සමස්තයක් ලෙස ගත් කළ අප ජීවත් වන මෙම ලෝකය පෘථිවිය ලෙස අර්ථ දැක්විය හැකි අතර එදිනෙදා අපිට හමුවන, සිදුවන අත්භූත සිදුවීම් ලෙසටම අප ජීවත් වන මෙම ලොව තුලද අප කාටත් හිතා ගැනීමට නොහැකි අරුම පුදුම ස්ථාන පවතී. එවැනි ස්ථාන කිහිපයක් ගැන ඔබට ගෙන එන ලිපියයි මේ.
1. රාක්ෂ නගරය හෙවත් මෝගුයේචෙන්
චීනයේ සින් යැන්ග් ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම නගරය කාන්තාරයක ස්වභාවයක් ගන්නා අතර මෙහි ඇති පුදුමය නම් යම් අයෙක් මෙම නගරයේ බලකොටුව දෙසට ගමන් කිරීමේදී මද සුළඟ හමන වේලාවට එම පුද්ගලයාට ඈතින් ඉතා මිහිරි නාද ඇසීමට පුළුවන් වීමය. ගිටාරයක තත් එකිනෙක පිරිමැදීමේදී නැගෙන නාදයට හා ගෙජ්ජි සෙලවීමේදී නැගෙන නාදයට සමාන මිහිරි නාද මෙහිදී ඔබට රස විඳිය හැකිය. එමෙන්ම වාසුළි නැගෙන කාලයන් හිදී නැගෙන ශබ්ද මීට හාත්පසින්ම වෙනස් ඉතා ගුප්ත හා භයංකාර ස්වභාවයක් ගනිති. කොටියෙකුගේ බිහිසුණු හඬ, ගැහැනියක් මහා හයියෙන් කෑගසන හඬ, වාසුළි නැගෙන කාලයට මෙයින් මතු වෙ. රාත්‍රී කාලයේදී පවා භීතියට පත් කරන යම් යම් භයංකාර අඳෝනා නිකුත් වන මෙම නගරය තවමත් ලොවටම ප්‍රේහෙලිකාවකි.
2. බර්මියුඩා ත්‍රිකෝණය
මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පවතින බර්මියුඩා දුපත එහි ඇති විශාලතම දුපත වන අතර මෙහි දුපත් හතක් ඇති අතර එහි තවත් කුඩා දුපත් 150ක් පමණ දක්නට ලැබේ. දුපත් තුනක් එකිනෙක යාකොට පිහිටා ඇති බර්මියුඩා ත්‍රිකෝණය සහිත මෙම ප්රටදේශය අත්භූත ස්ථානයක් යැයි සලකනු ලබන්නේ මෙම ප්‍රදේශය තුලින් ගමන් කර ඇති සමහරක් නැව්, බෝට්ටු හා ගුවන්යානා පවා කිසිදු තොරතුරක් නොමැතිව අදටත් සොයා ගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වීම නිසාය. අදට පවා මෙම ස්ථානයෙන් ගමන් කරන යානා වල විදුලි උපකරණ පවා ක්‍රියා විරහිත වීමේ අවධානමක් ඇති අතර, සන්නිවේදනයට පවා ගැටළු මතු වන මෙම බර්මියුඩා ත්‍රිකෝණය සහිත පෙදෙස අදටත් ලොව පවතින අත්භූත ස්ථාන අතරින් එකකි. ඇතැම් අවස්ථා වලදී ඊට වසර ගණනාවකට මත්ය්හෙන් අතුරුදන් වූ නැව් හෝ බෝට්ටු මුහුදු වෙළ වෙත ගසාගෙන ආ සිද්ධීන්ද වාර්තා වී ඇත.
3. මරණයේ ද්වාරය
චීනයේ ටිබෙට් , ෂින්හයි හා ෂින්ශැන් මායිම් වලට ආසන්නව පිහිටා තිබෙන අති දැවැන්ත කන්ලන් කඳුකරයේ පිහිටා ඇති මෙම සොහොන් ගහන අඩවිය අද වන විට චීන බලධාරීහු තහනම් කලාපයක් ලෙස නම් කොට ඇත. මෙහි ඇති අත්භූත බව වන්නේ යම් අයෙක් මෙම අඩවියට ගියහොත් ඔහුට හෝ ඇයට නැවත ඒමට නොහැකි වීමය. එනම් අත්භූත අයුරින් එම අඩවියට ඇතුළු වන ඕනෑම අයෙක් මිය යෑමට පුළුවන් නිසාවෙන් මෙම අඩවියට මරණයේ ද්වාරය ලෙසද නම්කොට ඇත.
4. ඊජිප්තුවේ යෝධ පිරමීඩ
අවුරුදු 5000කට වඩා පැරැණි මෙම යෝධ පිරමීඩ උතුරු අප්‍රිකාවේ නයිල් ගංගාව ආශ්‍රිතව පිහිටා ඇති අතර මෙහි පිරමීඩ 80ක් පමණ දක්නට ඇත. මෙහි ඇති පුදුමය නම් ඉතා විශාල ගල් එකක් මත එකක් සිටිනසේ තබා සාදා ඇති මෙම පිරමීඩ අතර ගල් පෑහීමට මොනයම් අයුරකින් වත් ගම් වර්ගයක් හේ කිසිදු බදාමයක් වත් නොයොදා තිබීමය. ස්වභාවික පීඩාවන්ගෙන් පවා මිදී වැලි කතරේ තවමත් පවතින මෙම නිර්මාණ සැබවින්ම අත්භූතය. යම් බලවේගයක් මත මෙය පවතීද යන්න තවමත් රහසකි.
5. ඇන්ටාක්ටිකා වියලි නිම්නය
ඇන්ටාක්ටිකාව මහාද්වීපයක් වුවද ඉතා විශාල ප්රදේශයකි. එහි ඇති අයිස් තට්ටු 2KM පමණ ඝනත්වයකින් යුතු අතර පමණක් කාලයන්හි ඒවා 4KM පමණ විහිද යයි. මෙහි ඇති විශේෂය වන්නේ මුළු මහාද්වීපයම අයිස් වලින් වැසි යද්දී මෙම දැවැන්ත ප්‍රදේශය පමණක් අයිස් වලින් තොරව පිහිටා තිබීමයි. එම නිසාම මෙය වියලි නිම්නය බවට හදුන්වනු ලබති.
තවත් මෙවන් තොරතුරු දැන ගැනීම සඳහා එක්වන්න අපේ අඩවිය සමග.