iPTF14hls යනු පසුගිය වසර තුන තුළ අඛණ්ඩව පුපුරා ගිය අසාමාන්ය සුපර්නෝවා තරුවකි. iPTF14hls නමින් හැදින්වෙන මෙම තාරකාව “Intermediate Palomar Transient Factory” ආයතනයේ විද්‍යාඥයින් විසින් 2014 සැප්තැම්බර් මාසයේ දී සොයා ගන්නා ලදී. එය මුලින්ම ප්රකාශයට පත් කරනු ලැබුවේ 2014 නොවැම්බර් මාසයේදීය.
එම තොරතුරුවලට අනුව එය ජනවාරි 2015 දී පිපිරෙන තාරකාවක් ලෙස තහවුරු කරන ලදී. එහිදී පර්යේශකයන් සිතුවේ මෙය සාමාන්‍ය පිපිරුමක් ලෙසය. එවකට හඳුනාගත්තේ එය දින 100 ක් තුල දී සමස්ථ තාරකාවම අඳුරු කළ හැකි තනි සුපර්නෝවා සිදුවීමක් (type II-P) බවය, නමුත් ඒ වෙනුවට අවම වශයෙන් පස් ගුණයකින් පමණ දීප්තිමත් වූ අතර දින 600 ක් පුරාවට පුපුරා ගියේය. නමුත් ඉන් මාස කිහිපයකට පසු මෙම තරුවෙන් ඔවුන් මෙතෙක් නොදුටු හැසිරීමක් දකින ලදී.එනම් ක්‍රමක්‍රමයෙන් මෙම තරුවේ දීප්තිය අඩුවී නැවත වර්ධනය වන බවයි. සාමාන්‍යයෙන් සිදුවන්නේ තාරකාවක් පුපුරන අවස්ථාවේදී උපරිම දීප්තියට ළගා වී දින සියයක කාලයක පමණ කාලයක් ඇතුලත එහි දීප්තිය සම්පුර්ණයෙන්ම පිරිහී යාමයි.නමුත් මෙම තාරකාව පසුගිය වසර දෙක තුල පමණක් අවම වශයෙන් පස් වරක් තම ආලෝකය අඩු වැඩි කරගෙන තිබේ.
මෙවන් තත්වයක් නිසාම විද්‍යාඥයින් මෙහි අතීතය පිලිබදව සොයා බලන ලදී. එහිදී හෙළි වුයේ 1954 වසරේදී මෙම ස්ථානයේ පිපිරුමක් සිදුවී ඇති බවයි. එම පිපිරුමෙන් පසුවත් ජීවත් වූ තාරකාව 2014 වසරේද පුපුරා ගොස් තිබේ. එවර පුපුරා ගිය තාරකාව අවම වශයෙන් සුර්ය ස්කන්ධ 50ක් හෝ ඊට වඩා වැඩි ස්කන්ධයකින් යුක්ත තරුවක් විය යුතු බවට ගණන් බලා ඇත.
මෙම තාරකාව පිළිබද නවතම මතයට අනුව මෙය න්‍යායාත්මකව පහදා ඇති “Pulsational pair instability supernova” නම් සුපර්නෝවා කාණ්ඩයට අයත් වන බවයි. මෙහිදී තවදුරටත් පැවසෙන්නේ ස්කාන්ධාධික තාරකාවක හරයේ උෂ්ණත්වය ඉතා ඉහල ගියහොත් එහි ශක්තිය පදාර්ථය හා ප්‍රතිපදාර්ථය බවට හැරීම හේතුවෙන් එහි බාහිර පෘෂ්ඨය පිපිරීමත් සමග ඉවතට විසි විය හැකි බවයි.එම ක්‍රියාව දශක ගණනාවක් පුරාවට නැවත නැවතත් තාරකාවක සිදුවිය හැකිය.අවසානයේ තරුව විශාල පිපිරුමක් සමග කළු කුහරයක් බවට පත්වේ.
iPTF14hs යනු අඛණ්ඩ සිදුවීමකි. එවැනි විශේෂිත ස්වභාවධර්මීය සිද්ධියක් අවබෝධ කර ගැනීම සඳහා බහු-තරංග ආයාමය නිරීක්ෂණයන් අවශ්‍ය වේ.
පර්යේෂකයින් පවසන්නේ යම් හෙයකින් මෙය ඉහත සදහන් ආකාරයේ සුපර්නෝවක් නම් මෙවන් පිපිරුමක් සොයා ගැනීම ඩයිනොසරයෙකු සොයාගැනීමකට සමාන වන බවයි. මන්ද විද්‍යාඥයින් මෙතෙක් සිතා සිටියේ මෙවන් පිපිරුම් විශ්වයෙන් තුරන්ව ගොස් ඇති බවයි.