වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කැකිරාව වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක කැකිරාව වැව පිළිබඳ ලිපියයි.

කැකිරාව වැව

දුටුගැමුණු රජ දවස ජීවත් වූ ගොවියෙක් දිනක් කුරක්කන් හේනක ඇවිදිමින් සිටියා. හේනේ කුරක්කන් ගස් කිහිපයක් තැලී පොඩිවී තිබෙනු දුටු ඔහු ඊට හේතුව සොයා බැලුවා. දුටු දෙයින් දෙනෙත් අදහාගත නොහැකිව ඔහු විශ්මයට පත් වුණා. එමෙන්ම කණගාටුවටද පත් වුණා. ඒ විශාල නාගයකු හා මුගටියන් දෙදෙනෙකු සටන් කරන අයුරු දැකීමෙන්. ගොවියාට තනිව සටන් කරන නාගයා ගැන අනුකම්පාවක් ඇති වූ අතර, ඔහු මුගුරකින් පහර දී මුගටියන් පළවා හැර නාගයා බේරා ගත්තා.

තුවාල වූ නාගයාට, වතුර ගෙනැවිත් පෙව් ගොවියා නාගයා ගිය පසු සිද්ද්හිය ගැන සිතමින් එදා රැයේ ගොවියා පැල් රැකීමේ නිරත විය. එක්වරම රාත්‍රී අඳුර මකමින් මහාත් වූ එළියක් විහිදෙනු  දුටු ඔහු ඒ ගැන විමසිලිමත් විය. එවිට ඔහු දුටුවේ දෙනෙත් අදහාගත නොහැකි පුදුම දසුනකි. කැකිරි ගෙඩියක් තරම් විශාල මැණිකක් නයා සිටි තැන තිබුණි. ඒ දැක බිය වුණු ගොවියා මේ පුවත දුටුගැමුණු රජුට සැල කර සිටියේය. රජතුමා කැකිරි මැණික බැලීමට හේනට ආ අතර මැණික දැකීමෙන් රජු අප්‍රමාණ සතුටට පත් විය.

රජතුමා මැණික තිබූ තැන වැවක් තැනුවා, එය කැකිරාව වැව නමින් නම් කළේය. එළාර සමග කළ සටනින් පසුව ස්වර්ණමාලී චෛත්‍යය ඉදිකොට කැකිරි මැණික එහි නිදන් කළබව ජනප්‍රවාද වල සඳහන් වේ. කැකිරාව වැවට එම නම් ලැබුණේ එලෙසින් බවයි ජනප්‍රවාදයේ සදහන් වන්නේ.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *