ලෝකයේ විශාලතම ගුවන් යානය

වර්තමානයේ ගුවන් යානා සැපපහසු හා වේගවත් ප්‍රවාහන සේවයක් බවට පත්ව තිබේ. ඔබ දන්නවාද ලෝකයේ වැඩිම පිරිසක් ගමන් කල හැකි ගුවන් යානා වර්ෂයෙන් වර්ෂයට වෙනස් වුවද ලෝකයේ විශාලතම ගුවන් යානය බවට 1988 වසරේ සිට මේ දක්වා පත්වුයේ එකම ගුවන් යානයකි. ඒ ලොව වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ද ගෙන යා හැකි ලෝකයේ විශාලතම ගුවන් යානය බවට සැලකෙන “ඇන්ටනෝව් AN-225 Mriya” නම් ගුවන් යානයයි.

මෙහි මුල්ම ගුවන් යානය නිර්මාණය කර ඇත්තේ 1988 වසරේදීය. ඒ යුක්රේනයේ “antonov serial production” නිෂ්පාදනාගාරයේදීය. මෙම ගුවන් යානය නිර්මාණය කරන ලද්දේ සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගුවන් ගත කරන ෂටල සහිත රොකට්ටු වල ෂටල නැවත පෘථිවිය වෙත ගෙන ඒම සදහායි. මෙම ගුවන් යානා මාදිලි කිහිපයකින් නිර්මාණය කිරීමට සැලසුම් කලද සෝවියට් සංගමයේ පසුබෑම හා ෂටල වැඩසටහන කඩා වැටීමත් සමග මෙම යානා නිෂ්පාදනය නවතා දැමුණි.

මෙම ඇන්ටනෝව් AN-225 Maria ගුවන් යානයේ Maria යන්නෙහි යුක්රේන බසින් අරුත වන්නේ “සිහිනය” යන්නයි.

මේ වන විට මෙම ගුවන් යානය ලෝක වාර්තා 200කට වඩා ප්‍රමාණයක් තබා ඇත. උදාහරණයක් පැවසුවහොත් 2004 වසරේදී ටොන් 247ක් බර නළ මාර්ග යන්ත්‍රයක් උක්බෙකිස්ථානයට රැගෙන යමින් මෙම ගුවන් යානය වැඩිම බරක් ගෙන යා හැකි ගුවන් යානය ලෙස වාර්තාවක් පිහිටුවීය.

මෙම ගුවන් යානාව AN-124 ආකාරයට මෙය නිර්මාණය කර ඇති අතර මේ වන විට නිර්මාණය කර ඇති දිගින් වැඩිම ගුවන් යානය වේ.

මෙහි සාමාන්‍ය වේගය 500km/h වේ. 15,400ක දුරක් එක් වරකදී ගමන් කල හැකිය.

මෙම ගුවන් යානයේ දිග මීටර් 84කි.පියාපත් සමග පළල මීටර් 88.4කි. උස මීටර් 18.1 ක් වන අතර ඉන්ධන හා භාණ්ඩ රහිතව බර ටොන් 175කි. එම නිසා දිගින් වැඩිම හා බරින් වැඩිම ගුවන් යානය ලෙසද මෙය සැලකේ.

ඇන්ටනෝව් AN-225 Mriya ගුවන් යානයේ භාණ්ඩ ගෙනියන මැදිරියේ දිග මීටර් 43ක් වේ. පළල මීටර් 6.4ක් වන අතර උස මීටර් 4.4කි. මෙම භාණ්ඩ ගෙනියන මැදිරිය තුල මෝටර් රථ 50ක් ගාල් කර තැබිය හැකි බවද පැවසේ. එය අනෙක් ගුවන් යානාවලට වඩා ඉහල අගයකි.මෙහි ටර්බයින් එන්ජින් 6ක් පවතී.

මෙම ගුවන් යානයේ රෝද 32ක් ඇත. මෙම ගුවන් යානය ගමන් කර ඇති මුළු දුර ප්‍රමාණය පියාසර පැය 3740ක් වේ. ගමන් කර ඇති මුළු දුර කි.මී.1870000කි.

එසේම මෙම ගුවන් යානය යුධ හමුදාමය කටයුතු සදහාද යොදා ගෙන තිබුනද හමුදා ගුවන් යානා ගණයට මෙය අයත් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *