බාලගිරි දෝෂය අද නොවේ හෙට

බොහොවිට අර්ධ නාගරිකව විශේෂයෙන් ග්‍රාමීයව නිවසක කාන්තාවක දරු උපතක් සිදුවු පසු නිවසට ඇතුලුවන උළුවස්සේ “බාලගිරි දෝෂය අද නොවේ හෙට” යන වැකිය ඔබ දැක ඇතුවාට සැකයක් නොමැත.මේ වැකියේ සඳහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම පැවත එන විශ්වාසයකි.

ගිරි දේවිය යනු කවරෙක්ද ? ඇය පිළිබඳ විස්තර රාශියක් ගිරිදෙවි අස්න , ගිරිදේවි උපත ,ගිරිදෙවි කව යන පොත පතින් දැනගත හැකිය. එම ග්‍රන්ථවල සඳහන් ආකාරයට ඇයගේ වගතුග මෙසේය. ඇය දඹදිව දන්ත්පුරයේ විසු සිංහකූමාර රජු සහ ඇගේ දේවිය වූ හංසවති බිසවගේ දියණියක් වූවාය. ලමා අවදියේ ඇය තමන් වැඩිමහල් සොහොයුරා වූ දල කුමාරයා සමග සංවාසයේ යෙදෙන බව දන්වන ලද්දේය.මේ පුවත අසා සංවේගයට පත් දෙමව්පියෝ කුඩා කුමරිය දළ කුමරාට නොපෙනේන සේ ගල්කුලක සඟවා කුඩා කලසිටම ආරක්ෂා කිරිමයි. මේ නිසා ඇය ගිරි දේවිය වුවාය.

තරුණ වියට පත් දළ කුමරාට මෙසේ ලෙනක සඟවා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අසන්නට ලැබුණේය. කීපවරක්ම බැලීමට අවසර ඉල්ලු නමුත් අවසර නොලැබිම නිසා දළ කුමරා බොරු ලෙඩක් හදා ගත්තේය. අවසානයේ අවසර ලැබිණි. ගිරි දේවිය දැකිමෙන් උන්මාදයට පත්වූ දළ කුමරා කෙසේ හෝ ඇය පොළබවාගෙන නිමිත්ත කී පාඨකයින් කී පරිදිම සංවාසයේ යෙදුනේය. ගිරිදෙවි අස්නේ එය මෙසේ දැක්වේ.

රන්දම් සේ අත්දෙක අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු කැන්දන

තම සොයුරා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය අවසානයේදි දිවිනසා ගත්තාය.

එමට රුවැති බිසවුන් නැතිවද
මෙමට ආලේ කුමට සිතුවද
නමට උතුම් රජවලිය නොවේවද
මේමට කරපු දේ කිළුටක් නම් නොවේද

ගෙළ වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය . මේ වනවිට ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සඟවන ලද්දේය. ඒනිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකිවිය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය .

සතර මෙසක්වල වටවිම සාපී
හතර එදිවයින ඇවිද බලාපී
විතර මහත් කඳුහෙල් පෙරලාපී
නිතර ගජන් බිම ගසා මරාපී

මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ .

ඔසරි පොටෙන් ඇඟ ගත පිරි මැදලා
තිසරු ලෙසින් පියරු දෙක දැකලා
වියරූ මතින් වත සිඹ සන සලා
කියති ඉතින් දෙන් පණ පිහිටාලා

ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති.

දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.

ගිරිදේවිය මෙන්ම ගරායක්ෂයා පිලිබඳව ඇතැම් ග්‍රන්ථවල අවතාර 12ක් සඳහන් වේ

ගිරිලියෝ 12

1 මදනගිරි
2 හපුමල් ගිරි
3බාලගිරි
4 මෝලන් ගිරි
5භූතගිරි
6 නීලගිරි
7 රත්නගිරි
8 හඳුන්ගිරි
9 පට්ටගිරි
10 කොටගිරි
11 අඳුන් ගිරි
12 වලියක් ගිරි

මේසේ ගරායකුන්ද දොලොස් දෙනෙක් වේ

1 අඳුන් ගරා
2 සොහොන්ගරා
3 දේසගරා
4 සඳුන් ගරා
5පුෂ්ප ගරා
6 කණ ගරා
7 අමා ගරා
8 ලවුනා ගරා
9 වාතගරා
10 තොටය ගර නීලගරා

වැව් බැඳි රාජ්‍යයේ අනුරාධපුර – පොලොන්නරුව ද්‍රිස්තිකවල අපූරු යාතුකර්මයක් තද ඉඩෝර කාලවල වෙයි. මෙය වර්ෂාව ලබා ගැනිමට කරන එකකි . දළකුමාරයාගේ සහ ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක් අඹා අඳුර වැටෙත්ම දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි. අනතුරුව කවි කීයමින් නටා මොහොතකින් නිරුවත් රූප දෙක එතැන හුදකලා කර ගමට පියමං කරතී. මෙය දළකූමාරයාගේ හ ගිරිදේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ

ගිර්දේවිය බලිය නිර්වස්ත්‍රව තබා යාමෙන් මැටී රූදෙක කාටවත් ඇසගැසෙන්නට පෙර සේදීයාමට වර්ෂාවක් ඇදහෙලන බවය. මෙය තවමත් රජරට වාසින් අතර පවතින විශ්වාසයකි. අනූරාධපුර ත්‍රීකූණාමලය මායිම් ගම්මානවල යාන් ඔය මහදිවුල්වැව තිරප්පනේ කිවුලකඩවල කූඩා ගම්මානව කැලැපතර මේ යාතුකර්මය දැකිය හැක

 

උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *