වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – සොරබොර වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක සොරබොර වැව පිළිබඳ ලිපියයි.

සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි. අතීතයේදී මෙම වැව ‘බින්තැන්නේ මූද’ ලෙස හඳුන්වා ඇත. දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ. වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබේ. මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.

සොරබොර වැව ඡායා රූ : මහාමේඝ.lk

දුටුගැමුණු රජු එලාර සමග සටන් සදහා පිටත්ව ගිය අතර මගදී ඊශාන දිග වැස්සට හසු විය. මහ වැසි වැටී මහවැලි ගඟ පිරී ඉතිරී ගලන්නට විය. මේ නිසා ගඟෙන් එතෙර වීමට නොහැකි වූවන් මහියංගනය අවට ලැගුම් ගථ. තමන් නැවැතී සිටි මහියංගනය චෛත්‍යය ගරා වැටී තිබෙන අයුරු ඔවුන් අතර දුටුගැමුණු රජතුමා චෛත්‍යය අලුත්වැඩියා කිරීමේ කටයුතු කරන ලදී. ඒ අවස්ථාවට විහාර මහා දේවියද සහභාගී වූ බව ඉතිහාස පුවත් වල දැක්වේ.

දුටුගැමුණු රජුගේ මෙහෙකරුවන් අතර බුලත් සැපයීමට කෙනෙක් සිටියේය. ඔහු බුලතා යෝධයා විය. බුලත් මෙහෙවර කරන අතරතුර කඳු ගැට දෙකක් අතරින් ගලා බස්නා දොළ පහරක් දකින ලද ඔහුට අපූරු අදහසක් පහළ විය.

බුලතා දොළ පහර හරස් කොට වැවක් තැනීමට පටන් ගත් අතර ඔහුගේ උදව්වට කිසිවෙකු සිටියේ නැති බව සඳහන්. එහෙත් ඔහුගේ බිරිඳ පමණයි උදව්වට සිටි බවද සඳහන්. ඇය හැදින්වූයේ යෝධී නමින්‍ය. ඇය ශක්තිමත් කාන්තාවක් විය. ඇය බුලතාට අවශ්‍ය ආහාර පාන දිනපතා ගෙන ආ අතර ඇය ගමන්ගත් මාර්ගය ඉතාම දුෂ්කර විය. ගල්මුල්, කදුවැටි ආදියෙන් යගහන මාර්ගයක් පසු කරමින් ඇය මේ කටයුත්තට සම්මාදම් වීමට පැමිණියේය.

දිනපතා බුලතාට ආහාර ගෙන එන අතරතුරදී ඇය ගල් තබමින් මාර්ගයේ ගල් පඩිපෙළක් හදන්න පටන් ගන්නා ලදී. බුලතා වැවේ කටයුතු හමාර කරන විට ඇය පාර සාදා අවසන් කරන ලදී.

වැව සාදා නිමන්කරන ලද බුලතා යෝධයා අලුත් වැව රජතුමාට තෑගි කිරීමට කැමැත්තෙන් බලා සිටින ලදී. මේ අතර රජු පිරිවර සමඟ වැව බලන්නට පැමිණියේය. නිල් දියවර පිරි වැව දුටු රජතුමා පුදුම විය. රජතුමා ‘හරබර’ වාරිකර්මාන්තය අන් අයටද ආදර්ශයක් බව පවසමින් බුලතා යෝධයාට ප්‍රශංසා කළේය. එතෙක් වැවට නමක් තිබුණේ නැති අතර රජතුමාගේ බස් ඇසූ අය වැවට හරබර වැව යැයි කියන්නට පටන් ගත් අතර පසුව එය සොරබොර වැව නමින් ප්‍රකට විය. බුලතා යෝධයාට හා බිරියට තෑගිත් ගම්වරත් ලැබුණු බව සඳහන්. එදා බුලතා වැව ඉදිකල බුලතා යෝදයාගේ බිරිඳ, යෝධී ඉදිකළ මඟ අද දහ අට වංශුවයි.

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *