ලොව කැළඹු හමුදා අංශ

මේ දවස් වල ලෝකය දිහා බැලුවාම, ලෝකයේ රටවල් වැඩියෙන් ම බලාපොරොත්තු වෙන දෙයක් කියලා හිතෙනවා රටේ ආරක්ෂාව කියන දේ. න්‍යෂ්ටික අවි, ඩ්‍රෝන ප්‍රහාරක යානා, සාගරයේ ඇති ප්‍රබල යුධ නෞවකා, අධිවේගි යුධ ගුවන් යානා, සන්නද්ධ රථ වැනි දේවල් ගැන අද බොහො රටවල් අවධානය යොමු කරන්න පටන් අරන්. ඒත් මේ කිසිම දෙයකට කළ නොහැකි දේවල් තිබෙනව. ඇත්තටම කිව්වොත් මිනිසාගේ තියුනු මොළයෙන් කළ යුතු වන මෙහෙයුම්. හරියටම රහසිගත මෙහෙයුම් කිසිවෙකුටත් නොදැනි සතුරාගේ ප්‍රධාන කදවුරු වලට පහර දී සතුරා සම්පුර්ණයෙන් ම විනාශ කොට නැවත ආ හැකි තරමේ එවා. ඉතින් ලෝකයේ සෑම රටක්ම ඒ ගැන අවධානය පසුවෙනවා. ඒ නිසා තමයි පාබල,ගුවන් හා නාවික කියන හමුදා 3 ඇරුනාම ඉතා සුවිශේෂි පුහුණවක් යටතේ පුහුණ කළ හමුදා අංශයන් නිර්මාණය කරනු ලබන්නේ.

ඉතින් මේ ලිපියෙන් උත්සහ කරන්නේ එවන් හමුදා අංශ කිහිපයක් ඔබට හදුන්වා දීමටයි.

සමහර විට ඔබ දන්නවාත් ඇති, නොදන්නවාත් ඇති කොහොම වුනත් මේ කතා කරන්න යන්නේ ලෝකයේ බිහි සුපිරිතම හමුදා අංශ ගැන. මේ අතර අපේ රට නැති වුනත් අපේ රටේ කොමාන්ඩෝ හා SF කියන හමුදා අංශ මෙවන් ප්‍රබල හමුදා අංශයන් බව නම් කියන්න ඕන. මේ ඒ ගැන කෙටි විමසීමකි.

10. GIGN – ප්‍රංශය

ප්‍රංශය සතුව ඇති විශේෂ හමුදා අංශය හදුන්වනු ලබන්නේ GIGN නමින්. National Gendarmerie Intervention Group යන දිර්ඝ නාමයෙන් ද GIGN යන කෙටි නමින් ද හදුන්වනු ලබන මේ විශේෂ කාර්ය හමුදාව මේ වෙන විට සමාජිකයන් 400 දෙනෙකුගෙන් යුක්ත වේ. මේ හමුදා අංශය බිහි වීමට ප්‍රධානතම හේතුව ලෙස 1972 දී මියුනිච් ඔලිම්පික් උළෙලට එල්ල වූ ප්‍රහාර සදහන් කළ හැකිය. මොවුන් විශේෂයෙන්ම සතුරා යටත් කරගෙන ඇති ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමටම පුහුණ කර ඇති අතර ගුවන් යානා පැහැර ගැනිම් වලදී පවා ඉතා කාර්යක්ෂම ලෙස එවා ගලවා ගැනීමේ හැකියාව ඔවුන් සතුව ඇත.

09. SSG- පාකිස්ථානය

දකුණු ආසියානු කලාපයේ මේ වන විට පවතින ප්‍රබලම විශේෂ කාර්ය හමුදා කණ්ඩය ලෙස හදුන්වනු ලබයි. වර්ෂ 1956 දී පාකිස්ථාන හමුදා අංශ වලින් තෝරා ගත් පිරිසක් මගින් Special Services Group යන දිර්ඝ නාමයෙන් ද SSG යන කෙටිනමින්ද හදුන්වනු ලබන මේ හමුදා කණ්ඩය නිර්මාණය කරන ලදී. මෙම හමුදා කණ්ඩය මහ බ්‍රිතාන්‍ය SAS හා US special-forces හි විශේෂ පුහුණවක් යටතේ නිර්මාණය වූ අතර. එහි පිරිස් ගැන තොරතුර සම්පුර්ණයෙන් ම රහසිගතව පවතී. මේ සදහා තෝරා ගනු ලබන පුහුණුව මාස 09ක් දක්වා ඇදී යන අතර එය අධික සීතල, අධික උණුසුම්, ජලය යට පුහුණු වීම් වලින්ද යුතු අතර ප්‍රබල වාචිකමය පුහුණවකින්ද යුක්ත වේ. බොහො පිරිස් මෙයට සහභාගී වූවද අවසානයේ ඉතිරිවන්නේ 1-4ක් අතර ප්‍රමාණයකි. මොවුන්ද ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට හා සතුරාගේ කදවුරු විනාස කර දැමීම සදහාද ගලවා ගැනිමේ හා ආරක්ෂක ක්‍රියාවලි සදහා යොදා ගනී.

08. Sayeret Matkal- ඊශ්‍රායලය

ඉතා දුෂ්කර ශාරිරික අභ්‍යාස වලින් ද මානසික අභ්‍යාස වලින් ද පසුව Sayeret Matkal සදහා තෝරා ගනු ලබයි. වර්ෂ 1957 දී ආරම්භ කරන ලද මේ අංශය ඇතුල් වීම සදහා මාස 18ක පුහුණවකට ලක්විය යුතුය. ත්‍රස්ථ ඉලක්ක විනාස කිරීමටත් ගලවා ගැනීමේ මෙහෙයුම් වලටත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ මෙහෙයුම් සදහාත් මොවුන් යොදා ගනී. ලෝකයේ වේගවත්ම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමට ඇති ගෞරවයට හිමිකම් කියන්නේ මේ අංශයයි.

07.EKO-Cobra- ඕස්ට්‍රියාව

මෙම හමුදා අංශය ආරම්භ වීමට හේතුව ලෙසත් 1972 දී පැවැති ඔලිම්පික් උළෙලට එල්ල වූ ප්‍රහාරය සදහන් කළ හැකිය. මෙහි දිර්ඝ නාමය වන්නේ Einsatzkommando Cobra ප්‍රතිත්‍රස්ථ ප්‍රහාරය සදහාම නිර්මාණය කළ හැකි අතර මෙහි නිලධාරීන් ට විශාල භාෂා ප්‍රමාණයක් කතා කිරීමටද පුහුණව ලබා දේ. සමාජිකයන් 450කගෙන් ආරම්භ කරන ලදී. ගුවන් යානා පැහැර ගැනීම් වලදි ඉතා ආරක්ෂිතව එවා ගලවා ගැනිමටත් ත්‍රස්ථ ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම් සදහාත්, ගලවා ගැනිමේ මෙහෙයුම් සදහා මෙම අංශය තම දායකත්වය ලබා දේ.

06.Delta Force- එක්සත් ජනපද ඇමෙරිකාව

මුලිකවම නිර්මාණය කර ඇත්තේ ප්‍රාණඇපකරුවන් මුදවා ගැනිමේ කටයුතු සදහායි. මෙහි සම්පුර්ණ නාමය වන්නේ 1st Special Forces Operational Detachment-Delta ය. ත්‍රස්ථ ප්‍රහාර දැඩිව පවතින ප්‍රදේශ වල සිටින ප්‍රාණඇපකරුවන් මුදාව ගැනීම සදහා අති සුවිශේෂි පුහුණවක් මේ හමුදාවන්ට ලබා දී ඇත. මේ සදහා මානසික පීඩනය දාරා ගැනීම උපරිමයෙන් බලන අතර, දුෂ්කර වු ශාරිරික පුහුණු විම් වලින්ද යුතුය.

05. JTF2- කැනඩාව

1993 දී ආරම්භ කරන ලදී. 2001 දී කැනඩාවට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරය හමුවේ මෙම අංශය දැක්වූ නිර්භිත භාවය හමුවේ මෙය බලාත්කමක කරන ලදී. Joint Task Force 2 යන නාමයෙන් හදුන්වන ලබන මෙම හමුදා අංශය ත්‍රස්ථ ක්‍රියාහමුවේ ක්‍රියාත්මක වී ප්‍රදේශයේ ආරක්ෂව තහවුරු කිරීමත් ත්‍රස්ථයන් විනාශ කිරීමටත්, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම සදහාත් පුහුණ කරන ලදී. සමාජිකයන් 100කගෙන් ආරම්භ කරන ලදී. මොවුන් බොහො සෙයින් ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා ගනී.

04. Alpha Group- රුසියාව

එතෙක් මෙතෙක් බිහි වූ කෲරතම හමුදා කාණ්ඩය ලෙස හදුවනු ලබයි. මොවුන්ගේ ප්‍රධානතම හැකියාවන නම් සතුරාව සහමුලින්ම උපුටා දැමීමේ හැකියාවයි. ප්‍රබල මානසික හැකියාවලින්ද, ශාරිරික හැකියාවලින්ද යුතු මොවුන් සතුරා හෝ ප්‍රාණඇපකරුවා යන කිසිවෙකු ගැන අවධානයක් යොමු නොකර අතර විනාශ කිරීමට අණ ලබා දුන් පසු සියලු දේම විනාශ කර දමයි. 1970 දි කාබුල් වල පිහිට ජනාධිපති මන්දිරයට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ එය ගලවා ගැනීමට මොවුන් යොදවා ගනී. නමුත් එතන දී මොවුන්ගේ දැඩි ක්‍රියාකාලපය හේතුවෙන් එහි සිටි සියලු දෙනාමවම ඝාතනය කලේය. මොවුන් බොහො සෙයින් තමන්ගේ මෙහෙයුම් වලදී ප්‍රාණඇපකරුවන් බොහො ප්‍රමාණයක් ද ඝාතනය කර ඇති බව වාර්තා වේ.

03. Shayetet 13 – ඊශ්‍රාලය

මාස 20ක් පුරාම අදුරු සීතල ප්‍රදේශ වල දැඩි ශාරිරික අභ්‍යාස වල නිරත වෙමින් මෙම අංශයට ඇතුල් විම සදහා පුහුණ විය යුතුය. මෙම පුහුණව නිමා කර ඇත්තේ සාමජිකයන් 13ක් පමණ වීම තවත් සුවිශේෂි කරුණකි. 1972 දී මියුනිච් ප්‍රහාරය හමුවේ ඊශ්‍රාල ඔලිම්පික් ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීමට මොවුන් කටයුතු කලේය. ත්‍රස්ථ ඉලක්ක විනාස කිරීමට හා ප්‍රාණඇපකරුවන් ගලවා ගැනීම සදහා මොවුන් ව විශේෂයෙන් ම පුහුණ කර තිබේ.

02. Navy SEALs- එක්සත් ජනපද ඇමෙරිකාව

1962 දී ආරම්භ කරන ලදී. 2011 දී ලෝකයේ ප්‍රබලම ත්‍රස්ථ නාකයෙකු වු ලෝකයටම සොයා ගැනීමට නොහැකි වූ ඔසාමා බිල්ලාඩන් ඝාතනය කිරීමේ ගෞරවය මොවුන්ට හිමිවේ. ඉතා තදින් ම ශාරිරික අභ්‍යාස ලබා දෙන අතර ශාරීරික ලක්ෂණ වලින් ඉහළ පිරිස් පමණක් බදවා ගනී. මෙහෙදි සමාන්‍ය පුහුණවක් ලබා දෙන අතර එහදී කිසිදු සීමාවක් නැත, ඔබ එයට ඇතුල් වුවහොත් ඔවුන් ඔබට පුෂ්අප් ගහන්න කිව්වොත් ඔවුන් එය ඇති කියන තුරු එය කල යුතුය, සමහර විට එය දිනකට වඩා වැඩිවිය හැකිය. මොවුන්ව පුහුණු කර ඇත්තේ සතුරාට කිසිවක් නොදැනී තමන්ගේ ඉලක්කය හබා ගොස් විනාස කර දැමීම සදහාය. මොවුන් බොහො විට යොදවා ගනු ලබන්නේ අතිශයෙන්ම දුෂ්කර අවස්ථා සදහා පමණයි. මෙම අංශය ගැන තොරතුරු බෙහොසෙයින් රහසිගත ඒවාය.

01. SAS- මහ බිත්‍රාන්‍ය

Special Air Service යන නාමයෙන් හදුන්වනු ලබන මේ අංශය ආරම්භය සිදුවුයේ 1941 දෙවන ලෝක යුධ සමයේ දීය. ඒ ජර්මානු හා ඉතාලි සිමාව අසල යුද වදින හමුදා අංශයන් වලට සහය දීමක් වශයෙනි. අනිත් සියලු අංශ වල සිටින හමුදා භටයන්ට වඩා ඉති අසීරු පුහුණ විම හා අභියෝග රැසක් ජය ගැනිමෙන් පසුව මේ සදහා ඇතුල් විමට අවසර ලැබෙයි. මොවුන් යුධමය කටයුතු සදහා පමණක නොව MI5 හා MI6 යටතේ රහසිගත තොරුතුරු අනාවරණය කර ගැනීම, ඔත්තු බැලිම, රහස්‍ය තොරුතුරු පැහැදිලි කිරීම හා හදුනා ගැනීමට විශේෂිත වූ පුහුණවක් ලබා දෙනු ලබයි. මේ නිසාම මෙය ලෝකයේ අනිකුත් සියලු අංශයන්ට වඩා සුවිශේෂි වේ. මෙහි සිටින සමාජිකයන් කවුද යන්න පවා කිසිවෙකු දන්නේ නැත.

මේ ලිපියෙන් ගොඩාක් කෙටියෙන් කිව්වේ මේ තොරතුරු ගැන. ඉතින් මේ ලිපියෙන් ඔයාලාගේ දැනුමට පුංචි දෙයක් හරි ගන්න ඇති කියලා හිතනවා. මේ හමුදා ගැන බොහො තොරතුරු ඉතා රහසිගත ඒවාය. ඒ නිසා ඒ ගැන නිවැරදි තොරතුරු අන්තර්ජාලයෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් කියන්න ඕන.

මුලාශ්‍ර-therichest.com

සටහන : දිලීප සංජය රණවක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *