වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – කනදරා වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක කනදරා වැව පිළිබඳ ලිපියයි.

කනදරා වැව මහසෙන් රජුගේ වාරි නිර්මාණයක්. මහසෙන් රජතුමා කනදරා ඔය හරස් කොට බාණුවාපි නමින් වැවක් ඉදි කලේය. බාණුවාපී වැවට ජනයා වැහැරුවේ කණා වැව යනුවෙනි. කළක් ගතවන විට කණා වැවට මහවැසි ඇද හැලුණි. වැවේ ජල මට්ටම වැඩි වෙත්ම අතිරික්ත ජල කඳ පිටව යාමට සොරොව් අරින ලද අවස්ථවේ මේ වැවේ හිටි කණයකු වැවේ සොරොව්වේ හිර විය. සොරොව්ව වැසීමට නම් කණයා ඉවත් කළ යුතුය. එහෙත් කණයා ඉවත් කරන්නට කිසිවකු හෝ ඉදිරිපත් වූයේ නැත. ඒ නිසාවෙන්, රජු ඒ සදහා කෙනෙකු සොයා ගන්නට අණ බෙරයක් පිටත් කරන ලදී. අණ බෙරය කණ වැකුණු කනදරා රාළ නම් තැනැත්තා ඒ කාර්‍ය බාරගෙන රජවාසලට පැමිණියේය. ඔහු නියමිත දිනයේදී කණයා අයින් කිරීමට සූදානම් වූ අතර, තමා වැවේ කිමිදී කණයා ඉවත් කළ පසු ගොඩට ගන්නැයි යහළුවෙකුට පැවැරුවේය. කනදරා රාල වැවේ කිමිදී කණයා කපා ඉවත් කළ අතර කී පරිද්දෙන් යහළුවා ඔහු ඉහළට ගත්තේ නැත. එහෙයින් සොරොව්වෙන් ගලා ආ දිය කඳට කනදරා රාල ගහගෙන යන ලදී. සියල්ල අවසානයේ තමා විසින් කණයා කපා ඉවත් කළ බව පවසමින් මිතුරා රජුගෙන් තෑගිබෝග හා ගම්වර ලබා ගත් අතර කනදරා රාළ ගසාගෙන ගිය වැව පසුකාලයක කනදරා වැව ලෙස ප්‍රකට වූ බවයි ඉතිහාස කතා වලින් කියැවෙනුයේ.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *