එංගලන්තයේ, නොඑසේ නම් එක්සත් රාජධාණියේ සිටින්නන්න්ට නම් අද දිනය මහත් ආකර්ශනීය දිනයකි. ඊට හේතුව වන්නෙ අදට යෙදී ඇති රාජකීය විවාහ මංගල්‍යයයි. ඒ බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ සහ මෙගන් මාකල් ගේ විවාහ මංගල්‍ය හේතුවෙනුයි.
ඇතැම් අන්තර්ජාතික පුවත් වල දැක්වුනු ආකාරයට අද දිනය වෙනුවෙන් දින ගනනාවක් පුරා මාර්ගයේ ඉඩ කඩ වෙන් කර ගැනීමේ යෙදී සිට ඇත. මින් පෙර ඔවුන් දෙදෙනා කැන්ටර්බරී දේවස්ථානයේදී විවාහ ගිවිස ගන්නා ලදී. ඒ 2017 වසරේදීය.
ජාතික හා අන්තර්ජාතික රූපවාහිනී මාධ්‍ය ආයතන කීපයක්ම මෙම අවස්ථව සජීවීව ලොවපුරා විකාශනය කරන අතර, අද දින බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 1ට විවාහ උත්සවය ආරම්භ විය. මේ සඳහා ආරාධිතයින් 600ක්, වින්ඩ්සර් හි පිහිටි ජෝර්ජ්චැපල් දේවත්ථනයටබැරයුම් ලබා ඇත.
ආරාධිතයින් අතර හොලිවුඩ් නුළු නිළියන් රැසක් වන බව අඩවියෙන් අපට වාර්ථා විය. ඔවුන් අතර, ජෝර්ජ් ක්ලෝනි, ඩේවිඩ් බෙකම් හා වික්ටෝරියා යුවල, එල්ටන් ජෝන්, ඩ්‍රිස් එල්බා, සෙරීනා විලියම්ස් ආදී ජනප්‍රිය පුදගලයන් රැසක් වේ.
මංගල්‍යයේ වියදම්
මංගල් සාදය සඳහා වියදම ලෙස පවුම් 500,000ක මුදලක් (රුපියල් මිලියන 106ක් පමණ) ඇස්තමේන්තු කර ඇති අතර, සියළුම වියදම් රාජකීය පවුල විසින් දරණ බව මින් ඉහතදී රාජකීය පවුලේ මාධ්‍ය නිවේදනයක දැක්විනි. මෙම වියදම් අතර මංගල කේක් සඳහා පවුම් 50,000ක් (රු. රු. මිලියන 10.6ක්), සැරසිලි සඳහා පවුම් 110,000ක් (රු. මිලියන 23.3ක්) සහ සඟ්‍රහ කටයුතු සඳහා පවුම් 286,000ක් ( රු. මිලියන 60ක්) පමණ ඇස්තමේන්තු කොට ඇත.
සමස්ථ මංගල්‍ය සඳහා වියදම ලෙස පවුම් මිලියන 32ක මුදලක් ඇස්තමේන්තු කොට ඇත. මින් පෙර 2011දී පැවැතී රාජකීය මංගල්‍යකදී නගර සහ මාර්ග පද්දති ශුද්ද පවිත්‍ර කිරීම මිලියන 2.6ක් වියදම් වූ බව වාර්ථා විය.
අන්තර්ජාලය ඇසුරිනි.