අගහරු ගේ උපග්‍රහයන් වෙතට යවන අලුත්ම යානය

අගහරු ගවේෂණයේදී මෙතෙක් ළගා නොවූ ඉලක්කයක් වෙත ලගා විය හැකි මෙහෙයුමක් පිලිබදව නාසා ආයතනය හෙළි කර තිබේ.එය නම් කර ඇත්තේ අගහරු චන්ද්‍ර ගවේෂණ යානය (MMX) වශයෙනි. 2024 දී උඩුගුවනට යැවීමට නියමිත අගහරු චන්ද්‍ර ගවේෂණ යානය මගින් ෆෝබෝස් හා ඩයිමෝස් නම් අගහරුට අයත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සමීපව ගවේෂණය කිරීමටත් ,ඉන්පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත සිදුකරන ගොඩබැසීමකින් ලබාගන්නා ද්‍රව්‍ය සාම්පල රැගත් විශේෂ කැප්සුලයක් 2029 වන විටත් පෘථිවියට ඒමට නියමිතයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජපාන අභ්‍යාවකාශ හා ගුවන් විද්‍යා සංගමයයි.

ජපාන අභ්‍යවකාශ හා ගුවන් විද්‍යා ආයතනය පවසන පරිදි MMX යානයේ අරමුණ වන්නේ අගහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් දෙදෙනා බිහිවූ අන්දම පිළිබද දැන ගැනීමයි. අගහරු මතුපිට සිදුවූ දැවැන්ත ගැටුමක ප්‍රතිපලයක් ලෙස එම චන්ද්‍රයන් දෙදෙනා බිහිවිය හැකි බවත් එසේ නොමැතිනම් ඒවා අගහරු හා පෘථිවිය වෙතට විශාල ජල ප්‍රමාණයක් ගෙන එමින් අගහරුගේ ගුරුත්ව බලයට හසුවූ ග්‍රාහක දෙකක් බවත් විය හැකි බව එම ආයතනයේ අදහසයි.

එමෙන්ම මෙම යානය මගින් කරන මෙහෙයුමේ දෙවන අරමුණ වන්නේ අගහරු ග්‍රහලොවෙහි වායුගෝලයේ ගතික ලක්ෂණ සහ අගහරු චන්ද්‍රයන් දෙදෙනාගේ කක්ෂවල පාරිසරික ලක්ෂණ අනාවරණය කර ගැනීමයි.

වොෂින්ටන්හි නාසා මුලස්ථානය පවසන්නේ පෘථිවිය වෙත රැගෙන එන ෆෝබෝස් චන්ද්‍රයාගේ ද්‍රව්‍ය සාම්පල රසායනාගාර විශ්ලේෂණයට භාජනය කිරීමෙන් ඒවා ලබාගත් ප්‍රදේශයේ සංයුතිය පිළිබද දැනගත හැකි බවයි. එමෙන්ම වරින් වර අගහරු පෘෂ්ඨය මත ඇතිවන ගැටුම් හේතුවෙන් පිට කෙරෙන ද්‍රව්‍ය ඇතැම් විට එහි චන්ද්‍රයන් මතට පතිත විය හැකි බවත් ඒ අනුව මෙම යානයට ෆෝබෝස් චන්ද්‍රයා මතුපිට අගහරු පාෂාණ කැබලි හමු විය හැකි බවත් ඔවුන්ගේ අදහසයි.

මෙම ෆෝබෝස් හා ඩයිමෝස් යන අගහරු චන්ද්‍රයන් ප්‍රථමයෙන් සොයාගන්නා ලද්දේ 1877 වසරේදීය. ඒ එක්සත් ජනපද නාවුක නිරීක්ෂණාගාරයේ තාරකාවිද්‍යාඥ ඇසප් හෝල් විසිනි.අගහරුගේ සිට කිලෝමීටර් 23460ක දුරකින් පරිභ්‍රමණය වන වඩාත් කුඩා චන්ද්‍රයා වන ඩයිමෝස්ගේ විෂ්කම්භය 13km වේ.22km විශාල අගහරුට වඩාත් ලංව පරිභ්‍රමණය වන ෆොබෝස්ගේ පරිභ්‍රමණයන් එහි භ්‍රමණයකටත් වඩා වේගවත්ය.ෆොබෝස්හි සිට බලන විට අගහරු ග්‍රහයා බටහිරින් පායා නැගෙනහිරින් බැස යයි.අගහරුගේ සිට කිලෝමීටර් 6000කින් පමණ දුරකින් පරිභ්‍රමණය වන ෆෝබෝස් තරම් තම මව් ග්‍රහලොවට සමීපව ගමන් කරන වෙනත් කිසිම චන්ද්‍රයෙකු වෙනත් කිසිම චන්ද්‍රයෙකු සෞරග්‍රහ මණ්ඩලයේ තවම නොමැත.

NASA, ESA, JAXA සහ CNES යන ආයතන සම්බන්ධ වී සිදු කරන ව්‍යාපෘතියේදී නාසා ආයතනය විසින් MEGANE නමින් හඳුන්වන නියුට්‍රෝන සහ ගැමා කිරණ වර්ණාවලීමානයක් සඳහා දායකත්වය සපයනු ඇති. ප්‍රංශයේ CNES ආයතනය විසින් යානයේ සංයුතිය හා අඟහරුගේ චන්ද්‍රයන් වටා කක්ශගත කිරීමේ ගණනයන් සිදු කරනු ඇති. සාම්පලයන් එකතු කිරීම සඳහා සවිකරනු ලබන වායු රයිපලයෙන් ලබා ගන්නා පස් සාම්පලයන්ගේ බර ග්‍රෑම් 10ක් පමණ වනු ඇත.

මෙම යානය පහත කොටස් වලින් සමන්විත වෙනු ඇති.

▪ නියුට්‍රෝන සහ ගැමා කිරණ වර්ණාවලීමානයක් (MEGANE) – developed by NASA, USA

▪ පුළුල් කෝණ බහු සංඛ්‍යාත කැමරාව (WAM)

▪ වර්ණාවලීමානය (MacrOmega) – ප්‍රංශයේ CNES, නිශ්පාදනයකි.

▪ ටෙලෙස්කෝපික් කැමරාව

▪ ආළෝක පරාසය මැනීමේ උපකණය (LIDAR)

▪ අඟහරු පෘශ්ඨයේ දුහුවිළි මැනීමේ උපකරණය (CMDM)

▪ ස්කන්ධ වර්ණාවලී මාණය (MSA)

තවද , ප්‍රංශයේ  CNES ආයතනය කුඩා රෝවර් යානයක් මෙයට එක් කිරීම සඳහ අවශ්‍ය පර්යේෂ්ණ සිදු කරමින් සිටී.

MMX උපකරණය සදහා දායකත්වය සපයන්නේ ජපාන ගුවන් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය හා අභ්‍යවකාශ හා ගුවන් විද්‍යා ආයතනය යි.

Mangomark / wikipedia ඇසුරිණි

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *