ලොව කැළඹු හමුදා අංශ

මේ දවස් වල ලෝකය දිහා බැලුවාම, ලෝකයේ රටවල් වැඩියෙන් ම බලාපොරොත්තු වෙන දෙයක් කියලා හිතෙනවා රටේ ආරක්ෂාව කියන දේ. න්‍යෂ්ටික අවි, ඩ්‍රෝන ප්‍රහාරක යානා, සාගරයේ ඇති ප්‍රබල යුධ නෞවකා, අධිවේගි යුධ ගුවන් යානා, සන්නද්ධ රථ වැනි දේවල් ගැන අද බොහො රටවල් අවධානය යොමු කරන්න පටන් අරන්. ඒත් මේ කිසිම දෙයකට කළ නොහැකි දේවල් තිබෙනව. ඇත්තටම කිව්වොත් මිනිසාගේ තියුනු මොළයෙන් කළ යුතු වන මෙහෙයුම්. හරියටම රහසිගත මෙහෙයුම් කිසිවෙකුටත් නොදැනි සතුරාගේ ප්‍රධාන කදවුරු වලට පහර දී සතුරා සම්පුර්ණයෙන් ම විනාශ කොට නැවත ආ හැකි තරමේ එවා. ඉතින් ලෝකයේ සෑම රටක්ම ඒ ගැන අවධානය පසුවෙනවා. ඒ නිසා තමයි පාබල,ගුවන් හා නාවික කියන හමුදා 3 ඇරුනාම ඉතා සුවිශේෂි පුහුණවක් යටතේ පුහුණ කළ හමුදා අංශයන් නිර්මාණය කරනු ලබන්නේ.

ඉතින් මේ ලිපියෙන් උත්සහ කරන්නේ එවන් හමුදා අංශ කිහිපයක් ඔබට හදුන්වා දීමටයි.

දෙවැනි ලෝක යුද සමයේ නාසි ජෙනරාල්වරයා පැහැරගැනීම

දෙවැනි ලෝක යුද සමයේ නාසි ජෙනරාල්වරයා පැහැරගැනීම

දෙවැනි ලෝක යුද සමයේ නාසින් ලෝකයේ ප්‍රබල පාලකයන් බවට පත්වී සිටියහ. රටවල් එකින් එක ඔවුන්ගේ පාලනයට නතු වෙමින් පැවතිණි. එහෙත් නිර්භීත බ්‍රිතාන්‍ය මේජර්වරුන් දෙදෙනෙක් ක්‍රීපි නමැති නාසි ජෙනරාල්වරයකු පැහැර ගැනීමට සමත් වූහ.පැහැරගැනීම පහසු කාර්යයක් නොවීය. බ්‍රිතාන්‍ය නිලධාරීන් දෙදෙනා තම දිවි පරදුරුවට තබමින් ජෙනරාල්වරයා පැහැර ගැනීමේ සැලසුම සකස් කරමින් සිටියහ.

ඉහළ අහසේ වික්‍රමාන්විතය

ඉහළ අහසේ වික්‍රමාන්විතය

මුළු සුමාත්‍රාවම ගිනි ගත් සෙයකි. ඉන්දුනීසියාවේ දූපතක එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා වූ භූමි භාගය මෙලෙසින් ගිනි තබන්නේ ගොවියන් විසිනි. ඒ වගා කිරීමට අවැසි භූමිය සකසා ගනු පිණිසය. යානය හදිසි ගොඩ බැස්සවීමකට තදබල වුවමනාවක් ඇති වී තිබුණද අඩි 2000ක් ඉහළදී අපට දැකගත හැකි වූයේ දුම්රොටු පමණි. විකර්ස් විමි ගුවන් යානය ක්‍රමයෙන් පහත බසිමින් තිබිණි. “මේ ඩේ, මේ ඩේ, මේ විමි යානයෙන්…. අපේ යානයේ යාන්ත්‍රික දෝෂයක්,” උප නියමු ලැන්ග් කිඩ්බි ගුවන් විදුලි යන්ත්‍රයෙන් පාලන මැදිරිය ඇමතීය. “අපි හදිසි ගොඩබැස්සවීමකට සූදානම් වෙනවා.” අඩි 11 ක් දිග ස්ටාර්ඩෝඩ් අවරෝධකයේ භ්‍රමණය අවසානයකට පැමිණෙමින් තිබිණි. එක් එන්ජිමක් සහිත තටු යුගල දෙකේ යානයේ දෝෂයට එරෙහිව කිරීමට තරම් දෙයක් මට ඉතිරිව තිබුණේ නැත.

ලොව භයානකම ජෛව අවි 10

අඩවියෙන්, අද අපි ඔබට කියන්න යන්නේ ලොව තිබෙන භයානකම දෙයක් පිළිබඳවයි. ඒ, මිනිසා විසින් නිර්මිත හා ස්වභාව දහමින් ලත් භයානකම ජෛව අවි 10 පිළිබඳවයි.

යුධ ශිල්පයේ කෙළ පැමිණි ඇස්ටෙක්වරු

යුධ ශිල්පයේ කෙළ පැමිණි ඇස්ටෙක්වරු

1519 දී ස්පාඤ්ඤ දේශ ගවේෂක හර්නාන් කෝටේස් (1485-1547) සහ ස්පාඤ්ඤ හමුදා මෙක්සිකෝ නිම්නය ආක‍්‍රමණය කරද්දී එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රයක් එම ප‍්‍රදේශයේ විශාල අධිරාජ්‍යයක් පිහිටුවා ගෙන සිටියහ. මේ රතු ඉන්දියානුවෝ දඩයම් යුගය අත්හැර නාගරීක ශිෂ්ටාචාරයකට හැඩ ගැසුණු පිරිසක් වූහ. එසේ ම යුද්ධයට අති දක්ෂයෝ වූහ. ඔවුන් විශ්වාස කළේ ඔවුන් ඇදහූ දෙවිවරුන් ලේ පිපාසියෙන් පිරුණු අය ලෙසයි. ඒ නිසා බිලි පූජාවලින් ඒ දෙවිවරුන් පිදූහ. ස්පාඤ්ඤ හමුදා පැමිණෙන විට මෙම ගෝත‍්‍රිකයෝ ඔවුන්ට පක්ෂපාතී අනෙකුත් ගෝත‍්‍රික ජන කොටස් හා එක්ව මිලියන 25 කට වැඩි මහා ජනකායක් පාලනය කරමින් සිටියහ. ඔවුන්ව හැඳින්වෙන්නේ ‘ඇස්ටෙක්’ යන නමිනි. මේ ඔවුන්ගේ කතාවයි.

සබ්මැරීනයට අභියෝගයක්

නාවික හමුදාවේ හෙල්කැට් ප්‍රහාරක යානා යූඑස්එස් හෝනට් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ තට්ටුව මත ගිගුම් දෙමින් තිබිණි. බටහිර පැසිපික්හි ගුවාම්, සායිපෑන් සහ ටිනියැන් දූපත්වලට පූර්ව ආක්‍රමණ ප්‍රහාර එල්ලකිරීම ඔවුන්ගේ මෙහෙයුම විය. ඒ 1944 වසරේ ජුනි 13 වැනිදාය. ගුවාම්වලට ළඟා වෙමින් සිටි ඩොනල්ඩ් සී.බ්‍රැන්ඩ්ට් තම ඔරලෝසුව දෙස බැලුවේය. එහි පෙරවරු 9.13 සටහන් වී තිබිණි. ඔහු අංක 13 […]