කාෂ්ඨක අව්ව සුළං රැලි හා මුසුව හමා යන්නේ, ගත දවන උණුසුම් සුළඟක් ලෙසට ය. එනමුදු, අපි ඒ සුළං රැලි කපාගෙන, මහ ලේවාය පහුකරමින්, හම්බන්තොට සිට තිස්‌සමහාරාම පාරේ ඉදිරියට ගමන් ගතිමු. ඒ, උඩමලල ප්‍රදේශය සොයාගෙන ය. ඒ, මහනුවර යුගයේ රජකම් කළ රාජාධිරාජසිංහ (1781-1798) රජතුමාගේ රාජ සභාවේ කවටයා විදිහටත්, ඔහුගේ අධිකාරම්වරයකු හැටියටත් සේවය කළ අපූර්ව කවියකු ලෙස […]