2004 වසරේදී ලංකාවට ගලා ආ සුනාමි රළැ පහරින් ජීවිත කීයක් නම් විනාශ වීද? එළෙසින් ජීවිත දහස් ගණනකට පීඩාවක් වූ ස්වාභාවික ව්‍යසනයක් ගැනයි මේ.
හවායි ගිණි කන්ද පසුපස ඇති විද්‍යාව
හවායි දූපත් සමූහයෙහි වූ විශාලම දූපත වන Kilaueaහි පිහිටි ගිණිකන්දෙන් නිකුත් වූ අනපේක්ශිත ලාවා නිසාවෙන් මෙම වාර්ථාව ලියන විට සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන දුසිම් දෙකකට වැඩි මිසක් අඩු නම් නැත. ඒ හේතුවෙන් 1700ක් පමණ වූ පිරිසක් හට උන් හිටි තැන් අහිමි විය.
මෙය කොතරම් අසාමාන්‍යද? Kilaueaහි ගිණිකන්ද වසර දහස් ග්ණනක සිට මේ පොළෝ තලය මත අති මහත් ක්‍රියාකාරී ගිණිකඳු වලින් එකක් වූ අතර එය මුදුනින් පිපිරීමෙන් ලාවා ගලා ගියා නම් පුදුමයක් නැත.
1983 සිටමKilauea ගිණි කන්ද ක්‍රියාකාරී වූ අතර ඇතැම් කෙටි අවස්ථා හැරුණු කොට නොකඩවාම ලාවා පිට කරන ලදී. මේ කතාවේ අසාමාන්‍ය පරිඡ්චේදය ආරම්ඹ වන්නේ මින් සති දෙකකට පමණ පෙරය. ඒ එක් බ්‍රහස්පතින්දා දිනෙක සවස් යාමයේදී පොහෝවා නගරයේ සිට විනාඩි කීපයක දුරින් පිහිටි “Leilani Estate” නම් ප්‍රදේශයේදීය.
ලාවා විදින යමහල රාත්‍රීයේදී

ඇයි මේ යමහල විධාරණය වන්නේ? අපට යමහල ඇතුලත ලාවා ගලා යන ආකාරය පිළිබඳ තොරතුරක් නැති නිසා, මෙම පිළිතුරට දිය හැකි නිශ්චිත පිළිතුරක්ද නැත. එළෙස පවසන්නේ Buffalo සරසවියේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය වරියක වන ” Trecy Greg” මහත්මියයි. දිය හැකි කෙටි පිළිතුර වන්නේ ” මෑතකදී හටගත් නව මැග්මාවෙන්, ඇති වූ ලාවා කඳ නිසා මෙය විධාරණය වන්නට ඇති බවයි.
“මෙය Kilauea හි භූමියේ අස්ථායීතාවයට බලපාන අතර, Kilauea නගරයේ සිට ඈතින් වූ Leilani වතුයාය හරහා ලාවා විධාරණය වූයේ ඒ නිසයි” යනුවෙන් ඇය පවසයි. ගිණිකන්දේ ගිණිකොන දිසාව තව දුරටත් අස්ථායී වන අතරම කෙදිනක හෝ මුහුදට යට වනු ඇත. පොළොව මතුපිටින්එළෙස සිදු වෙද්දී, පොළොවඅභ්‍යන්තරයෙන් මැග්මා ගලා යාමට ගිණි කන්ද තුලින් මේ හරහා ක්‍රියාවලිකක් සිදු වේ යැයි ඇය තව දුරටත් පවසයි.
මෙය කෙදිනක නම් අවසන් වේවිද? මෙහි තව දුරටත් පිට කිරීමට ඇති තරම් අභ්‍යන්තර මැග්මා ශේශ වී පවතියි. යමහලෙන් මැග්මා නිපදවෙන තුරුම, එය විධාරණය වනු ඇතැයි ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ශකයෙකු වන “Wendy Stovall” මහතා පවසයි.
කෙටියෙන් කියන්නේ නම් මෙම යමහල ඉක්මනින් අවසන් නොවුන හොත් තවත් බොහෝ කාලයක් පුරා විධාරණය වනු ඇත.
තොරතුරු අන්තර්ජාලය ඇසුරිණි.