ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක වේගයෙන් පියාසර කරන යානාව

පසුගිය ජුනි 7 වැනිදා Lockheed Martin සමාගමේ අධිතාක්ෂණික යානා නිර්මාණ අංශය වන Advanced Development Program (Skunk Works) වැදගත් තොරතුරක් හෙලිකලා.එනම් බොහෝ කාලයක සිට වාර්තා වෙමින් පැවති අධිවේගී SR – 71 බ්ලැක්බර්ඩ් ඔත්තු බැලීමේ යානාවේ අනුප්‍රාප්තික SR -72 යානාව සැබැවින්ම නිර්මාණය කරමින් තිබෙන බවයි. ශබ්දයේ වේගය මෙන් 6 ගුණයක් ( 7400 Km/h) තරම් සිතාගත නොහැකි වේගයෙන් මෙම යානාව පියාසර කරනු ඇති අතර එය ඔත්තු බැලීම පමණක් නොව ශූක්ෂ්ම ඉලක්ක ප්‍රහාර එල්ලකිරීම සඳහාද භාවිතා කිරීමට නිර්මාණය වනවා.

Lokheed Martin's SR-72
ඡායා රූප : youtube.com

වේගය 0 සිට මාර්ක් 6ක අධික වේගයක් දක්වා පියාසර කිරීමට සාමාන්‍ය ජෙට් එන්ජින් වලට නොහැකි අතර මේ සඳහා SR -72 යානාවේ කම්බයින්ඩ්-සයිකල් ජෙට් (Rocket-BasedCombined Cycle propulsion system) නම් අලුත් එන්ජින් තාක්ෂණයක් භාවිතා වනවා. අඩු වේගවලදී ජෙට් එන්ජිමක් ලෙසද අධික වේගයන් ලබාගැනීම සඳහා රොකට් එන්ජිමක් ලෙසද ක්‍රියාත්මකවීමට කම්බයින්ඩ් සයිකල් තාක්ෂණයේ එන්ජින් වලට පුලුවන්.

SR-72 යානය අඩි 80,000ක් තරම් ඉහල අහසේ පැදවීමට හැකි බවද සඳහන්. මෙහි දිග F-22 Raptor යානය මෙන් දෙගුණයක් තරම්, එනම් දිගින් මීටර් 30ක් පමණ වන බවද පැවසෙනවා. මෙලෙසින් නිශ්පාදනය වන ගුවන් යානා 2030 වසර පමණ වන විට සේවයේ යෙදවීමට හැකියාව ලැබෙනු ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම යානාව නිශ්පාදනය කර තිබෙන ආකාරය අනුව, එහි ටයිටේනියම් මිශ්‍ර බඳ කොටස සෙන්ටිග්‍රේඩ් අංශක 482ක පමණ උෂ්ණත්වයකට පවා ඔරොත්තු දෙන බව වාර්ථා වල වැඩි දුරටත් දැක්වේ.

mangomark.lk / wikipedia ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *