අද ලෝකයේ ප්‍රධාන ගමනාගමන හෝ භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය අතර නෞකා වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතරම සංචාරක කර්මාන්තයේ දිනෙන් දින සිදු වන දියුණුවත් සමග ගුවන් යානා මෙන්ම මගී ප්‍රවාහන නෞකා ද ඉතාමත් සුඛෝපභෝගී අයුරින් ඉදි කරනු දක්නට ලැබේ
අධි සුඛෝපභෝගී නෞකා හිමිකාරීත්වය අතින් ජනප්‍රිය මට්ටමේ පවතින “රෝයල් කැරීබියන් ඉන්ටනැෂනල් නෞකා සමාගම” විසින් අලුත්ම සුඛෝපභෝගී නෞකාවක් පසුගිය කාලය තුල හදුන්වා දුනි. “එම් එස් සිම්ෆනි ඔෆ් ද සීස්” (MS Symphony of the Seas) යනුවෙන් හැදින්වෙන මෙම නෞකාව ලොව විශාලතම මගී නෞකාව ලෙස වාර්තා වේ. ප්‍රංශයේදී ඉදිකරන ලද මෙම නෞකාව ඉදි කිරීමට වැය වූ මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 800කට වැඩි වූ බව වාර්තා වේ. මෙම නෞකාව දිගින් මීටර 362ක් වන අතර, තට්ටු 18කින් සමන්විත නෞකාවේ මුළු කාර්ය මණ්ඩලය 2000ක් පමණ වේ. 6600කට අධික මගීන් සංඛ්‍යාවක් ගෙන යා හැකි මෙම නෞකාවේ බර ටොන් 228,000ක් බව සැලකේ.
මෙම නෞකාවේ සුඛෝපභෝගී ගෘහ භාණ්ඩ සහිත කාමර, ජල ක්‍රීඩා සදහා ජල තටාක සහ ජල උද්‍යාන ,ජලය ආශ්රිත විවිධ සංදර්ශන පැවැත්වෙන ජල නෘත්‍ය ශාලාවක්,පැසිපන්දු ඇතුළු ක්‍රීඩාවන් සදහා වෙන් වූ ක්‍රීඩා පිටියක් ,ව්‍යායාම් අංගනයක් ,ආපනශාලා ,සාප්පු සංකීර්ණ ආදී පහසුකම් වලින් යුක්තය.
මෙම නෞකාව 2018 වසරේ නොවැම්බර් මාසයේදී, ඇමරිකාවේ මයාමි හීදී දියත් කිරීමට සූදානම් බව අඩවියෙන් අප කළ සොයා බැලීමකදී වර්ථා විය.