විකීපිඩියා කියන්නේ අන්තර්ජාලය තුළ පවතින නොමිලේ විශ්ව දැනුම ලබා දෙන ප්‍රධානතම මුලාශ්‍රය කියලා කියන්න පුළුවන්. ඔබ ඕනෑම විෂයක් සම්බන්ධව කරුණු එකතු කරනවා නම් ඒ සදහා භාවිතා කළ හැකි ප්‍රධානතම මුලාශ්‍රයක් ලෙස විකිපීඩියා හදුන්වා දිය හැකිය. විකිපීඩියා තුළ ඇති විශේෂත්වය වන්නේ ඔබ කරුණු ගන්නා මුලාශ්‍රය තුළ කරුණු වැරැදිමක් හෝ අඩුවිමක් සිදු වී තිබෙනවා නම් ඔබේ දැනුම අනුව එය නැවත සංස්කරණය කළ හැකි වීමය. ඒ ඔබ එහි සමාජිකත්වය ලබා තිබෙනවා නම් පමණයි. සමාජිකත්වය ඕනෑම කෙනෙකුට ලබා ගැනිමටද හැකියාව තිබෙනවා.
මේ Wikipedia කියන නම හැදිලා තියෙන්නෙත් හරි අපුරු විදිහකට “Wiki” කියන්නේ හවායින් භාෂාවෙන් ඉක්මණින් කියන එකයි.. එතකොට “pedia” කියන වචනය අරන් තියෙන්නේ encyclopedia කියන වචනයෙන්. විකිපීඩියා නිර්මාණය වීමටත් පෙර සිටම බොහො විශ්වකෝෂ වෙබ් අඩවි අන්තර්ජාලය තුළ පැවතියත් ඉන් කිසිවක් සාර්ථකත්වයට නම් පත් වෙන්නේ නෑ. විකිපීඩියාව නම් බොහො ලෙසින් අන්තර්ජාලය තුළ ජනප්‍රිය වන්නේ ඕනෑම විෂයකට ඉක්මණින් කරුණු සොයා ගන්න හැකි මුලාශ්‍රයක් විදිහටයි. විකීපිඩියා නිර්මාණය කරනු ලබන්නේ නිර්මාතෘවරුන් දෙදෙනෙකු විසින් ඔවුන් තමයි Jimmy Wales හා Larry Sanger කියන්නේ.

විකිපීඩියා World Wide Web වෙත මුදා හරිනු ලබන්නේ 2001 වර්ෂයේ ජනවාරි 15 වෙනිදාටයි. ලබන වසරේ ජනවාරි 15 වෙනිදා විකිපීඩියා නිර්මාණය කරලා අවුරුදු 18ක් වෙනවා කියලාත් සදහන් කරන්න ඕන. තවමත් විකිපීඩියා කියන්නේ මුලික අවදියේ විශ්වකෝෂයක් බවයි එහි නිර්මාතෘවරුන් නම් කියන්නේ. විකිපීඩියාව බොහො දුරට ඉංග්‍රිසි භාෂාවෙන් පැවතියත් එය සතුව භාෂා 295ක දැනුම් සංචිතයක් පවතිනවා කියලා සදහන් වෙනවා.
විකිපිඩියාව පෙර මං කිව්වානේ තවත් විෂ්වකෝෂ අන්තර්ජාලය තුළ තිබුනා කියලා ඉන් එකක් තමයි “Nupedia” කියන්නේ මෙය නිර්මාණය වුනේ 2000 වර්ෂයේ මාර්තු 09 වෙනිදා. මෙය ඉංග්‍රිසි භාෂාව මුලික කරගත්ත විශ්වකෝෂයක ව්‍යාපෘතියක් කියලා හදුන්වා දෙන්න පුළුවන්. මෙහි ඉදිරිපිම්ම තමයි විකිපීඩියා කියන්නේ. විකිපිඩියා නිර්මාණය කරද්දි එයට පැමිණෙන පාඨකයන්ට නිදහස ලබා දෙන්න නිර්මාතෘවරුන් කටයුතු කරනවා, නමුත් සරළ නිතී සංග්‍රහයක් ඇතුල් කරනු ලබනවා. ඉන් කිහිපයක් කියනවා නම් ඔබ එයට එකතු කරන කරනු අනිවාර්යෙන් ම පැහැදිලි හා නිර්වද්‍ය විය යුතුයි. ඔබ එයට එකතු කරන කරුණු වලට වෙනත් මුලාශ්‍ර වලින් කරුණු ලබා ගත්තේ නම් උදාහරණ ලෙස බ්ලොග් අඩවියකින් නම් ඒ මුලාශ්‍ර වල ලින්ක් ඔබේ ලිපි කියවන පාඨකයාට දැන ගැනිම සදහා පළ කළ යුතුයි. ඔය වගේ කෙටි නිති කිහිපයක් තමයි එහි පවතින්නේ.

2004 වර්ෂයේ විකිපිඩියා නිර්මාණය කරලා අවුරුදු 03ක් පිරුණු තැන එයට භාෂා 161කින් තොරතුරු එකතු කරන්නත් එහි නිර්මාතෘවරුන් කටයුතු කරනු ලබනවා. 2007 වර්ෂයේ දී ලෝකයේ බොහො දෙනෙකු පිවිසි වෙබ් අඩවි අතර විකිපීඩියා එකතු වෙනවා. මම මුලින් කිව්වා වගේ මෙහි ලිපි සංස්කරණය කරන්න හැකියාව දිලා තිබුනාට තවත් විශේෂිත කරුණු වලින් යුතු ලිපි සංස්කරණය කරන්න ඉඩ ලබා දීලා නෑ කියලාත් කියන්න ඕන. ඉතින් ඔයාලාටත් පුළුවන් විකිපීඩියාවේ රචකයෙක් වෙන්න. කරන්න තියෙන්නේ විකිපීඩියා වල සමාජිකත්වය ලබා ගැනිම පමණයි. අද වෙද්දි නම් සිංහල භාෂාව වෙනුවෙන් ම වෙන් වුනු විකීපීඩියා අඩවියක් ද තිබෙනවා. ඔබට යුනිකෝඩ් හැසිරිවිය හැකි නම් සරලවය බ්ලොග් අඩවියක් සංස්කරණය කිරීමට දැනුම තියෙනවා නම් ඔබට ලෝකයේ හෝ යම් විෂයක දැනුම තිබෙනවා ඔබට පුළුවන් විකිපීඩියා වල සංස්කාරකවරයෙකු හරි රචකයෙකු හරි වෙන්න.
ඉතින් කවුරු කොහොම ලොකු ලොකු කතා ලිව්වත්, කොයි තරම් විශේෂිත ව්‍යාපෘති කරත් විකීපිඩියාවේ සහය එක් මොහොතකට හරි ලබා ගන්නවා කියලාත් සදහන් කරන්න ඕන මොකද කියනවා නම් තත්පරයක දී විකිපීඩියාවේ මොන යම් හෝ 10 වතාවක් සංස්කරණය වෙන බව වාර්තා වෙනවා ලෝකය සෑම තැනකින් ම. ඉංග්‍රිසි විකිපීඩියා තුළ දැනට ඉංග්‍රිසි ලිපි 5,544,517 ඇති අතර දිනකට සමානයෙන් ලිපි 600ක් පමණ අලුතින් එකතු වෙන බවටද වාර්තා වී තියෙනවා. ඉතින් කවුරුහරි විකීපිඩියා තමන්ගේ දැනුම සදහා භාවිතා කරන්නේ නෑ කියනවා නම් එක නම් පුදුමයට කරුණක් කියලා කියන්න ඕන.
කරුණු අන්තර්ජාලය ඇසුරිණී.
සටහන : සංජේ රණවක
උපුටා ගැනීමකි