ඔබ ගුවන් යානා හා ගුවන් ගමන් පිළිබඳ ඉමහත් ආශාවක් ඇත්තෙකු හෝ ගුවන් යානා සම්බන්ද චිත්‍රපට නැරඹීමට ආශාවක් ඇත්තෙකු නම් ගුවන් නැවියන් භාවිතා කරන “රොජර් දැට්” යන යෙදුම ගැන දන්නවා විය හැක. මේ ලිපියෙන් අප කතා කරන්නේ එළෙස ගුවන් නියමුවන් හුවමාරු කර ගන්නා එම වචනය ගැනයි.
ගුවන් කර්මාන්තයේ මුල් කාලයේ සිටම, ගුවන් නියමුවන් බිම් කාර්‍යමණ්ඩලය සමග හොඳින් පණිවිඩ හුවමාරු කර ගැනීම කර්මාන්තයේ යහ පැවැත්ම උදෙසා වූ මූලිකම අංගයක් විය. ගුවන් නියමුවන්, ගොඩබිම් කාර්‍යමණ්ඩලය සමග ගමනට අවශ්‍ය සියලු තොරතුරු නිරන්තරයෙන් හුවමාරු කරගැනීම ගුවන් කාර්‍යමණ්ඩලයට සහ ගමන් ගන්නා මගීන්ගේද ජීවිත වල ආරක්ශාවට බලපානු ඇත. එසේ දත්ත හුවමාරු කරගැනීම තාක්ශණය සමග, නවීන ලෝකයේ ඉතා සරළ දෙයක් වුවද, මුල් කාලයේදී ඉතා සංකීර්ණ කටයුත්තක් විය.
රයිට් සහෝදරවරුන් ලොව පළමු සාර්ථක ගුවන් යානය ගුවන්ගත කළ 1903 දෙසැම්බර් 17 වැනිදා සිට ඉතිහාසය පුරාවටම උඩුගුවනේ ගුවන් නියමුවන් සමග කතා කිරීම පවා සැබැවින්ම අභියෝගයක් විය.

මුල් කාළයේ මෙසේ අදහස් හුවමාරු කරගනු ලැබූයේ වර්ණ ගන්වන ලද ලී, සංඥා ගිණි සිළු සහ හස්ථ සංඥා අධාරයෙනි. කෙසේ වුවද, මේ සඳහා මුලින් භාවිතා කරනන්ලද්දේ “මෝස් කෝඩ්” වන අතර භාවිතයේ පහසුව උදෙසා කෙටි වචන ලෙස පාවිච්චියට ගැනුනේ කාළය ඉතුරු කර ගැනීමටය. මෝස් කෝඩ් (ටෙලිග්‍රාෆ්) හරහා පණිවිඩ යවන කාළයේ ඉංග්‍රීසි හෝඩියේ “R” අකුර භාවිත කරන ලද්දේ “පණිවිඩය ලැබුනා” යන්න හැඟැවීමටය. ගුවන් නියමුවා හට යැවූ පණිවිඩය සහ උපදෙස් ලැබුනා යන්න මෙයින් කියැවිනි.

එහෙත් රාත්‍රී ගුවන් ගමන් කෙසේ සිදු වීද ? ගුවන් නියමුවන් රාත්‍රී ගමන් සඳහා බිම් කාර්‍ය මණ්ඩලය සමග අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගන්නෙ කෙසේද ? අද වන විට අපට අවශ්‍ය මොහොතක ගුවන් ගමනක් වෙන් කර ගත හැක. එහෙත් අතීතයේදී එය එසේ සරල ක්‍රියාදාමයක් නොවීය. රාත්‍රී කාළයේදී ගුවන් ගමන් වලට අවශ්‍ය මායිම් ලකුණු බලා ගැනීම කිසිසේත්ම පහසු කටයුත්‍තක් නොවිනි.

ඇමෙරිකානු ජාතික ගුවන් නියමු “Jack Knight” ලොව සාර්ථක පළමු රාත්‍රී තැපැල් ගුවන් ගමන ඇමෙරිකාවේදී 1921, පෙබරවාරි 22 වැනි දින සිදු කරන ලදී. නමුත් ඔහුට සාර්ථක පණිවිඩ හුවමාරුවක් නොතිබිනි නම් එසේ කිරීමේ හැකියාවක් නොතිබිණි. ඔහුගේ සාර්ථකත්වය සඳහා තැපැල් සේවකයන්, කළමණාකරුවන් සහ ගම්බද ගොවීන්ගෙන් ලද දෘශ්‍ය සංඥාවන් විශාල පිටිවහලක් විය. එකී අයවලුන්ට ස්තූති වන්නට, ජැක් නයිට් හට ඉතිහාසයේ ථානයක් හිමි විය.
ගුවන් පණිවිඩ හුවමාරුව වූ කලී වැදගත් හා ඉතා අවශ්‍ය මාතෘකාවක් වන අතර, එය සතුව චිත්තාකර්ශනීය වූ අතීතයක්ද ඇත. ඇතැම් අවස්ථාවල ගුවන් නියමුවන් භාවිතා කරන ” Roger that” යන වචනය වචනය චිත්‍රපට වලදී හෝ රූපවාහිනියෙන් ඔබ අසා ඇත.
එහෙත් මේ ” Roger that” යන වචනය ගුවන් ඉයමුවන් භාවිතා කරන්නෙ ඇයි ? ගුවන් නියමුවන් මෝස් කෝඩ් භාවිතයෙන් ඉවත් වූ පසු, වාචික සන්නිවේදනයේදි ගුවන් ගමන් පාලක කාර්‍ය මණ්ඩලයෙන් ලැබෙන්නාවූ තොරතුරු හා “උපදෙස් ලැබුණා” යන්න හැඟැවීමට මෝස් කෝඩ් සමග භාවිතා වූ ” R” යන්න වෙනුවට මෙසේ ” Roger that” ලෙස පවසයි.