කාර්මික විප්ලයවයත් සමග ලොව ප්‍රවාහන මාධ්‍ය නව මාවතකට යොමු වූ බව ප්‍රකට කරුණක්. එතෙක් භාණ්ඩ හා මගී ප්‍රවාහනය සිදු කළ ආකාරය නවමු මාවතකට යොමු වීමත් සමග ප්‍රවාහනමාධ්‍ය සීඝ්‍රයෙන් දියුණු වන්නට පටන් ගත්තා. කාළයත් සමගම සංකීර්ණ අවශ්‍යතා හමුවේ මිනිස් අවශ්‍යතා වලට අමතරව දිටුණු රටවල තරඟයක් දක්වාමෙකී මාධ්‍ය වර්ධනය වුනා. අද අඩවියෙන් කතා කරන්නෙ ප්‍රවාහන මාධ්‍යය නව මාවතකට යොමු කළ අධිවේගී දුම් රිය ගැනයි.

මුල් කාලීනව දුම් රියක අවශ්‍යතාවය පැන නැගුනේ දුරස්ථ ප්‍රදේශයන් වෙත භ්හණ්ඩ හා මගී ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙනුයි. මෙලෙස පීලි අතර දිවෙන දුම්රියේ වේගය පිළිබඳව වගකිව යුත්තන් උනන්දු වූයේ, වේගය වැඩි කර ගැනීමෙන් ප්‍රවාහනය සඳහා ගත වන කාළය අවම කර ගැනීම උදෙසාය. 19 වන සියවසේදී දුම් රියක උපරිම වේගය ලෙස සඳහන් වූයේ පැයට කිලෝ මීටර 100ක් තරම් වූ වේගයක්.
මුල් කාලයේ අධි වේගී දුම් රිය සඳහා උනන්දු වූයේ ජර්මනියයි. 1899 ඔවුන් විදුලි දුම් රියක් අත් හදා බැලුවා. එහි උපරිම වේගය ලෙස සටහන් වූයේ පැයට කිලෝමීටර 72ක් තරම් වූ අගයක්. මේ සඳහා අවශ්‍ය වූයේ කිලෝ වොට් 10ක (10Kw) බළයක් හා හර්ට්ස් 45 (45 Hz) සහිත ත්‍රිකලා විදුලියයි.
පසුව “Van der Zypen & Charlier” නම් වූ ජර්මනි ආයතනය 1902-1903 අතර කාළයේදී විදුලි දුම් රිය දෙකක් නිශ්පාදනය කළ අතර පළමු දුම් රිය “සීමන්ස්”ආයතයෙන් ලබාගත් උපකරණ වලින්ද දෙවැන්න ” Allgemeine-Elecktriitats-Gesellschaft (AEG) ” ආයතනයෙන් ලබාගත් උපකරණ වලින්ද සමන්විත වුනා. 1903 ඔක්තෝබර 23 වැනි දින අත් හදා බලන ලද “සීමන්ස්” උපකරණ වලින් සමන්විත වූ දුම් රිය පැයට කිලෝමීටර 206.7ක වේගයක් වාර්ථා කළ අතර එම වසරේදිම ඔක්තෝබර 27 වැනි දින අත් හදා බැලූ ” AEG”ආයතයේ උපකරණ වලින් සමන්විත දුම් රිය පැයට කිලෝමිටර 210.2ක වේගයක් වාර්ථා කළා. මේ සියල්ලට පාදක වූයේ 1891 වසරේදී ” Karoly Zipernowsky” හා ” Dr. Welington Adams” නම් ඉංජිනේරුවn විසින් කරන ලද යෝජනාවන් ය.
අද වන විට වේගයෙන්ම ගිය දුම් රියේ ලෝක වාර්ථාව තමන් සතු කර ගැනීමට දියුණු රට්වල් අතර පවතිනුයේ සීතල යුද්ධයකි. ජපානය මේ යුද්ධයේදී ඉදිරියෙන්ම සිටින අතර ප්‍රංශය, චීනය, ඇමෙරිකාව, දකුණු කොරියාව, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධාණිය සහ දකුණු අප්‍රිකාව මෙම තරඟයේ සෙසු තරඟකරුවන් වෙති.
