මිනිසා ගින්දර සොයා ගත්තේ මීට වසර මිලියනයකට පමණ පෙර බව ඔබ දන්නවා ඇති. එළෙසින්ම ආදී මානවයා ලෝහ පිළිබඳ දැනුම ලබා ගත්තේ මීට වසර 9000කට පමණ පෙර බවටයි සැළකෙන්නෙ. එහෙත් අදින් වසර 250,000කට පෙර කාළයේ භාවිතා කරන ලද ඇලුමිනීයම් වස්තුවක් ඇති බවට ඇසුවොත් ඔබ පුදුම වේවි.
විශේෂඥයින් තවමත් හදාරන වසර 250,000 පමණ පැරනි වස්තුව: ඇතැමුන් එය පිටසක්වළ යානාවක ( UFO) කොටසක් බවට අනුමාන කරයි
මෙම වසර 250,000ක් පමණ පැරැණි ඇලුමීනියම් වස්තුව අතින් නිර්මිත වූවක් වන අතර, මෙය පිටසක්වළ හීවීන් ඈත අතීතයේදී පෘථිවියට පැමිණි බවට සාධකයක් යැයි ඇතැමුන් කියති.
ලෝහමය ඇලුමීණියම් මින් වසර 200කට පමණ ඉහත වනතුරු මිනිස් සංහිතිය විසින් භාවිතයට හෝ නිශ්පාදනයට ගෙන නොතිබිණි. මේ හේතුවෙන් වසර 250,000 කට පෙර නිර්මාණය කරන ලද තරමක් විශාල මෙම ඇලුමිනීයම් ලෝහ කැබැල්ල උද්වේගකාරී සොයාගැන්මක් විය. මෙම ලෝහ කැබැල්ල 1973 දී රොමේනියාවෙන් සොයාගන්නා ලද බව පමණක් ප්‍රචලිත කරුණකි. රොමේනියාවේ ගොඩනැගිලි තනන්නන් පිරිසක් එරට මධ්‍යම නගරය වූ ” Aiud” නගරයේ සිට වැඩි ඈතකින් නොවන ” Mures ” ගංගාවේ ඉවුරු ආශ්‍රිතව අඩි 33ක් (මීටර් 10ක්) පමණ පොළොව අභ්‍යන්තරයෙන් අසාමාන්‍ය වස්තූන් තුනක් සොයා ගන්නට ලැබිණි.
මෙම සොයාගත් කැබැළි අසාමාන්‍ය වූ අතරම බොහෝ පැරැණි පෙනුමක්ද තිබූ අතර පුරාවිද්‍යාඥයන් විසින් නිරීක්ශණය කිරීමේශී ඉන් දෙකක්ම පොසිල ලෙස හඳුනා ගන්නා ලදී. නමුත් ඉතිරි කැබැල්ල බැලූ බැල්මට මිනිසා විසින් නිර්මිත ඉතා සැහැල්ලු ලෝහ වස්තුවක් ලෙස පෙනිණි. එය මුලින් සැක කෙරුනේ පෞරාණික පොරෝ තලයක් ලෙසිනි.
වැඩිදුර පරීක්ශන සඳහා මෙම වස්තූන් තුනම මධ්‍යම රොමේනියාවේ ට්‍රාන්සිල්වේනියා හී පිහිටි Cluj-Napoca නම් නගරයේ පුරා විද්‍යාඥයන් වෙත ගෙන යන ලදී.එහිදී, පොසිල දෙක වසර 90,000ක් පමණ පැරැණි ක්ෂීරපායී සතෙකුගේ බවට ඔවුන් ඉක්මනින් වටහා ගන්නා ලදී. තුන්වැන්න, කිසියම් නිශ්පාදන ක්‍රියාවලියකින් නිර්මාණය කරගත් බර අඩු ලෝහමය වස්තුවක් වීම නිසා ඔවුන් තිගැස්මට ලක්විය.
