එල්සි රයිට් සහ ෆ්‍රාන්සස් ග්‍රිෆික් බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බ්‍රැඩ්ව්ඩ් නගරය අසලවු කොටිගේල් හී දැරියන් දෙදෙනෙකි. මේ සොහොයුරියන් දෙදෙනා 1917 වසරේදි දිනක කුඩා දොළපාරක් අයිනේ සෙල්ලම් කර සිටියහ. දෙදෙනා කුඩා පෙට්ටි කැමරාවකින් මාරුවෙන් මාරුවට දොළපාර අයිනේ තිබු මල් පඳුරු අසල සිට ඡායාරූප ගත්හ.
එල්සි සහ ෆ්‍රාන්සස් විසින් ගන්නා ලද ඡායාරූප සෝදා මුද්‍රණය කළ විට ඔවුන් දෙදෙනා අසල කුඩා සුරංගනාවියන් ඉගිලෙමින් සිටිනු දක්නට ලැබිණි.එම ඡායාරූප දුටු අය පුදුම වී ඔවුන් දෙදෙනාගෙන් විමසුවිට ඔවුන් කීවේ එවේලාවේ ලස්සන සුරංගනාවියන් තමන් වටේ නටමින් සිටි බවයි.
මෙම ඡායාරූපය පිළිබඳ ඒ කාලයේදි එංගලන්තය මහත් ආන්දෝලනයක් ඇතිවිය.ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ ද මේ පිළිබඳව සොයා බැලිම සඳහා යොක්ෂයර් ප්‍රාන්තයට පැමිණියහ . මේය අසත්‍යක් බව ඔප්පු කිරිම සඳහා බොහෝ දෙනෙක් උත්සාහ කල නමුත් කිසිවෙකුට එසේ කිරිමට නොහැකි විය. අවසානයේදි අති දක්ෂ ඡායාරූප ශිල්පින් පවා මේ ඡයාරූප පරික්ෂනයට ලක් කළහ. ඔවුන් කියා සිටියේ එම ඡායාරූප සත්‍ය ඡායාරූප බවයි. ප්‍රධාන පෙළේ දළ සේයාපට නිපදවන සමාගම්ද මේ ඡායාරූප සත්‍ය බව දිවුරා සිටියේය.
ලෝ ප්‍රකට රහස් පරික්ෂක චරිතය වූ ෂර්ලොක් හොම්ස් නිර්මාණය කළ සර් ආතර් කොනන් ඩොයිල් පවා මේ ඡයාරූප සත්‍ය බව පිළිගත්තේය. එල්සි සහ ග්‍රාන්සස්ට ඇත්ත වශයෙන්ම සුරංගනාවන් හමූවී ඇති බවක් මේ අනුව මුළු ලොවම පිළිගත්තේය.සර් ආතර් කොනන් ඩොයිල් “සුරංගනාවන්ගේ පැමිණිම ” නමින් පොතක් ද ලිව්වේය
මෙම සිදුවීම සිදුවි පුරා වසර 65 ගතවන තුරුම මේ පුවත වරින් වර ලෝකයේ සෑම රටකම වාගේ පුවත් පත් සඟරාවල පළවිය . එහෙත් 1983 වසරේදි වයස් ගත මිත්තණියන් දෙදෙනුකු වි සිටි ඔවුන් කියා සිටියේ තමන් ඒ වනතුරු ලොව රවටා සිටි බවයි. චිත්‍ර ඇඳිමට දක්ෂ එල්සි ඝණ කඩදාසි වල ඇඳ කපාගත් සුරංගනාවන් දොළපාරේ අයිනේ වූ ගස්වල එල්ලා තබා ඒ මැදට වී තමන් ඡායාරූප ගත් බවය. එක් එක් ඡයාරූපයෙදි සුරංගනාවන්ගේ තැන මාරු කොට තැබිමටත් ඔවුන් වගබලාගත් බවට කියා සිටියහ.
පුරා වසර 66 ලෝකය මුලාවට පත් කළ සුරංගනා කතාව එතැනින් අහවර විය .
උපුටා ගැනීමකි