පෘථිවියෙන් පසු මිනිසාට ජීවත් විය හැකි ග්‍රහ ලෝක

2016 වසර වන විට සමස්ථ පෘථිවි ජනගහනය බිලියන 7 ඉක්මවූ බව ඔබ දන්නවා ඇති. මෙසේ පෘථිවිය මත ජනගහනය වැඩි වීම ආහාර, වාසස්ථාන, ජලය වැනි සීමිත සාධක සදහා ගැටළුවක් වී තිබේ. මේ හේතුව මත මිනිසා වෙනත් ග්‍රහලෝක මත ජනාවාස ඉදිකිරීම පිලිබදව මේ වන විට පර්යේෂණ ආරම්භ කර ඇති අතර තව අවුරුදු කිහිපයකින් ළගම ග්‍රහලෝකයක් වන අගහරු මත ජීවය ගොඩනගනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 1995 වර්ශයේ සිට මේ දක්වා ජීවයට හිතකර ග්‍රහලෝක ලෙස 2000කට අධික ග්‍රහලෝක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර මෙම තොරතුරු සොයා ගැනීම සඳහා නාසා ආයතන විසින් 2009 වසරේදී දියත් කළ “කෙප්ලර්” යානය බොහෝ සෙයින් උපකාරී වූවා. මේ ජනාවාස ඉදිකිරීම සදහා යෝග්‍ය යැයි හදුනා ගත හැකි ග්‍රහලෝක පිළිබද තොරතුරුයි මේ.

අගහරු

අගහරු

මෙය පෘථිවියට ආසන්නයේ ඇති ජනාවාසයට සුදුසු යැයි හදුනාගෙන ඇති ග්‍රහලෝකයකි. Nasa හා SpaceX ඇතුළු සමාගම් කිහිපයක් මේ පිලිබදව පරීක්ෂණ සිදුකරයි. වායුගෝලය නිර්මාණය වීමට අවශ්‍ය චුම්භක ක්ෂේත්‍ර නිර්මාණය කිරීම පිලිබදව මෙහිදී වැඩි අවධානය යොමු කර ඇති අතර ග්‍රහලෝකය මත හැසිරිය යුතු ආකාරය පිලිබදව ද මිනිසුන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිද මේ වන විට දියත් කර තිබේ.

Proxima centauri B

පෘථිවිය සහ Proxima centauri B

ආලෝක වර්ෂ 4 ක් දුරීන් පිහිටි ප්‍රොක්ෂිමා සෙන්චුරි බී පෘථිවියේ ස්කන්ධය මෙන් 1.3 ක ප්‍රමාණයකින් යුක්ත බවද පැවසේ. එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -40 ක් පමණ වේ. මෙහිද ජනාවාස ඉදිකිරීමට බලාපොරොත්තු වේ.

Gliese 667 Cc

Gliese 667 Cc

2009 වසරේදී සොයාගත් මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22ක් දුරින් පිහිටා තිබේ. අපේ ග්‍රහලෝකයට වඩා වෙනස් ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට වඩා අදුරු පැහැයෙන් යුක්ත බව පැවසේ. පෘථිවිය මෙන් 4.5 ගුණයක් විශාලය. තාරකාව වටා යෑමට දින 28ක් ගත වේ

Kepler-442b

Kepler-442b

මිනිස් ජනවාසයකට සුදුසු ග්‍රහලෝකයක් බවට Kepler 442b හි තොරතුරු අනාවරණය වුවද වාසස්ථාන ශ්‍රේණි දර්ශකයේ පෘථිවිය 0.829 ක්ද මෙම Kepler 442b ග්‍රහලෝකය එම අගය 0.836ක් ද වේ. එම නිසා පෘථිවියට සමාන ග්‍රහලෝකයක් වන මෙය අවාසනාවට ආලෝක වර්ෂ 1100 ක් දුරින් පිහිටා තිබේ.

Wolf 1061c

Wolf 1061c

මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 14ක් දුරින් පිහිටා තිබෙන අතර ජනාවාසයට සුදුසු ස්ථානයක් ලෙස හදුනාගෙන තිබේ. ස්කන්ධයෙන් හා හැඩයෙන් මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන නොවේ.

Kepler 1229b

Kepler 1229b

ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 770ක දුරකින් පිහිටා තිබෙන අතර සිග්නුස් තාරකා රාශියේ පිහිටා තිබේ. පෘථිවියට වඩා ස්කන්ධයෙන් හා පළලින් විශාල රතු වාමන තරුවක් වන මෙය කදු සහිත ග්‍රහලෝකයකි.

