ජපානය ඉදිකරන්නට යන ලෝකයේ උසම ගොඩනැගිල්ල

මේ වනවිට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායිහි පිහිටා ඇති ‘බර්ජ් ඛලීෆා’ ගොඩනැගිල්ලයි. එය ඉදිකර අවසන් කෙරුණේ 2009 වසරේය.තට්ටු 163 කින් සමන්විත බර්ජ් ඛලීෆා කුලුනු ගොඩනැගිල්ල අඩි 2,716ක් උසය. නමුත් මේ වනවිට ඩුබායිහි බර්ජ් ඛලීෆා විසින් තබනු ලැබ ඇති මෙම ලෝක වාර්තාව බිඳ දමන්නට දැන් තවත් රටක් සූදානම් වෙමින් සිටියි. ඒ ජපානයයි. ජපානය ඉදිකරන්නට යන ලෝකයේ උසම ගොඩනැගිල්ල පිළිබඳ ඇදහිය නොහැකි කතාව වන්නේ එය බර්ජ් ඛලීෆා මෙන් දෙගුණයකට ආසන්න උසකින් යුතු වීමයි. එනම් සාදා අවසන් කළ පසු එහි උස අඩි 5,577 ක් වනු ඇත. මෙය සිරස් අතට සැතපුමකට ආසන්න උස ප්‍රමාණයකි. එම නිසා මෙම ගොඩනැගිල්ල ඔවුන් හැඳින්වීමට යන්නේ ‘අහස් සැතපුම් කුලුන’ යන අරුත ඇතියන නමිනි. සැබැවින්ම එය අහස විනිවිද යන ගොඩනැගිල්ලක් වනවාට කිසිදු සැකයක් නැත.

ගොඩනැගිල්ල නිමවීමෙන් පසු පෙනෙන ආකාරය
ටෝකියෝහි ගොඩනැගිල්ල “Sky MileMile” සහ අනෙකුත් ගොඩනැගිලි සංසන්දනය

අඩි 5,577ක් උස ගොඩනැගිල්ලක මුදුණේ සිට පහත බලන විට මොනතරම් විස්මයජනක දසුනක් මැවෙනු ඇතිදැයි සිතා ගැනීම පහසු කරනු පිණිස බර්ජ් ඛලීෆා හි මුදුණේ (අඩි 2,716ක් ඉහළ) සිට බලන විට මැවෙන දසුනෙහි ඡායාරූපයක් මේ සමග පළ කරමු. මෙම උස මෙන් දෙගුණයක් ඉහළ සිට බලන විට මොන තරම් නම් විස්මය දනවන දර්ශනයක් දැක ගන්නට ලැබෙනු ඇත්ද?

බර්ජ් කලීෆා – ඩුබායි

මෙම අහස් සැතපුම් කුලුන යනු ජපානය විසින් නිර්මාණය කිරීමට යන මෙගා නගරයක එක් අංගයක් පමණි. මෙම මෙගා නගරය ඔවුන් හඳුන්වා ඇත්තේ ‘මීළඟ ටෝකියෝව‘ යන නමිනි. අනෙක් විශේෂත්වය වනුයේ මෙම මෙගා නගරය ඉදිවන්නේ ටෝකියෝ කළපුව යනුවෙන් හැඳින්වෙන කළපුවක් මධ්‍යයේ වීමයි. වඩදිය කාලයේදී ටෝකියෝව තුළට මුහුදු ජලය ඇතුළුවීම වැළැක්වීමේ අරමුණ ඇතිව මෙම මෙගා නගරය ඉදිවන බව සඳහන් වේ. මෙය නිර්මාණය වන්නේ කෘත්‍රිමව ඉදිවන දූපත් කිහිපයක එකතුවක් වශයෙනි.

Next Tokyo මෙගා නගරය තුළ 50,000ක ජනගහනයකට ඉඩකඩ සැලසෙන අතර අහස් සැතපුම් කුලුන තුළ පමණක් 5,000කට පමණ නිවාස පහසුකම් ඇති කෙරෙනු ඇත. නිවෙස්වලට අමතරව සාප්පු සංකීර්ණ, සෞඛ්‍ය මධ්‍යස්ථාන, අවන්හල්, හෝටල්, ශරීර සුවතා මධ්‍යස්ථාන ආදියද මේ තුළ ඉදි කෙරෙයි.

මෙම කුලුන ගොඩනැගිල්ලෙහි තවත් විශේෂත්වයක් ලෙස සඳහන් වන්නේ එහි අපූරු ජල සැපයුම් ක්‍රමවේදයයි. සැතපුමක් උස ගොඩනැගිල්ලකට බිම් මට්ටමේ සිට ජලය ගෙනයාම අසීරු කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසා මෙම ගොඩනැගිල්ලෙහි පිටත බිත්ති නිර්මාණය වන්නේ වායුගෝලයේ ඇති ජලය එක් රැස් කර, පිරිසිදුකර, ගබඩා කිරීමේ තාක්ෂණයක් සහිතව බව වාර්තා වෙයි. එම නිසා ගොඩනැගිල්‍ලේ විවිධ මට්ටම්වල සිට ජලය එක් රැස්කර බෙදාහැරීමට හැකියාව ලැබෙයි. එසේම ගොඩනැගිල්‍ලේ විදුලි සෝපාන පද්ධතියද රැහැන්වලින් තොරව ක්‍රියාත්මක වන්නක් වන අතර ඒවා උස (සිරස්) අතට පමණක් නොව හරස් (තිරස්) අතටද ධාවනය වීමේ හැකියාවෙන් යුතු වනු ඇත.

ජපානය යනු නිතර භූමිකම්පාවලට ලක්වන රටකි. මේ තරම් උස ගොඩනැගිල්ලක් භූමිකම්පාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිකිරීම ඉතා අභියෝගාත්මක කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම මෙගා නගරයේ ඉදි කිරීම් භාරව සිටින Kohn Pedersen Fox Associates සහ Leslie E. Robertson Associates

Leave a Reply

Your email address will not be published. Required fields are marked *