වසර මිලියන ගණනක් අතීතයට දිව යන පෘථිවියේ ජීවය හා මිනිසුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම් වලට අප සැවොම කැමැත්තක් දක්වනවා නිසැකය. අද ලිපියෙන් ගෙන එන්නෙ එවන් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් රැසක් පිළිබ්ඳවය.
ප්‍රංශයේ බෲනික්‌වෙල් ගුහාව (Bruniqel Cave – France)

නියෑන්ඩර්තාල් මානවයන්ගේ වාසස්‌ථානයක් බවට විශ්වාස කරන ප්‍රංශයේ, බෲනික්‌වෙල් ප්‍රදේශයේ පිහිටි මෙම ගුහාවෙහි සැ. 5 පමණ ගැඹුරට වන්නට ඇති හිරිටැඹ, ක්‍රමානුකූලව යම් රටාවකට කපා අලංකාර නිවාසයක් මෙන් සකස්‌කර ඇත. මේවා නිත්‍ය ජ්‍යාමිතික හැඩයන් අනුව සකස් කර ඇති බවත් පෙනී යයි. යුරේනියම් කාලනිර්ණය අනුව වසර 176,000 ට වඩා පැරැණි ගුහාවක් ලෙස සැලකෙන මෙම ගුහාව ආදී මානවයකු විසින් ගැඹුරු භූගත පරිසරයක නිර්මාණය කර ඇති මෙම ගුහා මන්දිරය ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විය හැකි බව පුරාවිද්‍යාඥයෝ විශ්වාසය පළ කරති. මෙම කාලනිර්ණය අනුව මෙම කාල පරිච්ඡේදයේදී එහි වාසය කරන ලද නියෑන්ඩර්තාල් මානවයන් මෙවැනි විශ්මිත ගුහා මන්දිරයන් නිර්මාණය කිරීම මුලදී තමන් පවා විශ්වාස නොකළ බව ප්‍රංශයේ බොඩො (Bordeaux) විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ජැක් ජෝබර්ට් (Jaques jaubert) පවසයි.
කෙන්යාවේ තුර්කානා විලෙන් හමුවූ සිරුරු (Lake Turkana – Kenya)

වසර 10,000 ට වඩා පැරැණි දඩයම්කරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් මරා දමන ලද මානව සිරුරු 27 ක සැකිළි අවශේෂයන් කෙන්යාවේ, තුර්කානා විලෙහි නිරිතදිග ඉවුරු ප්‍රදේශයෙන් හමුවිය. ඔවුන්ගේ හිස්‌කබල් පුපුරා තිබිණි. මෙයින් සිරුරු 21 ක් වැඩිහිටි මානවයන්ගේ වන අතර 06 ක් දරුවන්ගේය. මෙම සිරුර අසල ඊතල හා මුගුරු ද තිබී හමුවී ඇති අතර අතීතයේ විසූ මානව කණ්‌ඩායම් අතර වූ සටන් පිළිබඳ මෙමඟින් තොරතුරු රැසක් හෙළිවෙතැයි කේම්බ්‍රි- විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ මිරසෝන් ලාහර් (Mirazon Lahr) පවසයි. මේ පිළිබඳ ගවේෂණ තවදුරටත් ක්‍රියාත්මකව පවතී.
ග්‍රීසියේ ඇතෑන්ස් නුවරින් මතුවූ විලංගු මරණ මංචකය (Athens – Greece)

ග්‍රීසියේ, ඇතෑන්ස් නුවරට ආසන්න ප්හලෙරොන් (Phaleron) ඩෙල්ටාවේ කැණීමකදී මතභේදාත්මක සමූහ මානව සිරුරු සැකිළි අවශේෂයන් රැසක් එකම තැනකදී හමුවිය. ක්‍රි. පූ. හත්වැනි සියවසේදී පමණ සිදුව ඇතැයි සැලකෙන මෙම මානව සංහාරයේදී සියලුම මානවයන්ගේ අත්වල මැණික්‌කටුව අසලින් විලංගු ලා තිබිණි. මානවයන් 80 කගේ පමණ සිරුරු මෙලෙස එකම වළක මිහිදන්ව තිබුණු අතර එම සැකිළි කොටස් අසල කුඩා මල් සහිත බඳුන් 2 ක් ද තැන්පත්ව තිබිණි. ක්‍රි. පූ. 7 වැනි සියවස වන විට ඇතෑන්ස් ප්‍රදේශයේ පැවති වංශවතුන්ගේ අරගලයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම සමූහ මානව ඝාතනයන් සැලකිය හැකි බව එහි පුරාවිද්‍යා ව්‍යාපෘති අධ්‍යක්‌ෂ ස්‌ටෙලා ක්‍රිසෝවුලකි (Stella Chrysoulaki) ප්‍රකාශ කළාය. වැඩිදුර ගවේෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.
මුහුදුබත් වූ ඇන්ටිකිතාරා නැව (Antikythera – Greece)
ක්‍රි. පූ. 65 දී පමණ ග්‍රීසියේ, ඇන්ටිකිතැරා දූපත අසලදී මුහුදුබත් වූ මෙම යෝධ නෞකාවෙහි රන්, රිදී, මුතු මැණික් මෙන්ම ලෝකඩ හා කිරිගරුඬ ප්‍රතිමා ද බහුලව තිබී හමුවිය. වඩා වැදගත් වනුයේ එහි තිබී හමුවූ ලොව පැරණිම පරිගණකයයි. 2016 දී සාගර පත්ලට කිමිදී කළ ගවේෂණයකදී මෙහි තිබී ප්‍රථම වරට පුද්ගලයකුගේ සිරුරක අවශේෂ හමුවිය. එහි හිස්‌කබල සහිත දේහය, හකු ඇටය, ඉලඇට, දත්, දෙපාවල දිගු අස්‌ථි ද තිබී හමුවිය. DNA විශේෂඥ හාන්ස් ස්‌ක්‍රෝඩර් (Hannes Schroeder) විසින් ප්‍රථම වතාවට නාවිකයකුගේ දේහ අවශේෂ පරිගණකයට ලක්‌කරනු ලැබීය. තවදුරටත් ඔවුන් විසින් ගැඹුරු සාගර පත්ලෙහි ගල්පර හා වැලි අතර සිරවී ඇති මෙම නෞකාවේ පිරිස් සොයා ඉදිරියටත් කැණීම්, කිමිදීම් හා ගවේෂණ සිදුකරනු ඇත.
අන්තර්ජාලය ඇසුරිණි