7. FLS Microjet
FLS Microjet යනු ඉහළ කාර්යක්ශමතාවක් සහිත, ගුවන් කරණම් සඳහා භාවිතා කරන, තනි ආසනයක් හා කුඩා තටු සහිත ලෝහයෙන් නිර්මිත, ජෙට් බලයෙන් යුක්ත ගුවන් යානාවකි.
මෙමෙ යානාව 1970 ගණන් වලදී Bede Aircraft Inc. හි Jim Bede විසින් නිර්මාණය කොට BD-5 ලෙස නම් කරන ලදී. එකළ එය අධි කාර්‍යක්ශමතාවක් සහිත “Propeller” හෝ “Jet” වර්ගයේ ගුවන් යානාවක් සාමාන්‍ය මුදලකට ගැනීමට සිත්වූවන්ගේ සිහිනයක් විය.
මෙම BD-5 ගුවන් යානය “ලොව කුඩාම ගුවන් යානය ලෙස” අන්වර්ත වූ අතර ජේම්ස් බොන්ඩ් කතා මාළාවේ එන “Octopussy” සළරුව සඳහා මෙම යානාව යොදා ගැනීමත් සමගම ලොව පුරා අවධානයට පාත්‍ර විය.
6.eclipse 400 (eclips concept jet)
මෙම Eclipse 400 ලෝකය වෙත ගෙන එනු ලැබූවේ 2007 වසරේ ජුලි මාසයේ 23 වනදා AirVentureair ගුවන් සංදර්ශනයේදීය. මෙහි එක් එන්ජිමක් සහිත වූ අතර මගීන් 4 දෙනෙකුට ගමන්න්කළ හැකි විය.
මෙහි වල්ග කොටස V හැඩයේ එකක් විය.
5. Sky Baby
තනි එන්ජිමක් සහිත සාම්ප්‍රදායික ගොඩබෑම් පද්දතියකින් සමන්විත මෙම වර්ගයේ ගුවන් යානා මුලින් පියාසර කරවූයේ 1952 මැයි මසදී කැලිෆෝනියා ප්‍රාන්තයේ ” Palm Spring” හිදී “බොබ් සටාර්” නැමැත්තා විසිනි.
මෙම ගුවන් යානාව පැදවීම සඳහා බරින් කිලෝ 77ක පමණ පුද්ගලයෙකු අවශ්‍ය වූ අතර, එසේ වූයේ ගුරුත්ව කේන්ඳ්‍රය අවශ්‍ය ස්ථානයේ පවත්වා ගැනීමටය.
මෙම ගුවන් යානයේ මුල්ම ගුවන් ගමනින් පසු 1952 ඔක්තෝබර් මසදී විවේක ගන්වන ලදී.
4.Bumble Bee
හුරුපුරුදු නමක් වන මෙය නිර්මාණය කරනු ලැබූවේ “ලොව කුඩාම ගුවන් යානය” යන අන්වර්‍ත නාමය දිනා ගැනීමටය. 1949 සිට ලොව කුඩාම ගුවන් යානා ලෙස කිරුළු පලන් ගුවන් යානා දෙකක් සඳහා තම දායකත්වය සැපැයූ “රොබර්ට් ස්ටාර්” නැමැත්තා විසින් 1979දී මෙය තැනීමට ආරම්භ කරන ලද අතර ඉන් වසර 5කට පසු පළමු ගුවන් ගමන සිදු කරන ලදී.
3.Stits DS-1 Baby Bird
1980 දී එකල ලොව කුඩාම ගුවන් යානය යන ගෞරව නාමය “ඩොන් ස්ටිට්ස්” නැමැත්තා විසින් නිර්මාණය කරන ලද .Stits DS-1 Baby Bird ගුවන් යානය වෙත ලැබිණි.
ඉන් පෙර 1952 සිට ඒ දක්වා ලොව කුඩාම ගුවන් යානය ලෙස කිරුළු පලන් “Sky Baby” යානය ඩොන් ස්ටිට්ස්ගේ පියා වූ “රේ ස්ටිට්ස්” විසින් නිර්මාණය කරන ලදී.
2.McDonnell XF-85 Goblin
XF-85 Goblin යනු ඇමෙරිකානු “McDonnell Aircraft” ආයතනය විසින් දෙවන ලෝක යුධ සමයේ නිර්මිත ප්‍රහාරක යානාවක අනුරුවකි. එහි අරමුණ වූයේ B-36 නම් වූ බෝම්බ හෙලන විශාල යානා වලට ආරක්ශාව සැපයීමයි.
වැඩසටහන නවතා දැමීමට පෙර මින් යානා දෙකක් නිර්මාණය විය.
1. Cri Cri Jet
Cri-Cri නම් වූ මෙය ලොව කුඩාම, ද්විත්වඑන්ජින් සහිත මගින් සහිත ගුවන් යානාව වන අතර 1979 දී ප්‍රංශ ජාතික “Michel Colomban” විසින් නිර්මාණය කරන ලදී
මෙම “Cri-cri” නාමය කොලොම්බන්ගේ දූවරුන්ගේ අයෙක් වූ Christine යන නාමයෙන් ආවා හෝ ප්‍රංශ භාශාවට අනුව “කෘමියා” යන අර්ථයද ඇතිව එලෙස නම් කරන්නට ඇතැයි සිතිය හැක.
Source : www.eaa.org/