Mütter Museum කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන ඉතා ප්‍රසිද්ධ කෞතුකාගාරයක්. නමුත් විශේෂත්වය තමා මෙහි ආදි කල්පික යුගයේ භාණ්ඩ වත් රාජකීය අවශේෂ වත් නොමැති වීමයි. මුළු කෞතුකාගාරය ම පිරී පවතින්නේ පුදුමාකාර හා ඉතාමත්ම දුර්ලභ වෛද්‍ය විද්‍යාත්මක රෝගයන්හි නිදර්ෂක වලිනි. එමෙන්ම ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ මොළයේ කොටස් පවතින්නේත් මෙම කෞතුකාගාරයේය. Philadelphia හි College of Physicians හි මූලාස්ථානය තුළ පිහිටා තිබෙන මෙම කෞතුකාගාරයේ අසාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මක රෝගයන්හි නිදර්ෂක මෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අවශේෂ ද දක්නට ලැබේ.
මෙම නිදර්ෂක අතර
- අයින්ස්ටයින් ගේ මොළයේ පටක ඡේදයන්
- උතුරු ඇමරිකාවේ විසූ උසම පුද්ගලයාගේ සැකිල්ල
- Harry Eastlack නම් පුද්ගලයාගේ අස්ථි( මොහු Fibrodysplasia Ossificans Progressiva නම් ඉතා දුර්ලබ රෝගයකින් පෙළුණි. මෙහිදී ශරීරයේ ලිහිල් සම්බන්ධක පටක අස්ථි පටක බවට පරිවර්තනය වේ.)
- මිනිසුන්ට ගිලී උගුරුවලින් එලියට ගත් ද්‍රවය 2000ක් එකතුවක්.
- බද්ධ නිවුන් දරුවන්ගේ බද්ධ වූ සැකිල්ල
- කායව්‍යවඡෙදක Joseph Hytrl ගේ 139 වූ මානව හිස්කබල් එකතුව.
- මිනිස් මුහුනේ ද්වීපාර්ෂවික ඡෙදය(donated by Dr. Mathew Cryer. )මේවා 400 පමණ ඇත.
- රිකට්සියාව වැළදුණු පුද්ගලයෙක් ගේ පර්ශු කට්ටලය.(විටමින් D ඌණ වීමෙන් වැළදේ.
- ශරීරයකින් ඉවත් කරගත් මානව සමේ නිදර්ෂක .
- දකුණු අප්‍රිකාවේ Zulu ගෝත්‍රිකයන් ගෙන් ලබාගත් හිපොපොටේමස් මේදය(මෙය Zulu ගෝත්‍රිකයන් විසින් උදරාබාධ ප්‍රතිකාර වලට යොදාගෙන ඇත)
- දළ ඇතුන්ගේ දළ තුළ තිබී ලබාගන්නා කුඩු වැනි ද්‍රවය වලින් තනන පානය.( මෙය Zulu ගෝත්‍රිකයන් විසින් අතීතයේ සරාගී හැගීම් මතුකිරීමට යොදාගත් බව සැළකේ)
- මානව කුඩා අන්ත්‍රය ( කොළරා රෝගියෙකුගෙන් ලබා ගන්නා ලදී)
- මානව පාද යුගල ( දියවැඩියා රෝගියෙකුගෙන් ලබා ගන්නා ලදී. මොහුට necrosis – සෛල මිය යාමෙ රෝගය වැළදී තිබී ඇත.)
- මානව හමෙන් බඳින ලද පුස්තකය ප්‍රධාන වේ.
