තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් සතුවූ මායා ශිෂ්ටාචාරය
මධ්‍යම ඇමෙරිකාවේ මායා ශිෂ්ටාචාරය ඇරඹුණේ මීට වසර 2000 පෙරයි. මායා ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන්නේ කි‍්‍ර.ව. 300-900 ත් අතර කාලයයි. මායාවරු සංකීර්ණ ජන කොට්ඨාශයකි. තාරකා විද්‍යාව ගැන හසළ දැනුමක් ඔවුන් සතුවිය. ඔවුහු දක්ෂ ගණිතඥයින් වූහ. ලේඛන කලාව ද ඔවුන් විසින් ප‍්‍රගුණ කර තිබුණි. මායාවරු පැලෙන්ක් සහ ටිකාල් වැනි මහා නගර ඉදි කළහ. මේ නගරවල නටබුන් හා ඒවායේ ඉදිකළ දැවැන්ත දේවාල අද පවා දකින්න ලැබේ. මායාවරුන් මධ්‍යම ඇමෙරිකාවට අයත් ප‍්‍රදේශවල විසූ ජනයා සමඟ වෙළඳ ගනුදෙනු පවා කර ඇති බව සඳහන්ය. දෙවි දේවතාවුන් ගණනාවකටම පුද පූජා කරන්නට ඔවුහූ එකල පෙලඹී සිටියහ. ඔවුන් ඒ ආගමික වත් පිළිවෙත් සිදු කළේ ඔවුන්ගේ දින දර්ශනයට අනුවය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය වසර 700 කට වඩා කාලයක් පැවතිණි. ඔවුන්ගේ සංස්කෘතිය පරිහානියට ලක්වුණේ ස්පාඤ්ඤවරුන්ගේ පැමිණීමත් සමඟය. ඒ කි‍්‍ර.ව. 1500 මුල් කාගයේදීය.