මේ 17 වන සියවසේ දක්ෂ සිත්තරෙක් වු ජොහැන්නස් වර්මියර් විසින් සිත්තම් කරන ලද “ඩච් මොනාලිසා” නම් වු සිතුවම පිලිබදවයි.
16/17 වන සියවස්හි ඔලන්ද සිතුවම් කලාවෙහි ට්‍රොනි යනුවෙන් හැදින්වු මිනිසෙකුගේ මුහුණෙහි ඉරියව් හුවා දැක්වෙන සිතුවම් ගණයට මෙම සිතුවම අයත් වෙනවා. මෙහිදී සිතුවමට නැගුණ යුවතිය ගේ මුහුණේ භාවාත්මක ප්රකාශනය සහ ශරිරයෙන් පිළිඹිබු වන ඉරියව්ව අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට බැදි පවතිනවා. විස්මයට පත්ව ඇති දිගැස් සහිත යුවතිය දකින්නා දෙස අඩ සිනහවක් සහිතව බලා සිටින්නේ ලියනාඩෝ ගේ මොනාලිසා චිත්රයෙහි මෙනි.
දකින්නා ඇයගේ අවධානය දිනාගත්තා විය යුතුය. මදකට නැවතුන ඇය ඉතා ඕනෑකමින් උරහිසට උඩින් තම දෑස් යොමා දකින්නා දෙස බලා සිටියි. මෙම පුදුමාකාර සිත්ඇදගන්නා සුළු රූපය කලා ලෝකය තුල අදටත් කතාබහට ලක්වන මාතෘකාවක්. වඩාත්ම වැදගත් කාරණය නම් ලියනාඩෝ ගේ මොනාලිසා සිතුවම මෙන් නොවිසදුන ගැටලු කීපයක් මෙම සිතුවම හා බැදී පැවතීමයි.
මේ සිතුවමෙහි සිටින යුවතිය ඇත්තටම කව්රුන් විය හැකිද? කුමන හේතුවක් නිසා ඇය තලප්පාවක් වැනි හිස්පැලදුමක් පැලද සිටිනවාද? මෙය ප්රතිමුර්තයක්ද නැතහොත් හුදෙක් ට්‍රොනි කලා නිර්මාණයක්ද? අද වන තුරුත් මැය කව්ද, කුමන වයස් සීමාවක කෙනෙක් විය හැකිද යන කාරණය ඉතිහාසඥයින් සොයාගෙන නැහැ. දැනට තිබෙන අනුමාන අනුව මෙම යුවතිය වමියර්ගේ වැඩිමහල් දියණිය වන මාරීයා හෝ වමියර් ගේ අනුග්රාහකගේ දියණිය වන මග්දලෙනා යැයි සැක කෙරෙනවා. කෙසේවෙතත් මෙම යුවතියගේ වයස අවුරුදු 12 ක පමණ වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.
වමියර් විසින් සිතුවමෙහි යොදාගන්නා ලද තලප්පාව තුර්කි සංස්කෘතික හා ගැලපෙන බව සොයාගෙන තිබේ. නිල් පැහැති වර්ණ සංකලනය යොදාගෙන තිබෙන්නේ හිසෙහි තිබෙන ඔවලාකාර හැඩය ඉස්මතු විම සදහා බව විචාරකයන්ගේ අදහසයි. එහි යොදා තිබෙන ගැටය හුදෙක් කාන්තාවක් යන වග ප්‍රෙක්ෂකයාට එත්තු ගන්වා තිබෙනවා, පහලට කඩා වැටෙන හිස් වැස්මෙහි ඉතිරි කොටස ඇල වු හිසට සිතුවම් ආධාරකයක් ලෙස ක්‍රියාකරනවා.
මෙම සිතුවමෙහි වඩාත් ප්‍රචලිත ලක්ෂණය වන්නේ පහලට එල්ලා වැටෙන විශාල මුතු තෝඩුවයි. මෙම මුතු ඇටයේ වර්ණ සංකලනය සිත්තරාගේ සිතුවම් ප්‍රතිභාව කියා පානවා. එක් අන්තයක පැහැය වැඩිකරමින්ද අනෙක් පස පැහැය අඩු කරමින්ද ඔහු මෙම පබලු තෝඩුවෙහි ඝනකම ඉස්මතු කර පෙන්වා තිබෙනවා. 17 වන සියවසෙදී මුතු තෝඩුව ධනවත් බව පෙන්වීමේ සාධකයක් ලෙස පිළිගැනුනක් වන අතර වමියර් සරල යුවතියකට ධනවත් බවක් ආරෝපණය කරන්නට පබලු තෝඩුව යොදාගන්නට ඇතැයි සිතිය හැක.
කෙසේ වෙතත් ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ, මුතු තෝඩු ඇගේ කුමරි බඹසර ගැන ප්‍රකාශ වන අංගයක් ලෙස යොදාගෙන ඇති බවයි. හිස් පැලදුම පෙරදිග චර්යාවන් පිළිඹිබු කරන බවයි. මොනාලිසා සිතුවම මෙන්ම මෙම යුවතියගේ සිතුවමද අදටත් සිතුවම් ගැන උනන්දුවන්නන් අතර ප්‍රකට සිතුවමක් වන අතර මෙහි ඇති පුදුමාකාර අංගයන් නිසා සිතුවම් අතර ප්‍රභල ස්ථානයක් හිමිව තිබෙනවා.
උපුටා ගැනීම : Thilina L. Dissanayake