වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – සොරබොර වැව

ලාංකේය ඉතිහාසය ගත්කළ, එය ගම-පන්සල-වැව-දාගැබ යන අංග සතර නිමිති කොටගෙන ස්වයංපෝෂිත වූ බව පෙනේ. කෙත් වතු තවමත් සරු කරන්නේත් අපට දියවර සපයන්නේත් පුරාණයේ අපේ මුතුන් මිත්තන් එළෙස තැනූ වැව් වලිනි. රට ස්වයංපෝශිත කිරීමට උරදුන් මේසා විසල් නිර්මාණයන්ගේ පරිසරයද එක් කරන්නේ ඇසට මන්ස්කාන්ත දසුනක්. පරිසරය මෙන්ම එකී නිර්මාණයන් තුල ගැබ්ව ඇති ඉතිහාස කතා ද හදවතට දැනෙන්නක් . මේ අපේ රටේ වැව් ගැන ඉතිහාසයේ දැක්වෙන කතා පුවත් කීපයක් පිළිබඳ පළ වන ලිපි පෙලක සොරබොර වැව පිළිබඳ ලිපියයි.

Read more about වැව් වල ඉතිහාසය හා බැදි රසවත් ජන කතා – සොරබොර වැව

ලෝකයේ විශාලතම මගී නෞකාව

අද ලෝකයේ ප්‍රධාන ගමනාගමන හෝ භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය අතර නෞකා වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරම සංචාරක කර්මාන්තයේ දිනෙන් දින සිදු වන දියුණුවත් සමග ගුවන් යානා මෙන්ම මගී ප්‍රවාහන නෞකා ද ඉතාමත් සුඛෝපභෝගී අයුරින් ඉදි කරනු දක්නට ලැබේ

සෞරග්‍රහ මණ්ඩලයේ අපුරු තොරතුරු

පෘථිවිය ඇතුළු තවත් ග්‍රහලෝක හතක්‌ ,වාමන ග්‍රහලෝක පහක් හා ග්‍රහක වල්ගාතරු ආදී ග්‍රහ වස්තු විශාල ප්‍රමාණයක එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සැකසී පවතී.මේ ඒ පිලිබදව තොරතුරුයි.

දෙවැනි ලෝක යුද සමයේ නාසි ජෙනරාල්වරයා පැහැරගැනීම

දෙවැනි ලෝක යුද සමයේ නාසි ජෙනරාල්වරයා පැහැරගැනීම

දෙවැනි ලෝක යුද සමයේ නාසින් ලෝකයේ ප්‍රබල පාලකයන් බවට පත්වී සිටියහ. රටවල් එකින් එක ඔවුන්ගේ පාලනයට නතු වෙමින් පැවතිණි. එහෙත් නිර්භීත බ්‍රිතාන්‍ය මේජර්වරුන් දෙදෙනෙක් ක්‍රීපි නමැති නාසි ජෙනරාල්වරයකු පැහැර ගැනීමට සමත් වූහ.පැහැරගැනීම පහසු කාර්යයක් නොවීය. බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනා තම දිවි පරදුරුවට තබමින් ජෙනරාල්වරයා පැහැර ගැනීමේ සැලසුම සකස් කරමින් සිටියහ.

මුතු තෝඩු පැලදි යුවතිය

මේ 17 වන සියවසේ දක්ෂ සිත්තරෙක් වු ජොහැන්නස් වර්මියර් විසින් සිත්තම් කරන ලද “ඩච් මොනාලිසා” නම් වු සිතුවම පිලිබදවයි. 16/17 වන සියවස්හි ඔලන්ද සිතුවම් කලාවෙහි ට්‍රොනි යනුවෙන් හැදින්වු මිනිසෙකුගේ මුහුණෙහි ඉරියව් හුවා දැක්වෙන සිතුවම් ගණයට මෙම සිතුවම අයත් වෙනවා. මෙහිදී සිතුවමට නැගුණ යුවතිය ගේ මුහුණේ භාවාත්මක ප්‍රකාශනය සහ ශරිරයෙන් පිළිඹිබු වන ඉරියව්ව අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට […]

චීනයෙන් මතු වූ යෝධයන්ගේ ඇටකටු

චීනයෙන් මතු වූ යෝධයන්ගේ ඇටකටු

2016 වසරේදී, චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් එරට ෂැංග්ඩොන් පළාතේ නටබුන් වී ගිය ඉපැරැණි ගම්මානයක කැණීම් සිදු කළහ. ගම්මානයේ සොහොන් ගැබ් තුළ තිබී හමුවුණු සිරුරු දැකීමෙන්, විද්‍යාඥයෝ මවිතයෙන් මවිතයට පත් වූහ. ඒ, එම සිරුරු අසාමාන්‍ය ලෙස උසින් වැඩි වීම නිසාය. විද්‍යාඥයන්ට හමුවී තිබුණේ යෝධයන්ගේ සිරුරුය. චීනයේ කහ ගංගාව ගලා බසින්නේ මෙම ෂැංග්ඩොන් පළාත හරහාය. නව ශිලා යුගයට අයත් යැයි සැලකෙන ශිෂ්ටාචාර රැසක් ගංගාව ආශ්‍රිතව අතීතයේ බිහිවිය. පුරා විද්‍යාඥයන් කැණීම් කළේ ද එවැනි මානව ශිෂ්ටාචාරයක යටගියාවේ සුලමුල සොයමිනි.