කෙරුණු පරීක්ශනයන්ට අනුව, මෙම වස්තුව එකිනෙකට වෙනස් ලෝහ වර්ග 12කින් නිර්මාණය කරන ලද්දක් බවත්, ඉන් 90% ක් පමණ ඇලුමීනියම් බවත් ප්රත්යක්ශ වූ පසු රොමේනියානු බළධාරීන් මෙම වස්තුව වසර 250,000ක් පමණ පැරැණි බවද සොයා ගන්නා ලදී. පළමු ප්රථිඵලයන් පසුව ස්විස්ටර්ලන්තයේ Lausanne හි පිහිටි පරික්ශනාගාර වලින් තහවුරු කරන ලදී. පසුව වෙනත් විද්‍යාඥයින් විසින් යලිත් යම් යම් පරීක්ශන කරන ලද අතර එහිදී පළමු පරීක්ස්ශන වල ප්රථිඵලයන් වැරදි විය හැකි බවට මතයක් ගෙන එන ලදී. එහිදී දැක්වූයේ එහි ආයු කාළය වසර 400 සිට 80,000 දක්වා විය හැකි බවයි.
වසර 400 පැරැණි වුවද, එය මිනිසා විසින් ඇලුමිනීයම් ආශ්රිත නිශ්පාදන සිදු කළා යැයි සැළකෙන කාළයට වඩා වසර 200ක් පැරැණි වේ. මෙම වස්තුව අඟල් 7.8ක් පමණ එනම් සෙනන්ටි මීටර 20ක් පමණ දිගකින්ද අඟල් 4.9ක් එනම් සෙන්ටි මීටර 12.5ක් පමණ පළලින්ද යුක්ත වන අතර අඟල් 2.8ක් (සෙන්ටි මීටර7ක්) පමණ ඝනකමකින් යුක්තය. මෙම වස්තුව තවත් සංකීර්ණ කාර්මික යන්ත්‍රයක කොටසක් බවට සාධක හමු වීමත් සමග බළධාරීන් මහත් ප්රෙහේලිකාවකට මැදි විය.
ඒ සමගම මෙම ඇළුමීනියම් වස්තුව සක්වලින් එහා දියුණු ජීවීන් කොට්ඨාශයක් සතු බවත් එම ජීවීන්අතීත පෘථිවි වැසියා සමග සම්බන්ධකම්පැවැත්වූ බවටත් මත පළ විය. රොමේනියානු UFOlogists Association හි වැඩ බලන අධ්‍යක්ශක Gheorghe Cohal මහතා පවසන්නේ එරට පරීක්ශණාගාර දත්ත වලින් පැහැදිලි වන්නේ එම ලෝහ කොටස පිටසක්වල යානයක කොටසක් බවත්, එය මිහිමත පිහිටි කිසිඳු තාක්ශනයකට නිශ්පාදනය කල නොහැක්කක් බවත්ය.
නමුත් රොමේනියානු ඉතිහාසඥයෙකු වන Mihai Wittenberger මහතා මතයක් ඉදිරිපත් කරමින් පවසන්නේ මෙය දෙවන ලෝක යුධ සමයේ විනාශ වූ ජර්මානු ගුවන් යානාවක කොටසක් බවයි. නමුත් මෙම මතයට අනුව එම ලෝහ කැබැල්ලේ වයස පිළිබඳ ගැටළුවක් පවතී. පරීක්ශනාගාර දත්ත වලින්, එය අඩුම තරමේ සර 400ක් වත් පරැණි බව සනාථ වීම ඊට හේතුවයි. මෙම වස්තුව දැනට පොඩ්ගු ජනතාවට විවෘත්ත Cluj-Napocaහි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අතර මෙහි මූලාරම්භය අදටත් සැඟැවී ඇති බවට එහි තබා ඇති සටහනක දැක්වේ. කෙසේ වෙතත් තාක්ශනයේ දියුණුවත් සමගම, නුදුරු දිනෙකදී එම වස්තුවේ උපත ගැන දැනගන්නට හැකි වනු ඇතැයි අප සිතමු.
තවත් මෙවැනි ඔබ නොදත් ඉතිහාස තොරතුරු දැන ගැනීමට එක් වන්න අඩවිය සමග.
තවත් කෙනෙකුට දැනගන්න ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.