රැහැන් සහිත දුරකථනය පවා මිනිසා සොයා ගත්තේ 19 වන සියවසේ අග භාගයේදීයි. හරියටම කියනවා නම් 1876 මාර්තු 10 වැනි දිනය. රැහැන් රහිත දුරකථනය ඊට දශක කීපයකට පසුව ලොවට දායාද කලේ 1973 අප්‍රේල් මස 3 වැනි දින “මෝටරෝලා” සමාගමයි. එහෙත් අදින් වසර 800කට පමණ පෙර තිබුනි යැයි සළැකෙන ජංගම දුරකථනයක් ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති බව ඇසුවොත් ඔබ පුදුම වනු නිසැකයි.
වසර 800ක් පැරැණි ජංගම දුරකථනයක් ඕස්ට්‍රේලියාවෙන් හමු වේ, කාළ තරණ ක්‍රියාවලියක ප්‍රතිථලයක්දැයි සැක.
අද වන විට ලෝකයේ සියළු දෙනාටම පාහේ ජංගම දිරකථන ඇත. බිලියන 7ඉක්මවූ සමස්ථ ලෝක ජනගහනයෙන් ජංගම දුරකථනයක් නොමැත්තන් හමු වන්නෙ අතලොස්සක් පමණි. මොහොතක් සිතන්න, අපේ බාල පරම්පරාවට රැහැන් සහිත දුරකථන සමග වැඩ කරන්නට සිදු විනි නම් කුමක් වේද ? අද වන විට ලෝකයේ කුඩා දරුවන් තරුණ අවධියටත් කලින් සිටම ජංගම දුරකථන වලට හුරු වනවා පමණක් නොව ඒ මතම විශ්වාසය තබන්නටද පුරුදු වී ඇත.
අදින් වසර 800කට පමණ පෙර එවන් ජංගම දුරකථන සොයාගත් බවත්, ඒවා භාවිතා කරන ලද බවත් විද්‍යාඥයන් පැවසුවොත් ඔබට කුමක් සිතෙනු ඇතිද ? මෙම නව මාතෘකාව අප අතරට පැමිණියේ, අන්තර්ජාලය හරහා හුවමාරු වූ වීඩියෝවක් හේතුවෙනි. එම වීඩියෝවෙන් පෙන්වූයේ වසර 800කට පමණ පෙර භාවිතා කලා යැයි පැවසෙන ජංගම ජංගම දුරකථනයකි.
එම දුරකථනයේ බොත්තම් ( button) උල් හැඩැති ආකාරයේ වූ අතර එය “අතීත මෙසපොතේමියානු” ශිශ්ඨාචාරයට අයත් එකක් බැව්ද පැවැසුණි. කෙසේ වුවද මෙය හමුවී තිබුනේ 2015 වසරේදී ඕස්ට්‍රියාවේ සැල්බර්ග් නුවර ආසන්නයේ පුරාවිද්‍යා වැඩ බිමකිනි.
මේ මුළු අදහසම හාස්‍යජනක සහ පිළිගත නොහැකි වූවකි. ලංව බෑලූ විටඑම දුරකථනය ව්‍යාජ එකක් බවන්පෙනෙන්නටද විය. ඇතැමෙකුට එය පුදුම සහගත එමෙන්ම විශ්වාස කළ නොහැක්කක් වූ අතර, මෙය සත්‍ය වශයෙන්ම පවතින්නක් බව තවත් කීප දෙනෙකුගේ මතය විය. ඔවුන් විශ්වාස කලේ පිටසක්වල ජීවීන් විසින් එම ජංගම දුරකථනය භාවිතා කරන්නට ඇති බව හෝ නොඑසේ නම් එම ජංගම දුරකථනය කාළතරණ ක්‍රියාවක ප්‍රථිඵලයක් බවය.
හඳුනා නොගත් පියාඹනවස්තූන් පිළිබඳ හසළ දැනුමැති “Scott Waring,” කියා සිටියේමෙම දුරකථනය ඒ පිළිබඳ මනා දැනුමැත්තෙකු විසින් නිර්මාණය කරන ලද්දක් බවය. ඉන් නොනැවතුණු ඔහු කියා සිටියේ මේ සඳහා යොදාගත් භාශාව වසර දස දහසක් තරම් පැරැණි බවය. මෙය තවත් සුවිශේෂී හෙලිදරව්වක් විය.
“අනාගතානුරූප සහ ඊනියා අයිතමයක්” මෙන් වූ මෙම ජංගම දුරකථනය කෙරේ ලොව පුරා සිටි අයගෙන් ඉදිරිපත් වූයේ විවිධ මතයන් ය. මෙම ජංගම දුරකථනය බැලූ බැල්මට නොකියා දුරකථනයක පැරැණි මාදිළියකට සමාන කම් දිස්විය. එහෙත් සැබැවින්ම මෙය පිළිබඳ පිළිගත හැකි සාධක සමග තර්කයක් මෙතෙක් ඉදිරිපත් වී නැත.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.