ලොව ඉතිරිව සිටි අවසන් පිරිමි උතුරුදිග සුදු රයිනෝසිරසයා පසුගියදා මිය ගියේය. තවත් සුදු රයිනෝසිරස් ගැහැනු සතුන් දෙදෙනකු ලොව ඉතිරිව සිටියත් මේ අවසන් පිරිමි සත්ත්වයාගේ මරණයත් සමඟ උතුරුදිග සුදු රයිනෝසිරසයන්ගේ වඳ වීම නිශ්චිතව සිදුවේ.

සුඩාන් නමැති 45 හැවිරිදි මෙම සුදු රයිනෝ මෑත දිනවල අසනීප තත්ත්වයෙන් පසු විය. වයස්ගත වීම හේතුවෙන් ඇතිවන ගැටලු සහ බහුවිධ ආසාදන මෙම සත්ත්වයාගේ මරණයට හේතු වී ඇති බව පැවසේ.
සුඩාන් ජීවත් වූයේ කෙන්යාවේ ඔල් පෙජෙටා රක්ෂිතයේය. දිනය පුරාම මේ විශේෂිත සත්ත්වයාට ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් පිරිසක් යොදවා සිටියේ මිහිමත වෙසෙන අවසන් සුදු රයිනෝසිරසයා නීති විරෝධී දඩයම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාය.
“එයා හොඳ යෝධයෙක්. එයාගෙ පෞර්ෂය පුදුමාකාරයි. ඒ වගේම එයාගෙ දැවැන්ත සිරුර නිසා ගොඩක් මිනිස්සු එයාට බය වුණා. ඒත් එයාගෙන් කිසිම හිරිහැරයක් තිබුණෙ නෑ.” එල් පෙජෙටාහි නියෝජිත එලෝඩි සැම්පෙරේ පවසයි. පර්යේෂකයන් විසින් සුඩාන්ගේ ජානමය ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් සුරැකිව තබා ඇති අතර ඉන් කෘත්‍රිමව ඉතිරිව සිටින ගැහැනු රයිනෝ දෙදෙනා මාර්ගයෙන් පැටවකු ලබාගැනීමට හැකි වෙතැයි සැම්පෙරේ විශ්වාසය පළ කරයි.

“සුඩාන්ගේ දුක්ඛිත අහිමි වීමෙන් ලෝකය පාඩමක් ඉගෙන ගනී කියල අපි හිතනවා. ඒ වගේම රයිනෝ අං වෙළෙඳාම ගැන බරපතල විදිහට කල්පනා කරයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. චීනයේ සහ වියට්නාමයේ රයිනෝ අං වලට තිබෙන මිල පහත වැටී ඇති නමුත්, තවමත් අං සඳහා කරන නීති විරෝධී දඩයම රයිනෝ විශේෂවලට තර්ජනයක් වී තිබෙනවා.” වයිල්ඩ් ඒඩ් හි ප්‍රධාන පරිපාලන නිලධාරී පීටර් නයිට්ස් පවසයි.
රයිනෝසිරසයන් නීති විරෝධී දඩයක්කරුවන්‍ගේ ඉලක්කයකි. ආසියාවේ සමහර රටවල ඇති විශ්වාසයන් මේ නීති විරෝධී දඩයමට අවශ්‍ය ඉන්ධන සපයා තිබේ. රයිනෝසිරස් අං විවිධ රෝග සඳහා ප්‍රතිකර්මයක් ලෙස යොදා ගැනීම ආසියාකරයේ සමහර සංස්කෘතීන් තුළ දක්නට ලැබෙන්නකි. රයිනෝ අං වෙළෙඳාම මත්ද්‍රව්‍ය වෙළෙඳාමටත් වඩා ලාභ උපයන්නක් වී ඇති බව විශේෂඥයෝ පවසති.
එයට අමතරව ඔල් පෙජෙටා රක්ෂිතයේ ආරක්ෂයන් විසින් සතුන්ට රේඩියෝ සම්ප්‍රේෂක සවි කිරීම සිදු කරන අතර නීති විරෝධී දඩයක්කරුවන් ගැන තොරතුරු එක්රැස් කිරීම සඳහා වෙස්වලාගත් නිලධාරීන් යාබද ප්‍රජාවන් වෙත යවා තිබේ.
වයස 45 ක් යනු රයිනෝසිරසයකුගේ ආයුකාලය අනුව වැඩිහිටි තත්ත්වයකි. මේ වයස්ගත වීමත් සමඟ බැඳෙන රෝගාබාධ රැසකින් සුඩාන් පීඩා වින්දේය.
ඔහුගේ අවසන් වසර කීපයේ, ඔහුට ස්වභාවිකව ගැහැනු රයිනෝසිරසයන් සමඟ එක්වීමට නොහැකි වූ අතර, අඩු ශුක්‍රාණු ප්‍රමාණය හේතුවෙන් ප්‍රජනන හැකියාව අසීරු විය.
සුඩාන්ගේ දියණිය වූයේ 28හැවිරිදි නාජින්ය. මිනිබිරිය වූයේ ෆාටුය. සංසන්දනාත්මකය සැලකූ විට මොවුන් තරුණ වියේ පසුවෙති. නාජින් ප්‍රජනන හැකියාවෙන් යුක්ත වුවත්, ඇගේ පිටුපස පාද දුර්වල බැවින් පිරිමි රයිනෝසිරසයකු සමඟ එක්වීමට නොහැකි වී තිබේ.

ටින්ඩර් කාලනීර්ණ යෙදවුම මඟින් සුඩාන් “ලොව වඩාත් යෝග්‍යතම තනිකඩයා” ලෙස නම් කිරීමත් සමඟ සුඩාන් පසුගිය වසරේදී ලොව මාධ්‍යවල ප්‍රධාන ශීර්ෂය බවට පත්වීමට සමත් විය. ටින්ඩර් ආයතනය උපවිශේෂ සුරැකීමේ අරමුදල් තර කිරීමේ ව්‍යාපාරයකදී ඔහුට මේ තත්ත්වය ලබා දුන්නේය.
බටහිර කළු රයිනෝසිරසයා මිහිමතින් තුරන් වූ බව මීට වසර 7කට පෙර ප්‍රකාශයට පත් කෙරිණි. මේ රයිනෝසිරසයා වඳ වී ගියේද නීති විරෝධී දඩයම්වල ප්‍රතිඵලයක් ලෙසිණි. රයිනෝ සුරැකීමේ සංරක්ෂණ කණ්ඩායමට අනුව දැනට මිහිමත ඉතිරිව සිටින රයිනෝසිරස් විශේෂ පහම තර්ජනයට ලක්වූ විශේෂ ලෙස සැලකේ.
ලොව වෙසෙන රයිනෝසිරස් විශේෂ
විශේෂ |
රයිනෝසිරස් |
ව්‍යාප්ති සිතියම |
කළු රයිනෝසිරස්
|
![]()
|
![]() |
දැවැන්ත තනි අං රයිනෝසිරස්
|
![]() |
![]() |
ජාවා රයිනෝසිරස්
|
![]() |
![]() |
සුමාත්‍රානු රයිනෝසිරස්
|
![]() |
![]() |
සුදු රයිනෝසිරස්
|
![]() |
![]() |
අන්තර්ජාලය ඇසුරිනි