අලුත්ම Credit Card සමාජිකයා

Credit Card ඉතිහාසයේ නවීන පරම්පරාවේ අලුත්ම Credit Card සමාජිකයා LCD screen එකක් සහ touch keypad එකක් සමඟ Master card විසින් නිකුත් කරනු ලැබුවා. සිංගප්පූරුවේ Standard Chartered Bank හි සම සහයෝගීත්වයෙන් නිකුත් කරනු ලැබූ මෙය සිංගප්පූරුවේ ප්රථම Interactive Payment Card එක නොහොත් security token card එක ලෙස නම් දෑරීමට සමත් වුනා. ඒ වගේම මෙය MasterCard’s Display Card තාක්ෂනයේ නවමු පියවරක් සටන් කිරීමක්ද වුනා.

Online Banking සහ Online Payment Portals භාවිතයේදී One Time Password (OTP) එක කී පාරක් ඔබෙන් අහල තියෙනවාද? සාමාන්යයෙන් OTP කියන්නේ සන්ක්යංක හයක එසේත් නැත්නම් six-digit security code එකක් ඔයාගේ bank එකෙන් හරි credit card සමාගමෙන් හරි ඔයාගේ mobile phone එකට එවනු ලබන. මෙම ආරක්ෂිත සංකේතනය භාවිතා කර ඔබගේ online credit card transaction ක්රියාවලිය සම්පූර්න කරගන්න හැකියි.

නමුත් අලුතෙන්ම හදුන්වා දුන් Interactive Payment Card එක භාවිතෙන් ඔබට මෙම OTP සංකේතනය ඒ මොහොතේම credit card පතෙහි ඇති LCD screen එකේ generate කර පෙන්නනවා. මෙලෙස නිර්මාණය වෙන සංකේතනය භාවිතයෙන් ඔබගේ online credit card transaction ක්රියාවලිය සම්පූර්න කරගන්න හැකියි. එමගින් ඔබ authenticate user කෙනෙක් ලෙස හදුනා ගැනීම සිදු වෙනවා. මෙම credit card පතෙහි නිර්මාණකරුවන් පවසන අන්දමට ඔවුන් බලාපොරොත්තු වෙනවා මෙම LCD screen එක මත OTP සංකේතනයට අමතරව credit balance, reward points වගේ දත්තත් නිර්මාණය කර පෙන්න්වීමට.

මෙම MasterCard Display Card එක නිෂ්පාදනය කරලා තියෙන්නේ NagraID විසින්. මෙම Card පතත් සාමාන්ය credit, debit හෝ ATM card එකක් ලෙසත් භාවිතා කල හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *