Nazca රේඛාවල අභිරහස

අවුරුදු බිලියන ගණනක් පුරා පෘථිවියේ කබොල විවිධ විපර්‍යාසවලට භාජනය වී දැනට පවතින භූ ලක්ෂණ (කදු වැටි,සානු,නිම්න…..) ඇති වී තිබේ. මේ භූ ලක්ෂණ අතරිනුත් පෘථිවි තලයේ සමහර ස්ථානවල ඉතා විශේෂ භූ ලක්ෂණ ඇති වී තිබෙන්නේ ස්වාභාව ධර්මයේ හාස්කම් ලොවටම පෙන්වමිනි. එයට ගත හැකි එක් උදාහරණයක් ලෙස දකුණු ඇමරිකානු මහද්වීපයේ පේරු රාජ්‍යයේ දකුණු දිග ප්‍රදේශ ය හැදින්වීමට හැකිය. අක්කර ගණනාවක් පුරාවට විහිදුණු මන බඳිනා තැනිතලාත් ඉතා පටු හා බිහිසුණු දුර්ග මාර්ග ත් අතරට මැදි වී පවතින මෙම තැනිතලා ප්‍රදේශ ය සතුවන්නේ අතිශය වියළි කාලගුණයකි. මෙම ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ වසර කීපයකට සැරයක් වන අතර සුළං හමන්නේ නැති තරම්‍ ය.

Nazca රේඛාවල සංක්ශිප්තය

මීට වසර 1500-2000 පමණ පෙර Nazca ජනතාව ගේ නිජබිම වූයේ මෙම වියළි තැනිතලා ප්‍රදේශයයි. නැස්කා ජනතාව ගැන අද වන විට බොහෝ දෙනෙක් දැන ගන්නේ Ingenio සිට නැස්කා ගංගා නිම්නය අතර වූ කාන්තාර භූමිය පුරා විහිදෙන නැස්කා රේඛා නිසාවෙනි. මෙම රේඛා ඇද ඇත්තේ අක්කර ගණනක් වූ මේ වියළි භූමියේ මතුපිට රළු පස ඉවත් කරමින් යටින් පවතින වඩාත් පැහැයෙන් අඩු පස නිරාවරණය කරමිනි. වෙනත් දේශගුණික තත්වයක් යටතේ නම් මෙම රේඛා මාස කීපයකින් මැකී යා හැකි වුවත් පෘථිවිය මත පිහිටි වඩාත්ම වියළි සුළං රහිත කලාපයන්ගෙන් එකක් වන මෙම පේරු කාන්තාරවල ඇදි බැවින් ඒවා තවමත් හොදින් සංරක්ෂණය වී ඇත.

නැස්කා රේඛා නිර්මාණය කළේ කුමන කාරයක් සදහාද??

මෙය අදටත් පිළිතුරු නොමැති ගැටලුවකි. මෙම රේඛා නැස්කා ජනතාව ට පෙර ඇදි රේඛා බවට කල්පිත ඉදිරිපත් වුවත් ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොමැත.  තවමත් ගවේශකයන් හා පුරාවිද්‍යාඥ යින් මේ පිළිබද දරන්නේ විවාදාත්මක මතයන් ය. ඔවුන්ට අනුව මෙම රේඛා ඇවිදීමට ඇති අඩිපාරවල් , වන්දනාමාන කටයුතු සදහා නිර්මාණය කරන ලද චිත්‍ර හෝ පිටසකවල යානා පථ ද විය හැක . නමුත් මේ එකදු මතයක් හෝ ඔප්පු කිරීමට තවමත් සාක්ෂි ඉදිරිපත් වී නැත . නමුත් වාසනාවකට සියලු ම විද්‍යාඥයන් එකඟ වන එක් කරුණක් ඇත. එනම් මෙම රේඛා අඳිනු ලැබුවේ කෙසේ ද යන්න පිළිබද වයි. මුලින්ම ඉදිරිපත් වු මත අනුව නම් මෙම රේඛා නිර්මාණය ට යම් කිසි ඉංජිනේරු තාක්ෂණය ක් අවශ්‍ය බවත් සම්පූර්ණ චිත්‍රය දැකීමටනම් අහසට ගිහින් බැලිය යුතු නිසා අහස් යාත්‍රාවක සිට මෙම රේඛා නිර්මාණය කරන්නට ඇති බවත් සදහන් විය.

ගුවනින් පෙනෙන අයුරු

නමුත් ඇන්තනී ඇවේනි මහතා ඇතුලු පෘථිවි ගවේශකයන් දස දෙනෙකුගෙන් සැදුම් ලත් ස්වේච්ඡා ගවේශකයන් පිරිසක් කිසිදු සැලැස්මක් හෝ ඉංජිනේරු උපකරණයක් රහිතව ඉතා සාර්ථක ව මෙවැනිම රේඛා නිර්මාණය කරන්නට සමත් වූහ. එම නිසා මෙම රේඛා ඇඳීම ට ඉහළ ඉංජිනේරු හෝ ජ්‍යාමිතික දැනුමක් අනවශ්‍ය බවත් ඉතාම පහසුවෙන් මෙම රේඛා නැස්කා ජනතාව අඳින්නට ඇති බවත් ඔප්පු වීමත් සමග එක් ගැටලුවක් අවසන් විය.

මෙම රේඛා ඉතා පළල් වීමත් සම්පූර්ණ රූපය දැකිය හැකි වන්නේ අහසේ සිට පමණක් නිසාත් සමහර විට නස්කා ජනතාව සතුව යම්කිසි දියුණු තාක්ෂණය ක් තිබෙන්නට ඇත. ඒ බව සනාථ කිරීමට තරමක් සාක්ෂි හමුවන්නේ මෙම ප්‍රදේශයේ න් හමුවූ මැටි බඳුන්වල වූ චිත්‍රවලිනි. ඒවායේ සරුංගල් හෝ බැලුන් වැනි රූප පින්තාරු කර ඇත.එම නිසා රේඛා නිර්මාණය ට අවශ්‍යම නොවුනත් පියාසර කිරීමේ තාක්ෂණය නස්කාවන් සතුව තිබූ බව පිළිගත හැකි මට්ටමකට පැමිණ ඇත.

මෙම රේඛා නිර්මාණය කළේ කුමකටද?

මෙය වසර ගණනාවක් තිස්සේ පැමිණෙන තවමත් පිළිතුරක් නොමැති ගැටලුවක්.විවිධ මතවාද ඉදිරිපත්වී තිබුණත් ඒ කිසිවක් නිශ්චිතවම ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බැවින් අවසන් නිගමනයකට පැමිණිය් නොහැකි තත්වය කට විද්‍යාඥයන් පත්ව ඇත.

ගුවනින් පමණක් පූර්ණ ලෙස දර්ශනය වන මෙම රේඛා ඔවුන් නිර්මාණය කළේ ඇයි?

ගුවනින් පෙනෙන අයුරු

නස්කා ජනතාවගේ ජීවිකාව වූයේ ගොවිතැනයි. එමෙන්ම ඔවුන් අතිශය ආගමික දිවි පෙවතක් ගත කළ පිරිසකි. එම නිසා සමහර විට මෙම චිත්‍ර දෙවියන් සතුටු කිරීමට ඇන්දා විය හැක. ගුවනින් දර්ශනය වන ලෙස ඇඳ ඇත්තේ ඒ නිසා විය හැක.

එසේත් නැතිනම් තවමත් කිසිදු අර්ථයක් අපට නොපෙනෙන මෙම රේඛා වල සැබෑ අරුත කුමක් විය හැකිද?

නස්කා රේඛා ගැන මුලින්ම ගවේෂණ ය කළ පුද්ගලයෙක් වූ භූ විද්‍යාඥ Paul Kosok මහතාට අනුව නම් මෙම රේඛා අඳින්නට ඇත්තේ ඍතු වෙනස්වීම් පිළිබද ව දැනුවත් වීමටයි.ඔහු ඒ පිළිබද ව සාධක සහිතව ඔහුගේ කෘතියක සදහන් කර ඇති අතර නස්කාවන් ගොවිතැනින් ජීවත් වූ පිරිසක් වීම එයට හේතු වන්නට ඇත. ඉන්පසු ව ගවේෂණ ය කළ Marie Richie ගේ මතය නම් මෙම රූප තරු රටා සමග යම් සම්බන්ධ යක් තිබිය හැකි බවයි. නමුත් නස්කා ජනතාවගේ සමාජ රටා පිළිබද ව හෝ වත්පිළිවෙත් පිළිබද ව හෝ නිසි දැනුමක් රහිතව මෙය ඔප්පු කිරීම අසීරු කාර්‍යකි.

තවත් පිරිසකගේ මතයක් අනුව නම් මෙම රේඛා ඉන්කාවරුන්ගේ අගනගරය වූ Cuzco සිට රාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශ කරා හතර අතට විහිදෙන්නාවූ පිළිවෙත් රේඛා වල පෙර නිමිත්තක් බවයි. නස්කා තැනිතලාවේසිට කිලෝමීටර් ගණනක් එපිටින් පිහිටි ඉන්කා රාජධානියේ , විශ්ව ශක්තිය රැස් කළ බවට සැළකෙන ස්ථානය වූයේ Cuzco නගර මධ්‍යයේ පිහිටා තිබූ Coricancha සිද්ධස්ථාන යයි. මෙම සිද්ධස්ථාන යේ සිට හතර අතට විහිදුණු සමස්ත රේඛා 41 න් බොහෝ රේඛා අවසානයේ ඔවුන්ගේ තවත් පූජනීය ස්ථානයක් වන Huaca පිහිටා තිබේ. මෙම Huaca වලට යටින් පොළවේ Cuzco නගරයේ වාරිමාර්ග පද්ධතියේ ජල උල්පත් පවතී . එමෙන්ම මෙම රේඛා ඉන්කාවරුන්විසින් වන්දනාමන මාවත් ලෙසත් භාවිත කළ බවට සාක්ෂ්‍ය මතුවී තිබේ. එම නිසා නස්කා රේඛා ඉන්කා රේඛා වල පෙරනිමිත්තක් ද විය හැක.

ගුවනින් පෙනෙන අයුරු

ඇවේනි හා ඔහුගේ කණ්ඩායමේ ගවේෂණ හා ඒවායේ ප්‍රතිඵල අනුව ඉන්කා අධිරාජ්‍ය බිහිවීමට පෙර අඳින ලද මෙම නස්කා රේඛා බොහෝමයක් භූගත ජලය සමග යම් සම්බන්ධ යක් දක්වයි. නමුත් එයද සම්පූර්ණයෙන් සහතික කිරීමට තවම සාක්ෂි හමුවී නොමැත .

පිටසකවල කල්පිත ය

සියලුම කල්පිත අතරින් වඩාත්ම පිළිගත නොහැකි කල්පිතය එරික් වොන් ඩැනිකෙන් මහතා ගේ කල්පිතය යි. ඔහුට අනුව මෙම රේඛා හා චිත්‍ර අතීතයේ පිටසක්වළ යානා ගොඩබස්වන ලද ප්‍රදේශ බවයි.නමුත් ඔහුගේ මතය පිළිගත නොහැකි තත්වයට පත්වන්නේ කාන්තාරයේ පස ඉතා සියුම් වැලිවලින් සමන්විත වීම නිසා කිසිදු ආකාරයේ යානාවක් ගොඩබැස්වීමට නුසුදුසු වීමත් නිසාය. 1978 දී විලියම් ඉස්බෙල් ගේ මතයට අනුව නම් අතීත පාරාවෝ රජවරුන් ජනගහනය පාලනයට ජනතාව ලව්වා දැවැන්ත ශ්‍රම ශක්තිය ක් අවශ්‍ය වූ පිරමීඩ සෑදුවාක් මෙන් නස්කා ජනතාවත් එසේ එම අදහසින් මෙම රේඛා නිර්මාණය කරන්නට ඇති බවයි. නමුත් මෙම රේඛා නිර්මාණය ට ඒසා විශාල ශ්‍රම දායකත්වයක් කොහෙත්ම අවශ්‍ය නොවුණු නිසා එම මතය ඉබේම යටපත් වී ගියේය.