Kepler 62f

ආලෝක වර්ෂ 1200 ක් දුරින් පිහිටි මෙය ලයිරා තාරකා මණ්ඩලයේ ස්ථානගත වී තිබේ. “සුපිරි-පෘථිවි ග්‍රහලෝකයක්” ලෙස හදුන්වන මෙය පෘථිවියට වඩා 40%ක විශාලත්වයකින් යුක්ත වේ. ස්වකීය තාරකාව වටා යෑමට දින 267 ක් වැයවේ.

Kepler 186f

Kepler 186f saha pruThiwiya

පෘථිවියට වඩා 10% කින් විශාල මෙම ග්‍රහලෝකය ආලෝක වර්ෂ 500ක් දුරින් පිහිටා තිබේ. මෙහි ස්කන්ධය පිළිබදව නිශ්චිතවම හදුනාගෙන නොමැති අතර ,සිය තාරකාව වටා ගමන් කිරීමට දින 130ක් ගත වේ.

Luyten b ( GJ 273b)

විද්‍යාඥයන් පවසන පරිදි ජීවයට හිතකර ග්‍රහලෝකයක් ලෙස Luyten b හැදින්විය හැකිය. ආලෝක වර්ෂ 12.4 ක් දුරින් පිහිටි මෙය පෘථිවියට වඩා තුන් ගුණයක විශාලත්වයකින් යුක්ත වෙයි.

Trappist 1d

පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූ සෞරග්‍රහ මණ්ඩලයකි. Trappist -1d ග්‍රහලෝකය ජීවයට හිතකර ග්‍රහලෝකයක් බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ. මෙය සාගර හෝ අයිස් තට්ටුවකින් සමන්විත බවද පැවසේ.

Trappist 1e

Trappist -1 සෞරග්‍රහ මණ්ඩලයේම ඇති Trappist -1e ග්‍රහලෝකය පෘථිවියේ අරයට හා ස්කන්ධයට සමාන බවද සොයාගෙන තිබේ. කදු සහිත මතුපිටකින් යුත් මෙය පෘථිවියට බොහෝ දුරට සමාන බවද පැවසේ.

Trappist -1f

ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය Trappist -1 ග්‍රහ මණ්ඩලයට අයත් අතිශය සීතල වාමන ග්‍රහලෝකයකි. මෙම ග්‍රහලෝකයේ ජලය ගලාගිය බවක් සොයාගෙන තිබේ.

Trappist -1g

කුම්භ තාරකා රාශියට මෙන්ම Trappist -1 ග්‍රහ මණ්ඩලයටද අයත් මෙය පෘථිවිය මෙන් 10 ගුණයක විශාලත්වයකින් යුක්ත වේ. මෙම ග්‍රහලෝකය පිළිබදව තොරතුරු ඉදිරියේදී වැඩිදුරටත් අනාවරණය කරන බව විද්‍යාඥයන් සදහන් කරයි.

LHS 1140b

රතු වාමනතාරකාවක් වටා කක්ෂගත වන මෙම LHS 1140b ග්‍රහලෝකය සෑම වටයක් සදහා දින 25ක් සටහන් කරයි. පෘථිවිය මෙන් 8.5ක ගුණයක විශාලත්වයකින් යුක්ත වෙයි.

Kepler 1638b

පෘථිවියට වඩා 60% ක පළලකින් යුක්ත බව පැවසේ. ජලය සහිත ග්‍රහලෝකයක් වන අතර පෘථිවියට සමාන නොවන බවත් නමුත් ජනාවාස ගොඩනැගීමට සුදුසු ග්‍රහලෝකයක් බවත් සොයාගෙන තිබේ.

Kepler 440b

තැබිලි පැහැති වාමන ග්‍රහලෝකයක් වටා ගමන් කිරීමට මෙම ග්‍රහලෝකය ට දින 101ක් ගත වේ. ජීවත්වීමට සුදුසු පරිසරයක් සහිත බව සොයාගෙන තිබේ.

Gliese 180c

අප සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 38ක දුරකින් පිහිටි Gliese 180c ග්‍රහලෝකයද ජීවයට හිතකර ග්‍රහලෝකයක් බවට හදුනාගෙන තිබේ. එය පෘථිවියට වඩා 6.4ක ගුණයක විශාලත්වයකින් යුක්ත වේ.

Kepler 1544b

මෑතකදී සොයා ගත් ග්‍රහලෝකයකි. 2016 මුල් වරට සොයාගත් මෙය ආලෝක වර්ෂ 1138ක දුරකින් පිහිටයි. සිය තරුව වටා වටයක් සම්පුර්ණ කිරීමට දින 168.8ක් ගත වන බවත් ජීවයට සුදුසු ග්‍රහලෝකයක් බවත් සොයාගෙන තිබේ.

space.com / wikipedia.com ඇසුරිණි

ඡායා රූප : NASA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *