ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
Tag: සංචාරක
දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානය – I
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට පිවිසෙන්න තියෙන එක් ස්ථානයක් වෙන කුරුණෑගල හන්දියේ ඉදන් ශ්‍රී මහා බෝධිය අසළට වැටිලා තියෙන මිහිඳු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරද්දී මාර්ගයේ වම් පැත්තේ පිහිටලා තියන විශාල ගඩොල්වලින් කරලා තියෙන නිර්මාණයක් සමහර විට දැකලා ඇති. මේ ගරා වැටුණු ස්ථූපය තමා දක්ඛිණ ථූපය විදිහට හඳුන්වන්නේ.
අපූරු මළ මුහුද
මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර පිහිටි මළ මුහුදයි.
Nazca රේඛාවල අභිරහස
මීට වසර 1500-2000 පමණ පෙර Nazca ජනතාව ගේ නිජබිම වූයේ මෙම වියළි තැනිතලා ප්‍රදේශයයි. නැස්කා ජනතාව ගැන අද වන විට බොහෝ දෙනෙක් දැන ගන්නේ Ingenio සිට නැස්කා ගංගා නිම්නය අතර වූ කාන්තාර භූමිය පුරා විහිදෙන නැස්කා රේඛා නිසාවෙනි. මෙම රේඛා ඇද ඇත්තේ අක්කර ගණනක් වූ මේ වියළි භූමියේ මතුපිට රළු පස ඉවත් කරමින් යටින් පවතින වඩාත් පැහැයෙන් අඩු පස නිරාවරණය කරමිනි. වෙනත් දේශගුණික තත්වයක් යටතේ නම් මෙම රේඛා මාස කීපයකින් මැකී යා හැකි වුවත් පෘථිවිය මත පිහිටි වඩාත්ම වියළි සුළං රහිත කලාපයන්ගෙන් එකක් වන මෙම පේරු කාන්තාරවල ඇදි බැවින් ඒවා තවමත් හොදින් සංරක්ෂණය වී ඇත.
කතා රැසක් ඇති උස්සන්ගොඩ
උස්සන්ගොඩ යනු, දකුණු පළාතේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි අතිශයින් ම වැදගත් පරිසර පද්ධතියකට උරුමහරුමකම් කියන පෙදෙසකි. කොළඹ – වැල්වාය මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටි මේ ස්ථානය වැදගත් වන්නේ, ශුෂ්ක පරිසරයක පිහිටා ඇති පුරා විද්‍යාත්මක උරුමයක් බවට පත්ව ඇති ස්ථානයක් වන නිසාවෙනි. ජනප්‍රවාද සහ විවිධ විශ්වාසවලින් ගහණ පෙදෙසක් ලෙස ද මේ ස්ථානය මිනිසුන් අතර ප්‍රකටව ඇත. එසේ ම, මෙතෙක් ඔබ නොදුටු රත් පැහැ පාෂාණ විශේෂයක් පැතිර පැවතීම ද, මේ ස්ථානය තුළ ඇති විශේෂත්වයකි. Read more about කතා රැසක් ඇති උස්සන්ගොඩ …
ජපානය ඉදිකරන්නට යන ලෝකයේ උසම ගොඩනැගිල්ල
මේ වනවිට ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ඩුබායිහි පිහිටා ඇති ‘බර්ජ් ඛලීෆා’ ගොඩනැගිල්ලයි. එය ඉදිකර අවසන් කෙරුණේ 2009 වසරේය.තට්ටු 163 කින් සමන්විත බර්ජ් ඛලීෆා කුලුනු ගොඩනැගිල්ල අඩි 2,716ක් උසය. නමුත් මේ වනවිට ඩුබායිහි බර්ජ් ඛලීෆා විසින් තබනු ලැබ ඇති මෙම ලෝක වාර්තාව බිඳ දමන්නට දැන් තවත් රටක් සූදානම් වෙමින් සිටියි. ඒ ජපානයයි. ජපානය ඉදිකරන්නට යන […]
ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස්
1400-1500 කාලය වන විට යුරෝපය තුළ බොහෝ දාර්ශනිකයන් මෙන්ම ගණිතඥයන්ද බිහිව තිබිණි. ඔවුන් විසින් ලෝකය පිළිබද නොයෙකුත් අදහස් හා මතවාද ඉදිරිපත් කළහ. ඒ වන විට යුරෝපීයෝ ආසියාවට පිවිසීමට නොහැකිව එක් අතකට අතරමං වී සිටි බව කිවහොත් වරදක් නැත. මේ නිසාම ඔවුන් ආසියාවට පිවිසීමට හා නව යටත් විජිත සොයා යෑමට පුරුදුව සිටියහ. මෙකල ලෝකය පිළිබදව දාර්ශනිකයන් විවිධ මත පළ කළ නිසාම සාගරය තරණය කොට මේ ලෝකයේ ඇත්ත කුමක්ද සෙවීමට මිනිසුන් යොමු කළා කිවහොත් නිවැරදිය. මේ සදහා රාජ්‍ය අනුග්‍රහය පවා හිමිවූ අතර, එහිදී පෘතුගාලය හා ස්පාඤ්ඤය යන රටවල් පෙරමුණ ගත්හ.
Read more about ඇමරිකාව ලෝකයට විවර කළ ක්‍රිස්ටෝපර් කොළම්බස් …