ශ්‍රී ලාංකික සිනමාවේ අළුත්ම තරුව – ගජ මෑන්

ලාංකේය සිනමා ඉතිහාසයේ පළමු සිනමපටය ලෙස හැඳින්වෙන්නේ 1947 ජනවාරි 21, කොළඹදී තිරගත වූ Chitrakala Movietone Ltd වෙනුවෙන් S.M. යාගගම් විසින් නිශ්පාදනය කරන ලද”කඩවුනු පොරොන්දුව” යි. එදා සිට අද දක්වාම එළි දැක්වුනු බොහෝමයක් සිනමාපට ප්‍රේක්ශක හදවත් ඇද් බැඳ තබා ගන්නට සමත් උනා. මේ ලිපියෙන් අප අවධානය යොමුකරන්නේ මෑතකදී කරළියට ආ, ඉමහත් පරිශ්‍රමයක් දරා වැඩ කටයුතු කරන “ගජමෑන්” නම් සිනමාපටය පිළිබඳවයි.

Charactors of Gaja Man
ගජමෑන්’හි චරිත

විපරම

“කැමිලස්ගේ ගජමෑන්”, 90 දශකයේ ලංකාවේ පුවත් පත් රසිකයන් අතර ජනප්‍රියම කාටුන් චරිතය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. නමින් කැමිලස් පෙරේරා නම් වන ඔහු, 1966 වසරේ සිටඔබ්සර්වර් පුවත්පතට හා ලේක් හවුසියේ “දැක්කොත් පද්මාවතී” සඟරාවට කාර්ටුන් චිත්‍ර ඇඳීමේ යෙදී සිටියා. ඔහුගේ ජනප්‍රියම කාර්ටුන් චරිතය වන්, “ගජමෑන්” කැමිලස් පෙරේරා මහතාගේ පැන්සලින් සිත්තම් වන්නේ 1972 වසරේදීය. ඉන් පසුව එතුමා විසින් 1984 වසරේදී “කැමිලස්ගේ ගජමෑන්” නමින් සඟරාවක්ද නිකුත් කරන ලදී. එය අවසන් වූයේ පිටපත් 200,000ක් පමණ අති සාර්ථකව විකිනීමෙනි. කතාව එතෙකින් “නිමි” නම් නොවන්නේය.

ගජමෑන් සිනමාපටය

චානක පෙරේරා

ගජමෑන් සිනමාවට නගන්නට පිඹුරුපත් සැකසෙන්නේ, මීට වසර 7කට පමණ ඉහතදීය. ඒ චානක පෙරේරා නම් නිර්මාණ ශිල්පියා ගේ සිතුවිල්ලකට අනුවය. වෘත්තියෙන් 3D සජීවීකරණ ශිල්පියෙකු හා වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වන ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්‍තේ ශාන්ත පීතර විද්‍යාලයෙනි. පසුව ඕස්ට්‍රේලියාවේ Swinburne විශ්ව විද්‍යාලයෙන් සජීවීකරණය හා බහු මාධ්‍ය පිළිබඳ උපාධිය ලබා ගත් ඔහු දැනට ශ්‍රී ලංකාවේ studio 101 හි ප්‍රධන විධයක නිළධාරියා ලෙස කටයුතු කරයි.

ගජමෑන් සිනමාපටයේ තාක්ශනය ලංකාවට නම් හුරු පුරුදු එකක් නොවේ. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ” motion capture” තාක්ෂණයයි. හොලිවුඩ් සිනමාවේ එන අති දැවැන්ත නිර්මාණ වන “Avatar”, “Dawn of the planet of the apes”, Tin Tin, I am legend, Avengers යනාදී සිනමාපට වල යොදාගනු ලබන්නේදඑම තාක්ශනයමය. මෙහිදී සිදුවන්නේ සත්‍ය නලු නිළියන් යොදාගෙන, සජීවීකරණය කරන ලද චරිත වල අංග චලනයන් සිදු කිරීමය. වචන අනුව කට හෙලවෙන ආකාරයට සජීවීකරණය පහසු වන්නේ මේ නිසාය.

ගජමෑන්'හි ශිල්පීන්
ගජමෑන්’හි ශිල්පීන්

ගජමෑන් සිනමාපටයේ චරිත වෙනුවෙන් දසුන් පතිරණ, චාමර ප්‍රියදර්ශන, කසුනි, ප්‍රදීප්, ටිරාන් සහ ශාරදා ද හඬ කැවීමේ ශිල්පීන් ලෙස පොඩි මල්ලී සහ චූටි මල්ලී ලෙස ජනාදරයට පාත්‍ර වූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද පියවිරාජ්, රශී පබෝදා, යුරේනි නොශිකා සහ සුනිල් පෙරේරා වැනි ජනකාන්ත පුද්ගලයින් සහභ්හාගී වී ඇත.

පසු විපරම

ගජමෑන් සිනමාපටය ගැන කියද්දී දෙයක් නම් මතක් නොකර බැරිය. ඒ Laka darmarathna නම් අද වන විට ජනප්‍රියම අධ්‍යක්ශක වරයා, මිත්‍රයෙකු වූ Isuru David ගේ මුහුනු පොතින් උපුටා පළ කල පොස්ස්ටුවකි.

තවද මෙම නිර්මාණය ලාංකේය සිනමා කර්මාන්තය නව මගකට යොමු කරන සිනමාපටයකි. මුහුනු පොතේ හුවමාරු වූ තවත් එක් පෝස්ටුවක් උපුටා දක්වනු රිසියෙමි.

“හැමදේම නිකම් ඩවුන්ලෝඩ් කරන්න, ටොරන්ට් බාන්න බලාගෙන ඉන්න උඹලටයි කියන්නේ, මේකවත් ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා බලල අලුත් වැඩක් කරන සෙට් එකකට උදවු කරපල්ලා.”

අවසාන වශයෙන්

අතේ තියෙන සල්ලි වියදම් කරගෙන, නොදන්න තාක්ශනයක් රටට ගෙනැල්ලා, කොටින්ම පට්ටම කට්ටක් කාලා, අපට දෙයක් දෙන්න හදන studio 101 එකේ කොල්ලො කෙල්ලො සෙට් එකට ජය වවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *