
ලංකාවේ ක්‍රිකට් ගැන දන්නෙ නැති කෙනෙක් නැති තරම්. සමහර වෙලාවට මැච් එකක් යනව නම් වට පිටාවේ ඔක්කොම අමතක කරලනෙ අපි ඒවා බලන්නේ. මේ කියන්න යන්නේ ඒ වගේ ක්‍රිකට් බලන අයට මතක තියෙන දෙයක්. කාළයක් ආසාවෙන් බලාගෙන හිටපු, චැම්පියන්ස් ක්‍රිකට් කුසලාණය ගැනයි මේ.
- ජගත් ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය වුන මුල්ම චැම්පියන්ස් තරඟාවලිය පටං ගන්නෙ 1998, බංගලාදේශෙදි. එහි ශූරතාව දිනාගත්තෙ දකුණු අප්‍රිකාව. අවසන් තරඟයෙදි ඔවුන් අති පරාද උනේ බටහිර ඉංදීය කොදෙව්වන්. මේ තරඟය බලන්න 40,000ක් ප්‍රේක්ශක පිරිසක් සහභාගී උනා කියල පොත් වල ලියවිලා තියෙනවා.
- 2000 අවුරුද්දෙ කෙන්යාවෙදි පැවැත්වෙන දෙවැනි චැම්පියන්ස් කුසලාන තරඟාවලියත් නොකවුට් ක්‍රමයට තමයි පැවැත්වෙන්නෙ. ඒ තරඟාවලිය ජයගන්නෙ නවසීලන්ත පිළයි. ශ්‍රී ලංකා කණ්ඩායම තමන් මුහුණ දීපු පළමු නොකවුට් තරඟයෙදිම පකිස්ථානෙ අතින් පරාජය ලබල තරඟාවලියෙන් ඉවත් වෙනව. ඉතිහාසයේ අඩුම පිරිසක් නරඹපු අවසන් තරඟය තමයි මේ. සංඛ්‍යාත්මකව කිව්වොත් 7000ක් වගේ සුළු පිරිසක්.
- 2002 අවුරුද්දෙදි අපේ රටේදි තමයි චැම්පියන්ස් කුසලානය පැවැත්වෙන්නෙ. චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ මුල් වරට නොකවුට් ක්‍රමයෙන් ඉවත් වෙලා, කණ්ඩායම් 12ක් පූල්ස් 4කට වෙන් කරලයි මේ තරඟාවලිය පැවැත්වුවෙ. පළමු වටය අවසානෙදි අදාල පූල්ස් හතරේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් අතර සෙමි ෆයිනල්ස් පවත්වන්න යෙදුණා. අවසන් තරඟයට අපේ කණ්ඩායම සහ ඉන්දියාව තමයි තේරුණේ. අයහපත් කාළගුණය නිසා අවසන් තරඟය දවස් දෙකකදීම අතරමගදී නවත්වන්න සිදුවූ නිසා අපිටයි ඉන්දියාවටයි මේ කුසලානය සමව බෙදාගන්න සිද්ධ වෙනවා. චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේදී තරඟාවලියේ සත්කාර රට කුසලානය දිනාගත්ත එකම අවස්ථාව හැටියට සැළකෙන්නේ මෙයයි.
- 2004දි එංගලන්තෙදි පැවැත්වෙච්ච වැම්පියන්ස් ශූරතාවයෙන් ලංකාවට පළමු වටයෙන්ම ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මේ තරඟාවලිය අදටත් මතකයේ රැඳෙන්න එක හේතුවක් තමයි ඒකෙ අවසාන තරඟයේ තිබ්බ උණුසුම් සහ තරඟකාරී ස්වභාවය. සත්කාරක රට වෙච්ච එංගලන්තෙ ගහපු ලකුණු 217 හඹාගෙන යන බටහිර ඉන්දීය කොදෙවුවො එක් අවස්ථාවක ලකුණු 147ට කඩුලු 8ක් දැවිල පරාජය පෙනි පෙනී ඉන්නෙ. ඒත් සටන්කාමී ඉනිම දෙකක් ක්‍රීඩා කරන ඔවුන්ගේ කඩුලු රකින්නා කර්ට්නි බ්‍රවුන් සහ ඉයන් බ්‍රැඩ්ෂෝ එකතුවෙන් මේ ලකුණු ගාණ හඹායන්න අවසානෙදි ඔවුන් සමත් වෙනවා.
- 2006 සහ 2009 යන අවුරුදු දෙකේදිම චැම්පියන්ස් කුසලානය දිනාගන්න සමත්වෙන්නෙ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමයි. අදටත් චැම්පියන්ස් කුසලානය පිට පිට දෙවතාවක් දිනාගන්න සමත් වෙච්ච එකම රට වෙන්නෙ ඔවුනුයි.
- මුල් කාලෙදි සෑම අවුරුදු දෙකකටම වතාවක් මේ තරඟාවලිය පැවැත්වුණත් 2009 අවුරුද්දෙ සිට සෑම අවුරුදු 4කට වතාවක් තමයි චැම්පියන්ස් කුසලානෙ පැවැත්වෙන්නෙ.
- ගිය වතාවෙදි එංගලන්තය සහ වේල්සයේ පැවැත්වෙච්ච චැම්පියන්ස් කුසලානය ජයගන්නෙ අසල්වැසි ඉන්දියානුකණ්ඩායමයි. ඉන්දියාවත් එක්ක සෙමි ෆයිනල් එකෙන් පරාජය ලබපු නිසා අපේ කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වෙනව. ඉන්දියානු කණ්ඩායමේ ඒ ජයග්‍රහණයත් එක්ක චැම්පියන්ස් කුසලානය දෙවරක් දිනාගත්ත දෙවැනි රට හැටියට ඔවුන් පත්වෙනව.
- චැම්පියන්ස් කුසලානයේ හොඳම ජයග්‍රාහී ප්‍රතිශතය තියෙන්නෙ අසල්වැසි ඉන්දියාවටම තමයි. ඒ අය තරඟ 23කින් 15ක් ජය අරන් 71.42%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කරල තියනවා. අපේ රට ඉන්නෙ ඒ අතින් 5 වැනි ස්ථානයේයි. අපි තරඟ 23කින් 15ක් දිනල 59.09%ක අගයක් වාර්තා කරල තියනවා.
- අයි. සී. සී චැම්පියන්ස් තරඟාවලියේ එතෙක් මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන්නේ ක්‍රිස් ගේලුයි. ගේල් තරඟ 17කදී ලකුණු 791ක් ගහල තියනවා. එහි දෙවැනි තැන හිමිවන්නේ අපේ මහේලට. මහේලගෙ ලකුණු සංඛ්‍යාව 742ක්. නවසීලන්තයෙ කයිල් මිල්ස් කඩුල 28ක් අරන් චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා හැටියට වැජඹෙද්දි අපේ මුරලි කඩුලු 24ක් එක්ක දෙවැනි තැන හිමිකරගෙන ඉන්නවා.
- එංගලන්තය, පකිස්ථානය, බංගලාදේශය සහ සිම්බාබ්වේ යන රටවල් වලට තවම චැම්පියන්ස් කුසලානය හිමිකරගැනීමේ අවස්ථාවක් හිමි වෙලා නැහැ.
- 2021 දී මීලඟ චැම්පියන්ස් කුසලාන තරඟාවළිය පැවැත්වීමට නියමිතව තිබුනත්, ජගත් ක්‍රිකට් කවුන්සිලයට අනුව ඒ සඳහා දින වකවාණු ව්ව්න් කිරීමේ අපහසුතාවයක් ලැන නැගිල තියෙනවා.
- චැම්පියන්ස් තරඟාවළියේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්ථා වෙන්නෙ ලංකාවේ “ෆෙර්වීස් මහරුෆ්” ගෙන්. ඒ 2006 වසරෙදි බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාවේ මුම්බයි හීදී ලකුණු. 14ට කඩුළු 6ක් විදියට.