ඉන්කා අයිස් මමී පිළිබද සුප්‍රසිද්ධ ගවේශක ජොහාන් රෙයින්හාඩ්ට අනුව මෙම රේඛා කදුකර දෙවියන්ට වැදුම්පිදුම් කිරීමට පිහිට වූ රේඛාය. ඔහු එම අදහස ඉදිරිපත් කරන්නේ දකුණු ඇමරිකාවේ අන්දීස් කදුවැටිය ආශ්‍රිත ජනතාව තවමත් කදුකර දෙවියන්ට අදහන බැවිනි.

මෙම සියලු මතයන් කල්පිතයන්වන අතරඒවා අතර තවමත් පිරවිය නොහැකි හිඩැස් සහිතය. ඒවා දැනගැනීමට නම් යම් කිසි ලිඛිත සාක්ෂි යක් අවශ්‍ය වන බව නම් නිසැක ය.

නස්කා රේඛා ව්‍යාපෘතිය

අතිශය වියළි කාන්තාර භූමිය්ක් ජීවත් වූ නස්කා වරුන් ගේ වටිනාම වස්තුව වූයේ ජලයයි. එමනිසා කාන්තාර භූමිය යටින් විහිදෙන්නාවූ ජල උල්පත් හා මෙම රේඛා පිහිටුවීම අතර ඍජු සම්බන්ධ යක් ඇති බව අද වන විට බොහෝ දෙනෙකු ගේ නිගමනය වී ඇත. මේ පිළිබද ව 1996 සිට මෙම ව්‍යාපෘතිය මෙහෙයවන දොන් පෘලොක්ස් හා ඩේවිඩ් ජොන්සන් සාධක සහිත ව සිය ව්‍යාපෘති වාර්තා වේ දක්වා ඇත. තවමත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර ඉහත මතය ඔප්පු කිරීමට ගවේශකයන් විසින් සාක්ෂි රැස් කරමින් සිටී.

නස්කා රේඛා පිහිටා ඇති ආකාරය

අවසානය

මෙම චිත්‍ර පිටසකවල යානා බැස්සවීමේ පථ වුවත් දෙවියන්ගේ නිජ බිමක් වුවත් පිළිවෙත් සිදු කරන මාර්ගවුවත් ජල උල්පත් පෙන්වන මාර්ග වුවත් නස්කා කාන්තාරයේ විශාල ප්‍රදේශ යක් පුරා විහිදෙන මෙම රේඛා නූතන මානවයා තුළ අතීතය සොයා යාමේ හා සත්‍ය ගවේෂණ යේ නොසන්සිදෙන ආශාව ක් ඇති කර අවසන් ය. 21 වන ශතවර්ශයේ ජීවත් වන අප සිහි තබා ගත යිතු දෙයක් වන්නේ මේ විශ්වය පුරා තිබෙන බොහෝ බලවේග තවමත් අපටහදුනා ගත නොහැකි බවයි. කිසිදු අභිරහස ක් නොමැති ව විශ්වය පැවතුනානම් මේ පෘථිවිය මත ජීවිතය අපට ඉතා නීරස ඒකාකාරි එකක් වනු බව නම් නිසැකය.

උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *