ගුවන් යානයකින් අභ්‍යාවකාශයට යන්න පුළුවනිද ? මාතෘකාව දුටු විගස, ඔබ අසාවි.
ඔව් පුළුවන්, ඒත් එසේ මෙසේ ගුවන් යානයකින් නම් නෙවෙයි. මේ වගේ අරුම පුදුම වැඩ කරන්න පුළුවන් ගුවන් යානා හා ඒවා හැසිරවිය හැකි නියමුවන් ඉන්නෙ රුසියාවට හා ඇමෙරිකා එක්සත් ජනපදයට පමණයි. මේ කියන්න යන්නෙ එහෙම ගුවන් යානයකින් අභ්‍යාවකාශයට ගිය ඇමෙරිකානු නාසා ආයතනයේ ගුවන් නියමුවෙක් ගැන. ඔහු නමින් ජෝසෆ් ඇල්බර්ට් වෝකර්.

1922 වසරේ පෙබරවාරි 20 වෙනිදා ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ වොශිංටන් හීදී උපත ලද වෝකර්, පාසැල් අධ්‍යාපනයෙන් පසු ” Wasgington & Jefferson” විශ්වවිද්‍යාලයට ඇතුළු වී 1942 වසරේදී භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. විශ්වවිද්‍යාලයඅධ්‍යාපනයෙන් පසුව ඇරඹි ලෝක යුධ සමයත් සමගින් සම වයසේ තරුණයන් අනුගමනය කරමින් ඔහුද හමුදා සේවයට බැඳුණි. දෙවන ලෝක යුධ සමයේ දැක්වූ දස්කම් නිසාවෙන්ම වෝකර් ” Distinguished Flying Cross” නම් පදක්කම 1944 වසරේදී දිනා ගත්තේය.
යුධ සමයේ ඔත්තු බැලීමේ හා මුර සංචාර වල යෙදෙන ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ වෝකර් යුද්ධය අවසානයත් සමගම භෞතික විද්‍යාඥයෙකු ලෙස නාසා ආයතනයේ “පුරෝගාමික පර්‍ර්‍යේෂණ ආයතනය”ට සේවයට එක් විය. ඒ අතරවාරයේ පියාසර කිරීමටඇති දැඩි කැමැත්ත නිසාම පර්‍යේෂණ ගුවන් නියමුවෙකු ලෙස පුහුණු වී නාසා ආයතනයේ පර්‍යේෂණාගාර රැසක ගගන විද්‍යා පර්‍යේෂණ වලට සහය විය.
නාසා ආයතනයේ ගගන විද්‍යා පර්‍යේෂණ සඳහා විවිධ වර්ගයේ පර්‍යේෂණ යානා විශාල සංඛ්‍යාවක් පදවා අත්දැකීම් වලින් පරිපූර්ණ වී සිටි වෝකර් හට ගගනගාමියෙකු වීමේ අහඹු අවස්ථාව උදා වූයේ නාසා ආයාතනයේ X-15 පර්‍යේෂණ ගුවන් යානා ව්‍යාපෘථියට ගුවන් නියමුවෙකු ලෙස ඔහුව තෝරා පත්කර් ගැනීමෙන් පසුවය.
X-Plane Project හෙවත් x කාණ්ඩයේ ගුවන් යානා ව්‍යාපෘථිය 1940 වසරේ පමණ සිට ඇමෙරිකානු ගුවන් හමුදාව මගින් ක්‍රියාත්මක කළ පර්‍යේෂණ ව්‍යාපෘතියක් වූ අතර පසු කළෙක නාසා ආයතනය පිහිටුවීමෙන් පසු ව්‍යාපෘථියේ වැඩි බර නාසා ආයතනය ලැබුණි. අතිශයින්ම පර්‍යේෂණ මට්ටමේ පැවැති ගුවන් යානා පියාසර කෙරුණු මෙම ව්‍යාපෘතියේ අරමුණු වූයේගුවන් යානා තාක්ශණයේ නිම්වළළු පුළුල් කිරීමයි. 1944 වර්ශයේදී x කාණ්ඩයේ ගුවන් යානාවල පළමු කාණ්ඩයේ යානාවක් වූ Bell X-1 guwan yaanaawa ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කළ ලොව පළමු ගුවන් යානය බවට පත් විය.
වෝකර් නියමුවා ලෙස තෝරාගත් පළමු X-15 යානය X ගුවන් යානා වර්ගයේ 15 වැනි පරම්පරාවේ ඉතා දියුණු ගුවන් යානාවක් විය. 1959 වසරේදී ඇරඹුණු X-15 යානාවේ පියාසැරි මාළාවේ අරමුණ වූයේ අභ්‍යාවකාශ ගතකළ හැකි ගුවන් යානා නිර්මාණය සඳහා දත්ඝ එක් රැස් කිරීමය.

වෝකර්ට අමතරව තවත් නියමුවන් 15 දෙනෙකු මෙම යානා පියාසර කිරීම සඳහා තෝරාගත් අතර ඉන් එක් අයෙකු වූයේ, සඳ මත පියසටහන් තැබූ පළමුවැන්නා වූ “නීල් ආම්ස්ට්‍රෝංග්” නම් වූ එවකට තරුණ ජෙට් නියමුවාය. ගුවන් තාක්ශණයේ අළුත් පරිචයක් අරඹමින් වාර්ථා පිට වාර්ථා තැබූ X-15 ගුවන් යානා, ගුවන් යානයක් විසින් සිදු කළ වේගවත්ම ගුවන් ගමන එනම් පැයට කිලෝ මීටර 6585ක ගුවන් ගමන වාර්ථා කලේය. ඒ 1961 වසරේදී නොවැම්බර් මස X-15 යානා පරීක්ෂණයේ 45 වැනි පියාසැරියේදීය.

ජෝසෆ් වෝකර් නම් ගුවන් නියමුවාට ගගනගාමියෙකු ලෙස ඉතිහාසගත වීමට මංපෑදූනේ X-15 යානාව විසින් තැබූ අනෙක් ලෝක වාර්ථාවත් සමඟිනි. එනම් වඩාත්ම උසකින් පියාසර කළ ගුවන් යානාව ලෙස වාර්ථාවක් තමන් සතු කර ගැනීමෙනි. ඒ 1963 වසරේ ජුනි 19 වැනිදා ජෝසෆ් වෝකර් විසින් පියාසර කරවූ X -15 ගුවන් යානය මුහුදු මට්ටමේ සිට කිලෝ මීටර 105.9 ක් ලෙස සටහන් කිරීමත් සමඟිනි. එම උස සැතැපුම් 62 කට වඩා වැඩි විය. අන්තර්ජාතික සම්මතයට අනුව අභ්‍යාවකාශය ලෙස සැළකෙනුයේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 100කට ඔබ්බෙන් වූ සීමාවය. ඒ අනුව එම මට්ටම ඉක්මවා තවත් කිලෝමීටර 5.9ක් ඉහළින් තම යානය පියාසර කරවූ ජෝසෆ් වෝකර් හට අන්තර්ජාතික සම්මතයට අන්ජ්ව ගගනගාමියෙකු ලෙස පිළිගැනීම ලැබුණු අතර ගුවන් යානයකින් අභ්‍යාවකාශයට ඇතුලු වූ පළමුවැන්නා වීමේ ගෞරවය සහ භාග්‍යයද ජෝසෆ් වෝකර් විසින් හිමිකර ගත්තේය.

වර්ශ 1966 ජුනි 8 වැනි දින ජෝසෆ් වෝකර් පැදවූ F-104 Starfighter යානය X-70 නම් වූ තවත් යානයක් සමග අඩි 25,000ක් තරම් වූ ඉහළ අහසේදී ගැටීමෙන් මේ අපූරු හැකියාවක් සහිත වූ ගගනගාමියා ඉහළ අහසේදීම ලොවින් සමුගන්නා විටනොහුගේ වයස අවුරුදු 45ක් විය. එම අනතුරින් XB-70 යානයේ සහය ගුවන් නියමු “කාර්ල් ක්‍රොස්” නැමැත්තාද ජීවිතයෙන් සමුගත් අතර, ජෝසෆ්ගේ සමකාලීනයකු වූ XB-70 යානයේ ප්‍රධාන නියමු “ඇල්වින් වයිට්” පමණක් ජීවිතය බේරගත් බව සඳහන් වේ.
විකිපීඩියා / අන්තර්ජාලය ඇසුරිණි