වසර හයදාහකට පෙර ගුවනින් බැබිලෝනියාවට ගිය හෙළයෝ

21 වැනි සියවසේ තාක්ෂණය (අනුන්ගේ) ගැන අද අපි උදම් අනමු. පොළොවෙන් යකඩ හාරා වානේ නිපදවා ඉදිකට්ටක් හෝ අල්පෙනෙත්තක් පවා නිපදවීමට අපගේ මෙම විද්‍යාඥයන්ට හා විශාරදයන්ට නොහැකි වී ඇත. එදා මී හරක් බාන හා නගුල ඇසුරින් බත නිපදවූ ගොවියා අද ඇමෙරිකන් (FAO) තාක්ෂණයට ගොස් රජරට වකුගඩු රෝගයක් සාදාගෙන 38,000 ක් මියගොස් 4 ලක්ෂයකට රෝගය වැළඳී ඇත. […]

ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි. දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ රසවත් කතා

සිරිලක අවසාන සිංහල නරපතියා වූයේ ක්‍රි ව 1707-1739 දක්වා කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය.මොහු දෙවන විමලධර්මසූරිය රජුගේ හා වත්තේගම වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කුමරියගේත් පුත්‍රයාය. මහනුවරින් පිටත කුණ්ඩසාලේහි රජවාසල පිහිටුවා ගත් බැවින් කුණ්ඩසාලේ රජ යන නමද ව්‍යවහාර විය. රජු සුරාව , ස්ත්‍රී ඇසුර ,විනෝදය අගය කළ කෙළිලොල් රජෙකු විය. ඒ නිසාම පොදු ජනයා […]

මිනෝවානු සහ මයිසේනියානුවන්ගේ කතාව

යුරෝපයේ බිහිවූ ශිෂ්ටාචාර අතුරින් ප‍්‍රථම ප‍්‍රධාන ශිෂ්ටාචාරය ලෙස සැලකෙන්නේ මිනෝවානු ශිෂ්ටාචාරයයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ මධ්‍යධරණී මුහුදේ පිහිටි කේ‍්‍රට් දූපතෙනි. මෙය මිනෝවානු ශිෂ්ටාචාරය යනුවෙන් නම් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨ මිනෝස් රජු නිසයි. මිනෝවානු ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කි‍්‍ර.පූ. 2000 න් පසු කාලයයි. එහෙත් කි‍්‍ර.පූ. 1450 දී මයිසේනියානුවන්ගේ ආක‍්‍රමණයක් සමඟ මිනෝවානු ශිෂ්ටාචාරය අවසන් විය. මයිසේනියානුයන්ගේ […]

චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා

ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා‍ තමය‍ි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැ‍ටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා.

දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – II

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – I

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.

ටූටන්කාමුන්ගේ ශාපය

මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යයක් ම වූයේය.ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.” ටූටන්කාමුන් ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මතභේදයකි.ඒ ඔහු මරණයට පත්වූ ආකාරය තවමත් අපැහැදිලිය.ඔහුගේ පියාවන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු […]

මාතර යුගයේ කීර්තිමත් කිවිදිය – ගජමන්නෝනා

සිංහල සාහිත්‍ය වංශ කතාවේ මාතර යුගය එක්තරා අන්දමක මතබේදාත්මක යුගයකි. එය වෙනත් සාහිත්‍ය යුග හා බැඳුණු රාජ්‍ය පාලන සමයක් විය. එහෙත් මාතර සාහිත්‍ය යුගය හා බැඳුණු රාජ්‍ය පාලන යුගයක් නොවීය. එය යටත්විජිත පාලන යුගය හා සමගාමී විය.

අධිරාජ්‍යවාදී පාලන හස්තයේ ග්‍රහණය තදින්ම පැවති වකවානුවේදී රාජ්‍ය අනුග්‍රහයකින් තොරව මාතර සාහිත්‍ය යුගය පෝෂණය කළ රුහුණේ මහා කිවිඳිය ලෙස විරුදාවලිය ලැබූ දෝන ඉසබෙලා ගාර්දිය ආරච්චි 1746 මැදින් මස දසවැනි දින උපත ලැබීය.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය ,පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

Read more about තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

error: Content is protected !!