අගහරු ගේ උපග්‍රහයන් වෙතට යවන අලුත්ම යානය

අගහරු ගවේෂණයේදී මෙතෙක් ළගා නොවූ ඉලක්කයක් වෙත ලගා විය හැකි මෙහෙයුමක් පිලිබදව නාසා ආයතනය හෙළි කර තිබේ.එය නම් කර ඇත්තේ අගහරු චන්ද්‍ර ගවේෂණ යානය (MMX) වශයෙනි. 2024 දී උඩුගුවනට යැවීමට නියමිත අගහරු චන්ද්‍ර ගවේෂණ යානය මගින් ෆෝබෝස් හා ඩයිමෝස් නම් අගහරුට අයත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු සමීපව ගවේෂණය කිරීමටත් ,ඉන්පසුව ෆෝබෝස් චන්ද්‍රයා මත සිදුකරන ගොඩබැසීමකින් ලබාගන්නා ද්‍රව්‍ය සාම්පල රැගත් විශේෂ කැප්සුලයක් 2029 වන විටත් පෘථිවියට ඒමට නියමිතයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජපාන අභ්‍යාවකාශ හා ගුවන් විද්‍යා සංගමයයි.

දළදා වතුර 1828

දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 දී සෙංකඩගල රාජ්‍යත්වට පත් පළමු වැනි විමලධර්මසූරිය රජතුමා, දෙල්ගමුව රජමහා විහාරයේ සඟවා සිටි දළදා හාමුදුරුවන් මහනුවරට වැඩමවා එතැන් සිට නුවර යුගයේ දළදා පෙරහර සම්ප්‍රදායය ආරම්භ කිරීමට මුල පුරන ලදී. පසුව සෙනරත් […]

සිලිකා ජෙල් පැකට් වල වාසි

ඔබ විවිද දෑ මිලදී ගත් විටදී තිබුන ජෙලිබෝල සහිත පැකට්ටු මතකද? ඔබ ඒවා මෙතෙක් කල් විසි කලාද?

ඒවායින් තවත් ගතහැකිව තිබුන වාසි පිලිබද ඔබ නොදන්නවාද? ඇත්තටම මේ ජෙලි බෝල පැකට් හරිම ප්‍රයෝජනවත්. මේ ලිපියෙන් ප්‍රයෝජනවත්වන අවස්ථා 10 ක් පිලිබද සදහන් කරනවා.

ඉහළ අහසේ වික්‍රමාන්විතය

ඉහළ අහසේ වික්‍රමාන්විතය

මුළු සුමාත්‍රාවම ගිනි ගත් සෙයකි. ඉන්දුනීසියාවේ දූපතක එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා වූ භූමි භාගය මෙලෙසින් ගිනි තබන්නේ ගොවියන් විසිනි. ඒ වගා කිරීමට අවැසි භූමිය සකසා ගනු පිණිසය. යානය හදිසි ගොඩ බැස්සවීමකට තදබල වුවමනාවක් ඇති වී තිබුණද අඩි 2000ක් ඉහළදී අපට දැකගත හැකි වූයේ දුම්රොටු පමණි. විකර්ස් විමි ගුවන් යානය ක්‍රමයෙන් පහත බසිමින් තිබිණි. “මේ ඩේ, මේ ඩේ, මේ විමි යානයෙන්…. අපේ යානයේ යාන්ත්‍රික දෝෂයක්,” උප නියමු ලැන්ග් කිඩ්බි ගුවන් විදුලි යන්ත්‍රයෙන් පාලන මැදිරිය ඇමතීය. “අපි හදිසි ගොඩබැස්සවීමකට සූදානම් වෙනවා.” අඩි 11 ක් දිග ස්ටාර්ඩෝඩ් අවරෝධකයේ භ්‍රමණය අවසානයකට පැමිණෙමින් තිබිණි. එක් එන්ජිමක් සහිත තටු යුගල දෙකේ යානයේ දෝෂයට එරෙහිව කිරීමට තරම් දෙයක් මට ඉතිරිව තිබුණේ නැත.