ජංගම දුරකතනය රත් වීමෙන් වලක්වා ගැනීමට

මේ වෙනකොට ලංකාවෙ  හැමෝටම smartphone එකක් තියෙනවා නේද. අනිවාර්යෙන්ම ඔව්. එහෙම නැත්නම් මේ ලිපිය කියවන්න විදිහක් නැහැනේ. අද අපි කියන්න යන්නේ smartphones පාවිච්චි කරන අපි හැමෝටම තියෙන පොදු ගැටළුවක් ගැනයි. ඒ තමා ෆෝන් එක රත් වෙන්න ගන්න එක. ඇත්තටම අද වෙළදපලේ තියෙන හැම ෆෝන් එකක්ම වගේ රත් වෙනවා තමා. සමහර එවා ඕනාවටත් වඩා රත් වෙනවා. ඒ ඔයාගේ ෆෝන් එකේ වැරැද්දක් නිසා නෙවෙයි. ඔයා පාවිච්චි කරන විදිහ අනුවයි ෆෝන් එකක් රත් වන මට්ටම තීරණය වෙන්නේ.  දැං කියන්නම් මේ රත් වෙන එක අඩු කරගන්න අපිට කරන්න පුලුවන්  දේවල් මොනවද කියලා !

01. ඉර එළිය කෙලින්ම දුරකතනයට වැටෙන එක නවත්වන්න.

සාමාන්‍යෙන් දුරකථනයක් රත් වෙන්නේ එහි ඇතුලත සිදුවෙන ක්‍රියාවලීන් නිසාය. නමුත් බාහිරින් රත් වීමටද ඉඩක් තිබෙනවා. ඒ ඔබේ දුරකතනයට හිරු එළිය කෙලින්ම වැටෙනවානම්. එවිට දුරකතනය රත් වීමේ වේගය ශ්‍රීඝ්‍රයෙන් ඉහල යනවා.

02. අනවශ්‍ය apps off කර තබන්න.

ඔබ භාවිතා නොකර apps දුරකතනය තුල අනවශ්‍ය ලෙස ධාවනය වෙනවා නම්, එය දුරකතනය රත් වීමට ප්‍රධාන හේතුවක්. එසේ ධාවනය වන විට වැඩි බැටරි ප්‍රමාණයක් වැය වෙනවා. එවිට දුරකතනය රත් වීමේ සීඝ්‍රතාව වැඩි වෙනවා. දුරකතනයේ manage apps වෙතට ගොස්, ඉහත පරිදි එම අනවශ්‍ය ඇප්ස් නවත්වන්න පුළුවන්.

03. brightness වැඩි කරලා තියාගන්න එපා.

ගොඩාක් අය කරන වැරැද්දක් තමයි මේක. ෆෝන් එකේ brightness වැඩි කරලා තියාගන්න එක. එතකොට වෙන්නේ ෆෝන් එකේ බැටරිය වැඩි වශයෙන් වැය වීමයි. බැටරිය වැඩියෙන් ක්‍රියාත්මක වනවා යනු දුරකතනය රත් වෙනවා කියන එකයි.

04. ෆෝන් එක පාවිච්චි නොකරන විට off කර හෝ airplane mode දමා තබාගන්න.

විශේෂයෙන් ඔබ දුරකතන signal අඩු ප්‍රදේශයක සිටිනවානම් signal සදහා දුරකතනයේ වැඩි බැටරි ප්‍රමාණයක් වැයවීම සිදු වෙවෙනවා. එම නිසා දුරකතන රත් වෙනවා. නමුත් රත් වීම මොහතකට හෝ අඩු කිරීමට ඉහත ක්‍රියාමාර්ගය ගත හැකියි.

05. දුරකතනය දැනටමත් රත් වනවා නම් , back cover එක ගලවලා තියාගන්න

දුරකතනය දැනටමත් රත් වනවානම් වහාම බැක් කවරය ගලවා ඉවත් කරන්න. එමගින් තාපය පිටවීම ඉක්මන් කරයි. අත රත් වෙනවා කියා බැක් කවරය දමාගෙන සිටීමෙන් සිදු වන්නේ තාපය පිටවීමට නොහැකිව, තවත් දුරකතනය රත් වීමයි.

06. Apps update කර තබාගන්

හැකි සෑමව් විටම ඔබේ දුරකතනයේ ඇප්ස් අප්ඩේට් කර තබා ගන්න. සමහර apps වල යම් යම් ගැටලු නිසා දුරකතනයේ වැඩි බැටරි ප්‍රමාණයක් එම apps සදහා වැය වේ. නමුත් update කිරීමත් සමග එම ගැටලු නිරාකරණය කරයි. එවිට දුරකතනය රත් වීම අඩු කල හැකිය.

07. ඔබේ දුරකතනය අනෙකුත් විදුලි උපකරණ වලින් වෙන් කර තබන්න.

විශේෂයෙන්ම මේවා තම බෑගයකට දමාගෙන යෑමෙන් වලකින්න

08. charge කරන අතරතුර දුරකතනයා භාවිතා කරන්න එපා.

charge කරන ගමන් දුරකතනය භාවිතා කිරීම බැටරියට හොද දෙයක් නොවේ. එම නිසා බැටරියේ දෝශ ඇති විය හැකිය. දුරකතනය අධික ලෙස රත් වීමටද මෙය හේතුවකි. එබැවින් ඔබත් මෙසේ කරනවානම් වහාම එය නවත්වන්න. ඇතැම් අවස්තා වලදී , charge කරන ගමන් call ගැනිම නිසා සිදු වූ ජීවිත හානි පිළිබඳවද ඔබ දැනුවත් ඇතැයි අප සිතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *