වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – හල්මිල්ල වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක හල්මිල්ල වැව පිළිබඳ ලිපියයි.

හල්මිල්ල වැව

කලා වැවට ආසන්නව ගමක දක්ෂ බෙර වාදකයන් පිරිසක් ජීවත් විය. බෙර වාදනය ගැන ඔවුන් රට පුරා ප්‍රකටව සිටියහ. වාර්ශිකව පවත්වන්නාවූ පෙරහැරවලට ඔවුනට නිතරම ආරාධනා ලැබුණි. දිනක් එගම් වැසියෙක් බෙර වාදනයට පිටත්ව යන අතර මගදී රජතුමා මුණ ගැසුණි. ඔහු රජතුමාගේ රථ පෙරහැරට ඉඩදී යටහත්ව පාරෙන් ඉවත් වූ අතර රජුගේ පෙරහැරේ ගමන් කළ හේවායෙක් අසු පිටේ හිදිමින්ම බෙරයට පයින් ඇන්නේය. හේවායා කළ එම නොහොඹිනා කාර්ය්‍යෙන් කුපිත වී ගිය බෙර වයන්නා අහින පදයක් වැයුවා විය. ඒ බෙර වාදනය අහන් ඉන්න අයට ස්වයංව නැටවෙන්නට විය. ඒ ශබ්ධය ඇසී රජතුමා වහාම එතනට පැමිණියේය

සිද්ධිය එතෙකින් නිමා වූ අතර, එම ගම් වැසියා මෙතරම් ලස්සනට බෙර වයන්නේ කෙසේදැයි රජතුමා කල්පනා කරන්නට විය. බෙර වාදනයෙන් සතුටු වුණු රජතුමා රහසේම ඒ ගමට යන්නට මගක් සෙවීය. කෙටි කළක් ඇවෑමෙන් වෙස් වලාගත් රජතුමා පෙරකී සිද්ධිය යළි මතක් වී, එම ගම වෙත හොරෙන්ම පැමිණියේය. ඒ අවස්ථාවේදී බෙර වාදකයෝ ගුරුන්නාන්සේ කෙනෙකු යටතේ හල්මිල්ල කැලයකට වැදී බෙර වාදනය පුහුණු වෙමින් සිටි අතර ඒ දුටු රජතුමා මිහිරි ලෙස බෙර වැයූ එම පිරිසට හල්මිල්ල යාය පවරා දුන්නේලු. එපමණක්ද නොව ඔවුනට වැවකුත් හදා දුන් බව ජනප්‍රවාද වල සඳහන්. ඔවුන් ඒ වැවේ දියවරින් ගොවිතැන් කළහ. හල්මිල්ල යායේ එදා හැදූ වැව හල්මිල්ල වැව යනුවෙන් ප්‍රකට විය.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *