අභ්‍යවකාශ ගවේෂණයේ සොදුරු සටහන්

Bruce McCandless II, රැහැනකින් නොබැදි අභ්‍යවකාශයේ ගමන් කල ප්‍රථම මිනිසා

රාත්‍රී අහස දෙස බලා සිටීමට අප බොහෝදෙනා විශීශිත ඇල්මක් දක්වනවා. ඇතැම් විට අපට තරු අතර පියඹායන්නට තරම් අශාවන්ද පහල වනවා. මිනිසා ඉහළ අහස ජයගත්තේ මින් කාලයකට පෙරයි. ඒ සඳහා මිහිපිට විසූ මිනිසුන් සිය දහහ්ස් ගණනකගේ ශක්තිය, දැණුම, හැකියාව කැප කළා. එසේ වූ අභ්‍යාවකාශය පිළිබඳ එදා මෙදාතුර සිදු වූ විශීශ සිදු වීම් කීපයක් ඔබ වෙත ගෙන ඊමට අප සිතුවා. මේ ඊගැන තොරතුරුයි.

අභ්‍යවකාශයට ඇතුළු වූ පළමු යානය

V 2 : wikipedia

පෘතුවියේ සිට 100km සීමාව පසු කරමින් අභ්‍යවකාශයට ඇතුළු වූ පළමු යානය V-2 රොකට්ටුවයි.මෙය ලොව ප්‍රථම දිගු දොර බැලස්ටික් මිසයිලය ලෙසින්ද වාර්තා වේ.නුතන රොකට් සියල්ලෙහිම ආරම්භකයා වන v-2 රොකට්ටුව මුල්වරට යොදා ගෙන ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මනියේ සිටි සතුරන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමටයි.දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව මෙය අභ්‍යවකාශ තරණය සදහා යොදා ගෙන ඇත.

ප්‍රථම වරට පෘථිවි කක්ෂයට ඇතුළු වීම

Replica of Sputnik 1 image : wikipedia

1957 ඔක්තෝම්බර් 4 වන දින සෝවියට් රුසියාව විසින් මිනිසුන් රහිතව අභ්‍යවකාශ ගත කල ස්ප්‍රට්නික් 1 යානය පළමු සාර්ථක කක්ෂ ගත කිරීම ලෙස සැලකේ.පෘතුවියේ සිට 250 km ක් ඉහලින් ගමන් කල මෙය R-T නම් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යකාශ ගත කෙරුණි. නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී මෙම යානය ගිනිගෙන විනාශ විය.

අභ්‍යවකාශයට ගිය පළමු සත්වයා

In November 1957, Laika became the first animal launched into Earth orbit—–wikipedia

සෝවියට් දේශය විසින් 1957 නොවැම්බර් 3 වැනිදා ස්පුට්නික් 2 යානයෙන් “ලයිකා” නම් බැල්ල අභ්‍යවකාශයට යවන ලදී.කෙසේ වුවත් අභ්‍යවකාශයට ඇතුළු වී ටික වෙලාවකින් අධික උණුසුම දරා ගත නොහැකිව ඌ මිය ගොස් තිබේ.

සද ආසන්නයට ලගා වූ ප්‍රථම අභ්‍යවකාශ යානය

Luna 1

රුසියාව විසින් 1959 දී සද ආසන්නයට යැවූ ප්‍රථම අභ්‍යවකාශ යානය ලුනා 1 (Luna 1) යානයයි.මෙය මෙක්ටා (Mechta) නමින් ද හැදින්වේ.1959 ජනවාරි 4 වන දින සූර්ය කේන්ද්‍රීය කක්ෂයට ඇතුළු වූ ප්‍රථම යානයද මෙයයි.

සද මත යවන ලද දෙවන යානය

සෝවියට් දේශයේ “ලුනා” අභ්‍යවකාශ වැඩසටහන මගින් සද වෙත යවන ලද දෙවන යානය “ලුනා 2 “ නම් වේ.සද මතුපිට ස්පර්ශ කල ප්‍රථම කෘතීම වස්තුවද මෙය වේ. එමෙන්ම වෙනත් ග්‍රහ වස්තුවක් මත පතිත වූ ප්‍රථම යානයද මෙය වේ.1959 සැප්තැම්බර් 14 දින ලුනා 2 (Luna 2) සද මත පතිත විය.

ප්‍රථම වරට වෙනත් ග්‍රහයෙක් මතට සාර්ථකව යානයක් ගොඩ බැස්සවීම

Veneera 7 / image : wikipedia

සෝවියට් දේශයේ “වීනස්” වැඩසටහන යටතේ “ වෙනීරා 7” යානය 1970 දෙසැම්බර් 15 දින සිකුරු ග්‍රහයා මතට සාර්ථකව ගොඩ බැස්සවූ අතර මෙය ප්‍රථම වරට වෙනත් ග්‍රහයෙක් මතට යානයක් සාර්ථකව ගොඩ බැස්ස වූ ප්‍රථම අවස්ථාව විය.

ප්‍රථම අභ්‍යවකාශ නැවතුම්පල පිහිටුවීම

Salyut 1 as seen from the departing Soyuz 11 / wikipedia

සෝවියට් දේශය විසින් 1971 අප්‍රේල් 19 වන දින ප්‍රථම අභ්‍යවකාශ නැවතුම්පොළ පිහිටුවීය.මෙය “සැල්යුට් 1”(Salyut 1) ලෙස හැදින්වේ.ප්‍රථමයෙන් මිනිසුන් රහිතව “ප්‍රෝටොන් K” නම් රොකට්ටුව අභ්‍යවකාශ ගත කල අතර අනතුරුව කාර්යමණ්ඩලයක් සහිතව “සෝයුස් 10” නම් මෙහෙයුම යටතේ යවන ලදී. නමුත් මොවුන්ට මෙම නැවතුම් පොළට ඇතුළු වීමට නොහැකි විය. අනතුරුව “සෝයුස් 11” නම් මෙහෙයුම දෙවන වරට කාර්යමණ්ඩලයක් රැගෙන ගිය අතර ඔවුන් සාර්ථකව මෙම නැවතුම්පලට ඇතුළු වී දින 21ක් ගත කළහ.එය අභ්‍යවකාශ නැවතුම් පොළකට ඇතුල් කල ප්‍රථම අවස්ථාව විය.

සම්පුර්ණ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රථම ජායාරුපය

Voyager 1

වොයොජර් (voyogar 1) මෙහෙයුම මගින් 1990 පෙබරවාරි 14 වනදා සම්පුර්ණ fi!රග්‍රහ මණ්ඩලයම cdයාරුප ගත කරන ලදී. පෘතුවියේ සිට කිලෝමීටර බිලියන 06ක දුරකින් සිට මෙම රූප ග්‍රහණය කරගෙන ඇත.මෙමගින් ප්‍රධාන ග්‍රහලෝක 06ක් ඒවායේ වටපිටාව සමගින් දැක ගත හැකි වුවත් සුර්ය කිරණ මගින් ඇති වූ බාධාවන් නිසා අගහරු cdයාරුප ගත කිරීමට නොහැකි වී තිබේ.

ප්‍රථම වරට බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු වීම

Galileo with its main antenna open

ගැලීලියෝ නාසා ආයතනය මගින් බ්‍රහස්පති ග්‍රහයා වෙත යවන ලද මිනිසුන් රහිත අභ්‍යවකාශ යානය ගැලීලියෝ ගැලිලි සිහි කරමින් නම් කර ඇත. 1989 ඔක්තෝම්බර් 18 වන දින අභ්‍යවකාශ ගත කල මෙම යානයට 1995 දෙසැම්බර් 07 වන දින බ්‍රහස්පති වෙත ලගා වීමට හැකි වී තිබේ.මෙම යානය මගින් 1994 දී “ ෂුමාකර් ලෙවි 9 ධුමකේතුව “ බ්‍රහස්පති ග්‍රහයාගේ ගැටුණු ආකාරය නිරීක්ෂණය කර ඇත.මෙම යානය වසර 14ක් පුරා අභ්‍යවකාශයේ රැදී සිටිමින් මෙහෙයුම් කටයුතු සිදු කල අතර 2003 සැප්තැම්බර් මෙහෙයුම අවසන් කරන ලදී.

රැහැනකින් නොබැදි අභ්‍යවකාශයේ ගමන් කල ප්‍රථම මිනිසා

Bruce McCandless II

නසා ආයතනයේ ගගනගාමියෙකු වූ බ්රූස් මැක්කැන්ඩිල්ස් විසින් 1984 පෙබරවාරි 7 වන දින යානයකින් පිටව රැහැනකින් නොබැදි විශේෂ යාන්ත්‍රික උපකරණයක් මගින් අභ්‍යවකාශයේ එහා මෙහා ගමන් කල බව සදහන්ය. මෙය ඔහුගේ ප්‍රථම අභ්‍යවකාශ ගමන වීම විශේෂත්වයකි. වසර 80ක් ආයු වළඳා 2017 වසරේ අද වන් දිනෙක, එනම් දෙසැම්බර් 21 වන දින ඇමරිකාවේ කැළිෆෝනියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලීස් හීදී ඔහු මෙළොවින් සමුගත්තේය.

 

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *