලිස්සී අලුවන ක්ෂුද්‍ර සූර්ය දිලිසුම් ධූම කේතු විය.

සියලුම චන්ද්‍රිකා සූර්ය නිරීක්ෂණය කර ඇත්තේ සමතලා කක්ෂ තලයක සිටය. එමනිසා ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ නිරක්ෂයට යාබද ප්‍රදේශ පමණි. සූර්යාගේ ධ්‍රැව ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අරමුණින් 1990 දී “යුලිසිස්” චන්ද්‍රිකාව කක්ෂගතකරන ලදී. ප්‍රථමයෙන් එය බ්‍රහස්පති වෙත ගමන්ගත් අතර slingshot මගින් එය කක්ෂවලට බොහෝ ඉහළින්වන කක්ෂයක් කරා ගමන් ගන්නා ලදී. තත්කාලීන න්‍යායන්ට අනුව එය 1994 දී ශූමාකර් – ලෙවී 9 ධූමකේතුව බ්‍රහස්පති සමග ගැටීම නිරීක්ෂණය කිරීමට හොඳින් ස්ථානගතව පැවතුණි. “යුලිසීස්” චන්ද්‍රිකාව තමාගේ සැලසුම්ගත කක්ෂයේ ගමන්ගන්නා විට ඉහළ සූර්ය අක්ෂාංශවලදී සූර්යා සුළඟ සහ සූර්ය චුම්භක කේෂ්ත්‍රය ප්‍රබලව නිරීක්ෂණය කරන ලදී. තවද ඉහළ සූර්ය අක්ෂාංශවලදී නිකුත් වුන සූර්ය සුළඟ අපේක්ෂිත අගයට වඩා අඩු අගයක් වන තත්පරයට කිලෝමීටර් 750 ක වේගයෙන් චලනයවන බවද එමගින් සොයා ගැණුනි. තවද ඉහළ අක්ෂාංශවලින් මුදා හැරෙන චුම්භක තරංග , තාරකා මණ්ඩලය තුළ තැනින් තැන පවතින අන්තරීක්ෂ විකිරණ තුළින් මතුවන බවද මෙම චන්ද්‍රිකාව මගින් සොයා ගැණුනි.

SOHO චන්ද්‍රිකාව

ප්‍රකාශ ගෝලය තුළ මූලද්‍රව්‍යවල සුලභතාවය වර්ණාවලීක්ෂ අධ්‍යයනයන් මගින් සොයාගෙන ඇති නමුත් සූර්යාගේ අභ්‍යන්තර සංයුතිය පිළිබඳව ඇත්තේ දුර්වල දැනුමකි. සූර්ය සුළං සාම්පලයක් නැවත රැගෙන ඒමේ ව්‍යාපෘතිය හෙවත් “ජෙනිසීස්” ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ සූර්ය තැනුම් ද්‍රව්‍යය පිළිබඳ පැහැදිලි මිණුම් විද්‍යාඥයින්ට ලබාගැනීමට හැකිවීමටය.

ජෙනිසීස් යානය 2004 වසරරේදී පෘථිවියට නැවත ඇතුල් වුණ නමුත් පෘථිවි වායු ගෝලයට නැවත ඇතුල්වීමේ දී එහි පැරෂුට් පද්ධතියේ ඇති වූ දෝශයක් නිසා පොළවේ ගැටී චන්ද්‍රිකාවට හානි සිදුවිය. දැඩි හානි සිදු වුවද , අභ්‍යාවකාශ යානයේ නැවත පැමිණි කොටස්වලින් වැදගත් සාම්පල කිහිපයක් සොයා ගැණුනි. මේ වන විටත් ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතී.

සූර්යා පෘථිවි සම්බන්ධතා පරීක්ෂණ (STEREO) ව්‍යාපෘතිය 2006 ඔක්තෝබර් මාසයේ දී දියත් කරනු ලැබීය. මෙමගින් සුවිශේෂ චන්ද්‍රිකා දෙකක් කක්ෂ ගත කරන ලදී. එකක් සූර්යාගෙන් පෘථිවියට විරුද්ධ පසින් ද අනෙක පෘථිවියට ආසන්නයේ කක්ෂගත කිරීමෙන් රැස්වළලු ස්කන්ධ විසර්ජනය වැනි සූර්ය සංසිද්ධි පිළිබඳ ත්‍රිමානේක්ෂීය අවබෝධයක් ලබාගැනීමට තීරණය කරන ලදී.

එක් චන්ද්‍රිකාවක් සංසිද්ධියක් ළඟම තාරකා පද්ධතිය වන ඇල්ෆා සේනචූරිවලින් නිරීක්ෂණය කළේ නම් සූර්යා කැසියෝහියා තාරකා මණ්ඩලය තුළ දිස්විය යුතු වුණි.

 

උපුටාගැනීම : විකිපීඩියා

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *