අපූරු මළ මුහුද

මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි.

කතා රැසක් ඇති උස්සන්ගොඩ

උස්සන්ගොඩ යනු, දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි අතිශයින් ම වැදගත් පරිසර පද්ධතියකට උරුමහරුමකම් කියන පෙදෙසකි. කොළඹ – වැල්වාය මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටි මේ ස්ථානය වැදගත් වන්නේ, ශුෂ්ක පරිසරයක පිහිටා ඇති පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයක් වන නිසාවෙනි. ජනප්‍රවාද සහ විවිධ විශ්වාසවලින් ගහණ පෙදෙසක් ලෙස ද මේ ස්ථානය මිනිසුන් අතර ප්‍රකටව ඇත. එසේ ම, මෙතෙක් ඔබ නොදුටු රත් පැහැ පාෂාණ විශේෂයක් පැතිර පැවතීම ද, මේ ස්ථානය තුළ ඇති විශේෂත්වයකි. Read more about කතා රැසක් ඇති උස්සන්ගොඩ

ජපානය ඉදිකරන්නට යන ලෝකයේ උසම ගොඩනැගිල්ල

මේ වනවිට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායිහි පිහිටා ඇති ‘බර්ජ් ඛලීෆා’ ගොඩනැගිල්ලයි. එය ඉදිකර අවසන් කෙරුණේ 2009 වසරේය.තට්ටු 163 කින් සමන්විත බර්ජ් ඛලීෆා කුලුනු ගොඩනැගිල්ල අඩි 2,716ක් උසය. නමුත් මේ වනවිට ඩුබායිහි බර්ජ් ඛලීෆා විසින් තබනු ලැබ ඇති මෙම ලෝක වාර්තාව බිඳ දමන්නට දැන් තවත් රටක් සූදානම් වෙමින් සිටියි. ඒ ජපානයයි. ජපානය ඉදිකරන්නට යන […]

ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස්

1400-1500 කාලය වන විට යුරෝපය තුළ බොහෝ දාර්ශනිකයන් මෙන්ම ගණිතඥයන්ද බිහිව තිබිණි. ඔවුන් විසින් ලෝකය පිළිබද නොයෙකුත් අදහස් හා මතවාද ඉදිරිපත් කළහ. ඒ වන විට යුරෝපීයෝ ආසියාවට පිවිසීමට නොහැකිව එක් අතකට අතරමං වී සිටි බව කිවහොත් වරදක් නැත. මේ නිසාම ඔවුන් ආසියාවට පිවිසීමට හා නව යටත් විජිත සොයා යෑමට පුරුදුව සිටියහ. මෙකල ලෝකය පිළිබදව දාර්ශනිකයන් විවිධ මත පළ කළ නිසාම සාගරය තරණය කොට මේ ලෝකයේ ඇත්ත කුමක්ද සෙවීමට මිනිසුන් යොමු කළා කිවහොත් නිවැරදිය. මේ සදහා රාජ්‍ය අනුග්‍රහය පවා හිමිවූ අතර, එහිදී පෘතුගාලය හා ස්පාඤ්ඤය යන රටවල් පෙරමුණ ගත්හ.

Read more about ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස්